පාඨක අදහස්

මෙම කොටසින් ඔබට ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කළ හැකි ය. ඔබ මෙහිදී ඉදිරිපත් කරනු ලබන අදහස හෝ විවේචනය මෙම බ්ලොගයේ කුමන කොටසක් හෝ මෙහි සඳහන් කුමන පුද්ගලයෙකු සම්බන්ධව සිදු කරන්නේ දැයි පැහැදිලිය සඳහන් කරන ලෙස කාරුණික ඉල්ලා සිටින අතර පදනම් විරහිත තර්ක හා චෝදනා ප්‍රසිද්ධ නොකරන බව දැනුම් දෙන්නෙමු. ඔබගේ අදහස් ප්‍රසිද්ධ කිරීමට අපහට යම් කාලයක් අවශ්‍ය වන බැවින් ඒ පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

සැ.යු. මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ඔවුන්ට ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.

සැ.යු.
ඔබ ඉදිරිපත් කරනු ලබන අදහස් හැකි තරම් ප්‍රබුද්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන්න.

283 comments:

«Oldest   ‹Older   1 – 200 of 283   Newer›   Newest»
Kanchana said...

It's good ideal of doing a blog like this. Ppl can understand the real situation of our traditional fighting art. Keep it up...

Anonymous said...

Hi, I am very much interested in this art but sad to say so far i couldn't find a true Guru of the art. Is there any way to find a Guru? If he is not willing to accept me as a student at least to talk to him......

Anonymous said...

blogger had mentioned so many names under Angam-horu.. but its useless we want to know a real place to learn.. if the blogger did any factual survey sure would have found at least one genuine "Guru" (coz this is Sri Lanka and there should be at least one)so please let us know of any! thanks

Wickramasuriya said...

මා කොරතොට අජන්ත ගුරුන්නාසේ‍ගේ දීර්ඝ කාලීනව ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. ඔබගේ මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණක් ගැන අපගේ විරෝධතාවයක් තිබෙනවා. එනම් අප ගුරුතුමන් අංගම් හොරෙකු ලෙස ප්‍රකාශ කිරීමයි. අනෙකුත් කරුණු ගැන ලොකු විරෝධතාවයක් නැහැ.

ඔබ එතුමාට විරුද්ධව දක්වන කරුණු දෙකක් තිබෙනවා. ඒවා සහ ඒවාට පිළිතුරු පහත සඳහන් කරමු. මෙය ඔබ ප්‍රසිද්ධ කළ ද නොකළද ඔබගේ මෙම සමීක්ෂණයට එය පිටුවහලක් වේ යයි සිතමු.

1. තරුණයෙක් වීම හා එනයින් එතුමාට මෙම ශ්‍රාස්ත්‍රය හැදෑරීමට තරම් වයක් නොවීම.
අජන්ත ගුරුන්නා‍න්සේ මෙම ශාස්ත්‍රය එතුමාට අවුරුදු 6දී පමණ එතුමාගේ සීයාගෙන් ඉගෙන ගෙන මේතාක් ප්‍රගුණ කර ඇති අයෙකි. එනම් දැනට අවුරුදු 20කට අධික කාලයක් මෙම ශාස්ත්‍රය එතුමා හදාරා ඇත.එනිසා තරුණයෙක් වීම ප්‍රශ්නයක් නොවේ යයි සිතමි. ඔබ එතුමා සමඟ විනාඩි පහක් කතා ‍කළහොත් එතුමාගේ දැනුම හා මෙම ශාස්ත්‍රය පිළිබඳව ඇති පරිණතභාවය තේරුම් ගනු ඇත.

2. මහන්තාරච්චි වාසගම තිබීම හා කොරතොටආරච්චි පරම්පරාවෙන් පැවත එන්නෙකු ලෙස ප්‍රකාශ කිරීම.
ඔබ මෙහිදී වරදවා තේරුම් ගෙන ඇත්තේ ලංකාවේ කොරතොට ආරච්චි යයි වාසගමක් තිබුණා යන්නයි. කොරතොට ආරච්චිවරු යනු ආරච්චිවරුන් 18කින් සමන්විත පරම්පරාවක් වන අතර මහන්තාරච්චි යනු ප්‍රධාන ආරච්චි යන්නයි. එනම් කොරතොට ආරච්චිවරුන්ගෙන් ප්‍රධානියා මහන්තාරච්චිය. කොරතොට ආරච්චිවරු සම්බන්ධයෙන් රාජාවලියේ ද සඳහන්ව ඇත. ඒ පිළිබඳව තොරතොරු අවශ්‍ය නම් මම එතුමා වෙනුවෙන් කරන ‍‍facebook එකට ගොස් මාහට ඒ බව දැනුම් දෙන්න.

http://www.facebook.com/profile.php?id=100001642993059&v=info

ස්තුතියි.

Anonymous said...

dan ethakota rajakaale yudda kare radhala param para wala aya witharada? anith pahath kula wala aya satan kare nadda? radhalayo thama suddanta ape rata paawala dunne warapprasaada walata...

Kusal said...

Good concept for a community blog. I like this. I also doesn't believe most of like Nugegoda angampora people do real angampora.

අනුරාධ said...

නමක් නැති ඉහත රදලයින් හා අංගම්පොර අතර ඇති සම්බන්ධතාව පිළිබඳව කර ඇති සඳහනට පිළිතුරක් ලියන්න හිතුණා. එහි ඇති මා දකින බරපතල අනවබෝධය නම් අංගම්පොර යනු යුද්ධයට පමණක් භාවිතා කළ එකක් යන අදහසයි. මා දන්නා පරිදි ඒ "හේවා අංගම්" නැමති කොටස පමණි. අංගම් ශාස්ත්‍රයට පුළුල් අංග ගණනාවක් ඇත. ලිඛිත ඉතිහාසයට අනුව එකඟ විය හැක්කේ එම සියලුම අංග දැන සිටියේ රදළයින් පමණක් යන්නයි.

අනක් කරුණ නම් පහත් කුළ ලෙස ඉතිහාසයේ බොහෝ සැලකූවන් පිටරටිනට මිශ්‍රවූ සම්භවයක් ඇති අය හෝ සමාජ සම්මතයන්ට පටහැනි දේ කළ අයයි. උදාහරණයක් ලෙස රොඩී කුලයේ ඉන්දීය සම්භවය ගත හැකිය. එනම් ප්‍රභල ලෙස තම රට ජාතිය පාවා දුන්නෝ පහත් කුළයන් විය යුතුය.

Saman said...

eka eththa. mewa hemoma danan hitiya wenna behe.

Anonymous said...

so then who are real gurus???

Anonymous said...

yes... if the person did a factual survey then he or she should be able to either names a person as a real guru or say that there is no real guru in Sri Lanka. so please give the answer.. who is the real guru? we dont want to waste our time about fake people.. we like to read about real people..

Anonymous said...

no real gurus??

Anonymous said...

obe adahas anuwa rata pawala dunne pahath kula wala minisun ha angam kalawa hodin danne radalayan pamanai. ethakota molligoda ha ekneligoda walaw wala aya ratapawala deelath thawama radaloyo wenne kohomada??

Anonymous said...

uththara nadda???

Kavindi said...

helloo will no one reply. Please tell us who are real ANGAM GURUs in Sri Lanka

Anonymous said...

me satan kalaval hari veradi kiyanna meva gena avabodayak tiyenna one. anikde tamai me blog eka hadapu kena ekko me satan kalave ihalata giya kenek venna one nettam angam satan kalave maha mohandiram kenek venna one. karuna karala me sambandava adahasak denna balanna

Kalpa said...

You have published important information on AngamPora.And you discussed about AngamHoru.Bt as in your blog, every famous Guru in island are AngamHoru.So who are the real Guru?.No point of just talking about the horu.You shud show a real Guru.Because there are young Sinhalees who like to learn.Anyway thanks for the information in your blog.

Kavindi said...

I have posted so many times and asked about who are real angam Gurus in SL. I think the auther of this blog will be able to reveal the truth. I'm have still been learning Angam from a famous Angam Guru more than 3 yrs in Sri Lanka. Please assist me. I love Angam Martial Art.... After seeing this site, I'm realy upset.

Kavindi said...

Please reveal who are real Angam Gurus in Sri Lanka. I have been learing Angam from a famous Angam Guru in SL. I'm bit frustrated after seeing this site.

ruhunuyaka said...

ලංකාවෙ ඉතිහාසෙ හොයද්දි තමා එක එක වර්ගයේ ඉතිහාස හොරු මුණ ගැහෙන්නෙ. ඒත් ඒක සාමාන්‍ය අයට කිව්වම පිළිගන්න අකමැතියි. ඒ වගේම තරහත් යනව මේ ගොඩක් අය හොරු වුණේ කොහොමද කියල. ඒත් ඇත්ත එහෙම තමයි. මේ හොරු ඉදිරියට ඇවිත් කරන බොරු නිසා ඇත්ත ඉතිහාසෙ වලපල්ලටම යනව.

කොහොමත් අංගම් සටන් කලාවත් ඒ වගේම තමයි. සැබෑ පිරිස හොයාගන්න අපහසුයි.

කොහොමත් අපි අගය කරන වැඩක් මේක.

සැබෑ පිරිස අප‍්‍රචලිතව හෝ සිටීම ජාතියට හොඳයි.

Anonymous said...

Chinadi hoda Martial Art ekak. eka gana tharkayak naha.meeta wasara 15 kata pera lankawe hamoma kare Chinadi kalawai.warthamanaye Angam nama prasiddiyata path una nisa Angam guruwaru bawata e guruwaru siyalu dena pariwarthanaya una. Apita thiyena duka nam niyama Ammata Amme nokiya NANDA kiyala katha karana ekai.Angam saha Chinadi athra wenasa puluwan nam kiyanna kiyala oya inna guru/golayangen karunawen illanawa. sthuthiy.

Kavindi said...

Ehenam Real Angam Guruwaru gana kiyanne nathnam, danata Angam kiyala igena ganna deema igenagamu... :(( thorathuru laba dunnata PIN..!!

මානවඩු said...

ruhunuyaka හා ඉන්පසුව නම සදහන් නොකරන ලද සොහොයුරනගේ මත පිළිගන්නවා. මා මෑත කාලයේදී දැක්ක එක් බ්ලොගයක් අංගම්පොර හා චීනඩි අතර සම්බන්ධයක් ඇති බවට තර්කයක් ගොඩනගා තිබෙනවා. වැඩිදුර සොයා බැලුවාම ඒ කරුණාපාල ‍නැමති ගුරුවරයා.

මෙම බ්ලොගයේ ඔහු චීනඩි ගුරුවරයෙකු ලෙස සදහන් කිරීමෙන් හා ඔහු එම බ්ලොගයේ සදහන් කර ඇති කරුණු සලකා බැලුවාම මේ බ්ලොග්කරුගේ මතය පිළිගත හැකියි.

අද කාලේ සල්ලි හම්බ වෙනවානම් කබරගොයත් තලගොයා වෙනවා කියලයි මට හිතෙන්නේ.

නමුත් මේක මහා විනාසයක්. ඉන්දියාවේ දෙමල හෝ වෙනයම් කලාවක් අංගං ලෙස ලෝකයට ගෙනියනගොඩ ලංකාවේ අනන්‍යතාවට මොකද වෙන්නේ....?

Anonymous said...

From Wikipedia, the free encyclopedia
Cheena di (meaning "Chinese Punch"; Malayalam: Cheena Adi, meaning "Chinese hit") is an ancient kung fu style in Sri Lanka. It is believed this style was taught to the Sinhalese by Shaolin monks who came to see the Relic of the tooth of the Buddha.
It is now rare, as karate, wushu, aikido, jujutsu and judo are the more popular styles in Sri Lanka. It takes 15 years to master the style and teachers still teach using the Orthodox Methods.

Geeth Nuwan said...

ශ්‍රී ලංකාවේ සැබෑ අංගම්පොර ගුරැවරුන් කවුරැන්ද ?? ඔවුන්ගෙන් ඉගෙනගැනීමට ආසාවක් මට ඇත. ඔබ සැබෑ අංගං ගුරුවරයෙක් හෙලි නොකිරීමෙන් මේ වටින් ශිල්පය වැලලී යනු ඇත.

Kavindi said...

The moderator of this site also wants to do that. That's why he/she doesn't reveal the truth to real angam lovers.

මානවඩු said...

Kavindi ගෙ මතයට එකඟ වෙන්න බෑ. දැන් බලන්න උඩරට නැටුමට අද වෙලා තියෙන දේ. සාම්ප්‍රදායිකයයි කියාගන්නා කීප දෙනෙක්ම එකතුවෙලා උඩරට නැටුම හැම රටකටම ගෙනියන්න ගත්ත උත්සාහය නිසා අද ගෑනුත් වෙස් බඳිනවා. හන්දියක් හන්දියක් ගානේ උඩරට නැටුම් කඩ බිහිවෙලා. අද ලංකාවේ සමහර තැන්වල මේ ‍වගේම අංගං කඩත් බිහිවෙලා. අනේ සැබෑ අංගං ශිල්පිනේ, රාවනා දෙයියන්නේ නාමෙට එලි බහින්න එපා ආයුබොවන්...

Kavindi said...

Maanawadu Kiyanne apita Angam igena ganeema thahanam kiyalada?

මානවඩු said...

කවින්දි, ඔබට අංගංපොර ඉගෙන ගැනීමට අවශ්‍ය නම් එය ඔබ ඔබගේ කරුණක් ලෙස සලකා සිදු කරන්න. එය මට ප්‍රශ්නයක් නොවේ. නමුත් මා මෙහිදී කීවේ සැබෑ ශිල්පීන් මේ දූෂිත සමාජයට ගෙනවිත් ඔවුන්ද මේ අංගංපොර පිටරටට හෝ විකුණා සල්ලි හම්බ කරන හෝ දකුණු ඉන්දියාවෙන් ආ චීනඩි හෝ කලරි වැනි ශ්‍රාස්ත්‍රයක් ඉගෙන ගෙන එය අද අංගංපොර ලෙස උගන්වන හොරු ගොඩට දමා ඔවුන්ගේ පාරිශුද්ධත්වය නොකෙලසන ලෙසයි. එවිට සිදු වන්නේ සැබෑ ශිල්පියාගෙන් වචන ටිකක් අහුලාගෙන අනෙක් හොරු ටික තම අංගංපොර දැනුම පෝෂණය කරගෙන නොදන්න දෙයක් දන්නා ලෙස ලෝකයට කීමයි.

ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ තවමත් ශේෂ වූ සැබෑ ශිල්පීන් ඉන්නවා. හැබැයි ඔවුන් කවුද කියලා හදුනා ගැනීම හා ඒ ගුරුතුමන් හරහා ඔබට අවශ්‍ය දේ සිදු කර ගැනීම බොහොම වටින දෙයක්. හැබැයි මේකත් මතක තියා ගන්න, ඔබ පිරිසිදු සිංහලයෙකු මෙන්ම බුදු දහම අදහන්නෙකුද වීම සැබෑ අංගංපොර ශිල්පියෙකු ඔබ ශිෂ්‍යයෙකු ලෙස පිළිගැනීමට මූලික සුදුසුකමක් වෙනවා.

Kavindi said...

Manawadu.. oba kiyana de Sampooranayen ethha. Me blog eke Angam soreku lesa sadahan kara ethi, guruthumekgen awurudu 3k pamana igena gannawa. Ma meeta pereath me blogye sadahan karala thiyanawa. Me blog eka dakkahama mata gataluwak mathu una, mama awurudu 3k pamana igena gaththe kumakda kiyana eka gana. Mama awurudu 3kma igenagena thiyenne angam satan shilpayamada kiyana ekath mata gataluwak. Mage aramuna niyama Angam shilpaya igena ganeema. Eheth Mama maasa kihipayaka sitama me blog eka thulin niyama Angam Guruwaru kawda yanna wimasa sitiyath , wiwidha hethu matha eya elidaraw une na. Niyama angam igena ganeemata , niya Angam guruwarau kaurunda yana waga sadahan karanne nam eya ma hata labena imahath bhagyak wanawa menma, Obatath godak PIN..!!

මානවඩු said...

කාවින්දි, ඔබ මෙහි කියා ඇති කරුණු වලට අනුව ඔබ අංගංපොර ඉගෙන ගන්නා ගුරුවරයා සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට ඔබට මෙහි "සැබෑ අංගංපොර" පිටුවේ සඳහන් කරුණු සලකා බැලිය හැකි යි. ඒ වගේම ඔබ ඉගෙන ගත් කරුණු එනම් ආයුධ වර්ග, උගත් කොටස් වල නම්, ඔබව තෝරා ගත් හැටි හා ගුරුවරයාගේ ‍පරම්පරාව ගැන කිව හැකි යමක් වගේ කරුණු ඔබට පැවසිය හැකි නම් මගේ දැනුමට අනුව මට කිව හැකියි ඒ හොරෙකුද නැද්ද යන වග. මට මගේ පෞද්ගලික තොරතුරු මෙහි යෙදිය නොහැකි නිසා ඔබට මීට වඩා වෙනස් ක්‍රමයට මට උදව් කරන්න බැහැ.

Kavindi said...

Obe pilithurata bohoma sthuthei..!! Maage Guruwraya maa hata yam satan kalawak praguna kireemata upakaree wela thiyanawa.
E nisa ohuta drohee weemata ma hata nohaki athara, esema kisima Guruwarayek gana , wiwechanayen katha kareema ho ohuta apawada nageema nusudusu bawath oba dannawa athi. Esema eya guruwarayaata karana agaurawayak. Apa kala yuththe hari waradda hodin haduna gena eya igena ganeemai. E nisa Oba sadahan karana, Saba Angampora kalawa gana igena ganeemata upakarak weemata haki nam, etha gayakota salakami...

Anonymous said...

වෙනත් සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ කිර තිබීම අංගම් හොරෙක් වෙන්නෙ කොහොමද කියන්න පුලුවන්ද? හොඳ ඇත්ත අංගම් ගුරුවරයෙක් ශිල්පියෙල් තවත් වෙනත් සටන් කලාවක් ප්‍රගුන කරලත් තියෙන්න පුලුවන් නේද?

නියම අංගම් ශිල්පියෙක් ගැන මෙයින් නොකීම ගැන ඔබට ස්තුති වෙනව. ඒකෙන් එම ශිල්පියාට කරදරයක් වෙනව වගෙම දැන් තියෙන දූශිත සමාජෙට අපේ මේ ඉතිහාසාත්මක සටන් කලාව යාමෙන් අපේ සිංහල ජාතිය නැතිවීමට කාරනයක් වේවි. දැනටමත් අපේ ජාතියට ආගමට ඉතිහාසයට සෑහෙන්න විනාසයක් වෙලා තියෙන්නෙ. අද ඉන්නෙ සල්ලි වලට තමුන්ගෙ අම්ම තාත්තාවත් විකුනන්න පුලුවන් මිනිස්සු.

අංගම් සටන් ඉගෙන ගන්න, සැබෑ ගුරුවරයෙක් සොයා ගන්න මාත් සෑහෙන්න හෙව්ව. තාමත් හොයනව. ඒත් ලැබුනෙ නෑ. කොහොමත් මගෙ වයසත් එක්ක තව බොහොම ටික කාලයය් තව තියෙන්නෙ මට සටන් කලාවක් ඉගෙනගෙන අපේ ජාතිය ආගම වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කරන්න. මාත් මගෙ කාලෙ ඉවර වෙනකන් හොයනව. හොයාගත්තත් කාටවත් කියන්නෙ නම් නෑ. උගන්වන්නෙත් නෑ.

නැවත වතාවක් මතක් කරනව, ඔබ ඔබේ රටට ජාතියට ආගමට ආදරේ කරන නියම සිංහලයෙක් නම් නියම අංගම් ගුරුන්නාන්සේ කෙනෙක් ඔබ දන්නවානම් ප්‍රසිද්ධ කරන්න එපා. අපේ බුදුන්ගේ නාමයෙන්, අපේ රාවනා දෙවියන්ගේ නමයෙන්, අපේ කතරගම මහසෙන් රජතුමගේ නාමයෙන් කරන්න එපා. එසේ කිරීමෙන් මෙම ශිල්පය වැරදි අතකට ගියොත් ඔබගේ දෙමව්පියන්ටත් දරුවන්ට්ත් සාප වේවි.

ඔබට තුණුරුවන් සරණය්!!!!!!

dsanjeewa

Kavindi said...

Sanjeewa kiyana widiyata , Saba angampora kalawa , eya awanka lesa igena ganeemata saha eya araksha karanna
kamathi kenkutawath nodee, sagawagena thibunahoth , e abhimanawath Angam satan kalawa sadakaalikawama walalila yayi..

Ekata hodam udaharaya oba. Obe wayasath ekka tika kalayailu thiyenne. Niyama angam guruwarayek hamba uneth naalu. Hamba una kiyamuko,Eth igena ganna sulu deya pawa ikmanainma , oba samaga walalila yawi.
Saba lesa angam walata adaraya karana, eya rakagana idiriyata yana ayata eya laba deemai hodama deya. Nathinam eya sagawagena e gana kotharam katha kalath ein obatath , angama kalawatawath wadak wenne na.

Theruwan Saranai.!!

Anonymous said...

Kavindi said...

මගෙ වයසත් එක්ක ටික කලයයි තියෙන්නෙ කීවෙ සේවයක් කරන්න. දැන් මට 30ක් වෙනව. ඒකය් කීවෙ. මන් ඉගෙන ගත්තත් කාටවත් ඒ සටන් ශිල්පය දෙන්නෙ නෑ කීවෙ දැන් ඉන්න කාවවත් මට විශ්වාස නැති නිසයි. හොඳ විශ්වාසම කෙනෙකුට උගැනනුවොත් මිස විශ්වාස නැත්නම් කවද හරි මගෙ දරුවෙකුටවත් උගන්වන්නෙ නෑ. මගෙන් උනත් අපේ අපිට උරුම අපේ ඓතිහාසික සටන් ක්‍රමය වැරදි අතකට නොයා ඒක වැළළිල ගියාට කමක් නෑ.

dsanjeewa

Prabath said...

Dear All

I read all the comments all you have written. But no one does any thing for Progress of Angam Martial art or Real Angam Lovers in this blog. If you can do something to real angam lovers, it's heighly appreciateble. Otherwise no point of creating this kind of blogs and best thing is , keep silent with Your Real Angam Martial Art as you said.

මානවඩු said...

වෙනත් සටන් කලාවක් හැදෑරීමෙන් අංගං හොරෙක් වෙන්නේ කොහොමද කියලා dssanjeewa අහලා තිබුණ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හිතුණා.

ඇත්තටම මේ සටන් කලාව පසුගිය යුගයේ ප්‍රවේණිගත වෙලා තිබුණේ. ඒකට හේතුව සුද්දෝ ‍මේක තහනම් කරපු එක. ඒ නිසා තම වැඩිහිටියන්ගෙන් බාල පරම්පරාවට මේක ලැබුණා. ඒකත බොහොම රහසිගතව. වෙනත් සටන් කලාවක් හැදෑරීමට ඔවුන්ට අවශ්‍යතාවක් වගේම වෙලාවක් තිබුණෙත් නැහැ. ඒකට හේතුව වෙනත් සටන් කලාවන් ඉදිරියේ ‍හෙල සටන් කලාව බොහෝම ප්‍රභල එකක් වීම හා තම ජීවිත කාලයෙන් අඩකටත් වැඩිය මෙහි පරිපූර්ණත්වයට යාමට වැයවීමයි. ඒ වගේම හෙල සටන් කරුවා තම රටට ජාතියට බොහෝම ආදරය කරන කෙනෙක්. ඔහු වෙනත් රටවලින් එන දේවල් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරනවා. අපේ දෙයක් තිබියදී පිටිරටින් ආපු දෙයක් ඉගෙන ගැනීම ඔහුව තම වරිගයෙන් ඉවත් කිරීමට පවා හේතු විය හැකියි.

Anonymous said...

මානවඩු මයතාගේ කථාවට මං එකඟ වෙනව. ඒත් නියම අංගම් සටන් ඉගෙන ගැනීමට නොහැකිනම් මොනව කරන්නද?

dsanjeewa@yahoo.com

Kavindi said...

Prabath mahatha saha Sanjeewa mahatha pawasana de mamath anumatha karanawa. Niyama angam satan kalaawa igena ganeemata mohaki nam kumak karannada ? :((

Veenus Raj Sri Seethawaka said...

I don't Know what hell are you all talking about.Because no one knows who are the real angam worriers but you are all telling the people mentioned above are cheating peoples....May be.... but that is not the thing you must do ..You have to realize the real thing and publish for the people who love to learn it ..because ..........yes I will contact you later, have to speak many things...

Kavindi said...

Thanks Veenus Raj Sri Seethawaka ... I have been struggling alone for long time to get reveal about real angam Gurus. I have pointed out same thing again and again...

Kavindi said...

Everyone keeping silent..:((

Dhara said...

Hello,

I have a few questions.

1. What is the reason for "angam pora" to be different to indian martial arts? Is there any single weapon in angam pora that is not used in kalaripiyattu? There may be ritualistic differences. But please enlighten us on the technical/philosophical differences?

2. Why do you speak of "angam pora" as a super human martial art? If it was, why didnt/dont these great annonymous gurus help to get rid of terrorism/crime? Why not teach this to pollice?

3. The downfall of Sinhalese people never came about because of lack of courage. Its the devision amongst people that degrades sinhalese nation. Why do these angam gurus favoure the cast systems that were in place in old days? Wont Lanka be a wonderful place if we dont discriminate our own people for what job their great great grand dad did in the times of kings?

4. Can these great angam gurus fight Mike Tyson and win (bear hands, no swords :)?

Get a reality check done. If you trully love Lanka use sinhalese own martial art to unite. Not to devide.
Karate is no secret, Kung fu is no secret, Silat is no secret, Krav Maga is no secret, Everybody knows how a machine gun works.... Why is angam pora a secret?

Dhara said...

Also after further reading of this blog,

History is not conserved by hiding evidance under the "sarong". The ideals that are false/fabricated has to be defeated in the open. I think hiding the facts or (implying to be hiding the facts) is much disatrous than anything.

When Bruce Lee started teaching kung-fu to everybody, he was challenged to a dual by one of the traditional masters. The condition was that, if Bruce Lee lost, he had to give up teaching kung-fu. The dual only lasted 11 seconds and Bruce Lee tought kung fu till he died :) So why dont these great gurus do the same and eliminate all the false angam masters?

අංගංපොඩි said...

ධාරාගේ ප්‍රශ්නවලට පිළිතුරු...

1. අංගම්පොර හා ඉන්දියන් සටන් ක්‍රම අතර ඇති ප්‍රධාන වෙනස නම් අංගංපොර ඉතිහාසය ඉන්දියාවේ සටන් ක්‍රම වලට වඩා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කීමයි. කඩු වර්ග පමණක් 30කට අධිකව භාවිතා වන අතර ආයුධ වර්ග 21ක් හා ‍මෙවාට අමතරව වෙනත් රහස් ආයුධ කිහිපයක් ද තිබෙනවා. මහා මරු නිල ශාස්ත්‍රය වැනි දියුණු සටන් ක්‍රම ඉන්දියානු ක්‍රම තුළ දක්නට නැත.

2. දියුණු සටන් ක්‍රමයක් පොලිසියට උගැන්වීමට සුදුසු විය යුතුයි යන්න සම්බන්ධව නීතියක් හෝ සම්ප්‍රධායක් නැත. අද පොලිසිය සැබවින්ම අපරාධ හෝ ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා පෙනී සිටිනවා යයි කා හට නම් විශ්වාස කළ හැකි ද? කලුසුද්දන් පාලනය කරන රටක පොළිසියට හෙල සටන් කලාව ඉගැන්වීමට තරම් දීන වීමට හෙල අංගක්කරුවන් මැරී ඉපදුනේ නැත.

3. කුල ක්‍රමය යනු මේ රටේ ජීවයයි. මේ රටේ සංස්කෘතිය හා ශිල්ප ක්‍රම බිඳ දැමීමට 1833දී පරසුද්දන් ගත් රාජකාරී ක්‍රමය අහෝසි කිරීම යන තීරණය අපට අදටත් අමතක නැත. මේ රටේ කුල ක්‍රමය නොමැති නිසාවෙන් අද කඩුවක් සාදා ගැනීමට කම්මල්කරුවෙක් වත් සොයා ගැනීමට අපහසුය. රණ බෙර වාදනයට බෙරකරුවෙකු සොයා ගැනීමට නොහැකි ය. ඔබ ඔය කතා කරන වෙනස්කොට සැලකීම යනු බටහිර මානව අයිතිවාසිකම් වලින් ඩැහැ ගත්තකි. අපි මානව යුතුකම් සිඟාලෝවාද සූතුයෙන් ඉගෙන ගත් බෞද්ධයින්ය. අපිට පරදේසක්කාර සංකල්ප මත යැපෙන්නට හෝ ඒවා අනුගමනය කරන්නට අවශ්‍ය නැත.

4. හෙල අංගක්කරුවන් සමඟ සටන් කළ හැකි දැයි ඇසිය යුත්තේ මයික් ටයිසන්ගෙන් මිස අපගෙන් නොවේ. මුල්ලේරියාවේදී 300ක අංගක්කරුවන් විසින් 3000කට අධික පරංගි හමුදාවක් මරා දැමූ ඉතිහාසය මයික් ටයිසන්ලාට අමතක නැතිනම් අවුරුදු 500කට පසුව නැවතත් ‍එය පිරික්සා බැලිය හැකි ය.

----
ඔබට චීනයේ බෲස් ලී කළ දෙය වැදගත් වුවද චීනය තරම් පහත් ජාතියක් ලෙස හෙළ යක්ෂයෝ කටයුතු කරන්නේ නැත. මෙය හුදෙක් 'ගහගැනීමට' තිබෙන ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙස ඔබ වරදවා තේරුම් ගැනීම එයට හේතුවයි. කෙසේ වුවත් අපේ රටේ නීතියට අනුව ඔබ යෝජනා කරන්නාක් මෙන් අංගංහොරුන් සමඟ සටන් කළ හොත් එයින් කවුරු හෝ මියගියහොත් කුමක් ‍වන්නේ දැයි බුද්ධිමත්ව සිතා බලන්න.

---
වැදගත් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

Dhara said...

Hello,

Thanks for the reply. I asked the above questions to get an understanding of angam pora. It was not my intention to dis-credit it.

But I have some questions regarding your comments.

Your replies would be appriciated.

1. So according to the content of this blog, King Katharagama Mahasen fought "Sura" army (I am assuming we were "asura"s) and that was the begining of the art Angam pora. My question is didnt the Sura army know any martial arts? Or was "Pol Adhi" the indegenous martial art of "sura" people? So how did the army of rama manage to fight king ravana for 12 years? Doesnt this points at a common martial art originated in india? Clearly rama didnt learn angam pora from ravana!? (and ravana is half indian half sri lankan)?


2 "කුල ක්රමය යනු මේ රටේ ජීවයයි" , "මේ රටේ කුල ක්රමය නොමැති නිසාවෙන් අද කඩුවක් සාදා ගැනීමට කම්මල්කරුවෙක් වත් සොයා ගැනීමට අපහසුය. රණ බෙර වාදනයට බෙරකරුවෙකු සොයා ගැනීමට නොහැකි ය "

Man, which century do you live in? If you ask any Mechanical engineer in Sri Lanka, I am sure they will be able to provide you with very usefull technology on how to build a sword. With much better metals and dimensions. This is the kind of position where Lanka needs to be in... Not at a "kammalak" playing a "berayak".

4. I asked the question about Mike Tyson to get an understanding about angam pora. No question about the courage of Sinhalese fighters. Mike Tyson in my question was more like a concept. "is unarmed combat in angam pora capable of handling an opponent much bigger in physical size (body weight) and has a lot of stamina and very agile? In fact heavy weight boxers are the only atheletes that are pretty agile with a heavy body weight.

5. How can you encourage cast sytem and claim that you are a buddhist? Buddha condemed cast system. You encourage cast system and call your self a buddhist? You are infact making buddhism look bad with this kind of contradictory comments.

අංගම්පොඩි said...

කරුණාකර මින් පසු ඔබ ඔබේ අදහස් සිංහලෙන් ඉදිරිපත් කරන්න. මන්ද මෙය සිංහලය අගය කරන්නන්ට තිබෙන බ්ලොගයක් මිස ඉංග්‍රීසියට හා ඉංග්‍රීසීන්ට වඳින උන්ට තිබෙන දෙයක් නොවන බැවිනි. මෙහි එම මූලික සුදුසු කම වත් නොමැතිනම් ඔබේ ‍අදහස් ඉදිරිපත් නොකරන ලෙසත් එසේ කරන්නේ නම් ඒවා ප්‍රසිද්ධ නොවන ලෙසත් දැනුම් දෙන්නෙමු. ඔබට යුනිකෝඩ් ටයිප් කළ නොහැකි නම් පහත වෙබ් ලිපියයෙන් එය කර ගත හැකි ය.

http://www.google.com/transliterate/Sinhalese

අංගම්පොඩි said...

ධාරාට පිළිතුරු...

1. ඉන්දියාවේ එදා සිට අද දක්වාම සටන් ක්‍රම සිය ගණනක් තිබුණු අතර ඒවා අද දක්වාද බොහෝමයක් පවතී. එක් උදාහරණයක් වන්නේ කලරිය. ඉන්දියාවේ සටන් ක්‍රම අප හෙළ රණ කලාව තරම් ශක්තිමත් නොවේ. එයට උදාහරණය සුරාසුර, විජයභාහු, දුටුගැමුණු වැනි යුද්ධ අප ජයග්‍රහණය කිරීමයි. රාම රාවණා යුද්ධයේදී රාම යුද්ධ කලේ නැත. යුද්ධ කරන්නේ වඳුරන්ය. වඳුරන් යනු මුයි තායි සටන් ක්‍රමය ප්‍රගුණ කළ අය යැයි තායිලන්ත අය අදත් විශ්වාස කරයි. රාම කිසුදු තැනක යුද්ධ කොට නැත. රාම යනු තමන්ගේ බිරිඳ දමා පළා ගොස් බේරුණ නිවටයෙකි. රාම රාවණා යුද්ධය ඔවුන් දිනුවේ නැත. එය ඉතිහාසයේ පළමු මහා පාවාදීමයි. එම නිසා එය ඉන්දියානු සටන් ක්‍රම වල ජයග්‍රහණයක් වන්නේ නැත. ඉනිදියාව සෑම දිනකම යුද්ධ කලේ කපටි කම භාවිතා කරමින් මිස යුධ හරඹයන් භාවිතා කරමින් නොවේ.
(පොල් අඩි යනු හෙළ සටන් කළාවෙන් බිඳී ගිය කුඩා කොටසක් බව එම වචනය භාවිතා කිරීමට පෙර දැන ගන්න.). ඔබ ඉන්දියානු සටන් ක්‍රම අගය කරන්නේ නම් එක් ඉන්දියානු සටන් කරුවෙකුට ඇස් බැඳගෙන සටන් කොට පෙන්වන ලෙස ඉල්ලා සිටිමු.

2. ඔබ ඔය කියන ඉංජිනේරුවන්ට අවුරුදු 1000කට වඩා පවතින ලිහිණි කඩුවක් වැනි වෙනත් ඕනෑම කඩුවක් කැපී යන ක්‍රමයේ කඩුවක් සෑදිය හැකිද. බටහිර තාක්ෂණයට වඳින ඔබට මා මතක් කර දෙන්නේ අප, එනම් යක්කුන් ජීවත් වන්නේ මනු රාජ වර්ෂ 37982 බවයි. අවුරුදු 500කටත් අඩු බටහිර තාක්ෂණයට අපේ කුල තුළ පැවති තාක්ෂණයට කිට්ටු කළ හැකි නම් අද සීගිරිය දිහා බලාගෙන සුද්දන් හූල්ලන්නේ නැති බව මතක් කරමි. සුද්දන් දියලණුවක් වත් බැඳ ගන්න නොදන්න කාලේ අපි විමාන වලින් ගුවනින් ගමන් ගිය බව ඔබට මතක් කරමි.

4. ඇ‍ඟේ ප්‍රමාණය පිළිබඳව ඔබ අසන්නේ නම් මයික් ටයිසන්ට වඩා ලොකු එකෙක් හොයා ගන්නටම බැරි වුණි ද? ඇගේ ප්‍රමාණයට අංගං සටන් කරුවෙකුට අදාල නැත.

5. බෞද්ධාගම හා හෙළ බෞද්ධ සංස්කෘතිය ඔබ පටලවාගෙන ඇත. නජජ්ජා වසලෝ හෝති ගාථාව ඔබට වඩා අපි හොඳින් දනිමු. නමුත් අපි ගෞතම බුදුන්ටත් පෙර බෞද්ධයින් වූ අයයි. ඒ පිළිබඳ කතා කිරීමට තරම් ඔබට ඉතිහාස දැනුමක් හෝ භාවනා ශක්තියක් නැති බව පෙනේ. ලංකාවේ බෞද්ධ සංස්කෘතිය තුළ අපි කුල භේදය අගය කරමු. මන්ද කුල භේදය පවත්වාගෙන කිරීමට විශාල පිටුවහලක් මිහිදු හිමියන්ද දුන් බැවිනි. උන් වහන්සේ කුල 18ක් ලංකා‍වට ගෙනාවේය. ලංකාවේ කුල ක්‍රමය ඔබ ඉන්දියාවේ කුල ක්‍රමයත් සමග පටලවා ගෙන ඇති බව පෙනේ. ඒ ඔබේ ඇති ඉන්දියානු ගැති භාවය නිසා විය හැකිය. දුටුගැමුණු රජතුමා සාලියව පිටුවහල් කලා පමණි. මැරුවේ නැත. ඉන්දියාවේදී නම් අනිවාර්යයෙන්ම සාලිය මැරුම් කනු ඇත.

අනෙක් කරුණ කුළ ක්‍රමය අපි අගය කරන්නේ ඒ තුළින් අපේ බොහෝ පැරණි ශාස්ත්‍රයන් ආරක්ෂා වුණ බැවිනි. අද සුද්දන්ගේ ජාන එකතුවූ අය මෙන් නොව අපේ රොඩියා ළඟ බවා නීච කුල මන්තර වැනි බොහෝ වැදගත් ශාස්ත්‍රයන් පැවතිණ. එය එසේ නොවුණානම් 1833 කෝල්බෲක් කැමරන් කොමිසම මිගින් සුද්දන් විසින් රාජකාරී ක්‍රමය අහෝසි නොකරනු ඇත.

Prabath said...

මා හට ගැටළු කිහිපයක් තිබෙනවා
(01) . මේ බ්ලොගය දිගින් දිගටම විවේචනය කරන්නේ කරුණාපාල සහ ගේෂන් නමැති පුද්ගලයන් දෙදෙනෙකුට පමණි. අජන්ත පෙරේරා හෝ වෙනත් අංගම් උගන්වන ය පිළිබදව , මෙහි සුළුවෙන් සදහන් කර තිබුනත් ,දැඩි විවේචනයක් එල්ල වෙන්නේ නැ.

(02). සබැ ලෙසම අංගම් කලාවට ආදරය කරන , එය ඉගෙන ගැනීමට කැමති අයහට , ඒ සටන් කලාව ඉගෙන ගැනීමට ක්‍රමවේදයක් නොමැතිද? එසේ ක්‍රමවේදයක් ඇත්නම්, සබැ අංගම් කලාව ඉගෙන ගැනීමට ලැබීම මගේ ජීවිතයේ ඉමහත් භාග්‍යක් කොට සලකමි.

අංගම්පොඩි said...

ප්‍රභාත්ට පිළිතුරු...
1. කරුණාපාල හා ග්‍රේෂන් යන දෙදෙනා සම්බන්ධව පරීක්ෂණයේදී ලිඛිත සාක්ෂි සහිතව ඔවුන් සාධාරණ සැකයෙන් ඔබ්බට හොරුන් බව ඔප්පු වී ඇති නිසා මේ වන විට ඔවුන්ටම වෙන්වූ බ්ලොග් දෙකක් නිර්මාණය කොට ඒවා සනාථ වෙමින් පවතී. හුදු උපකල්පන මත ඒවා සිදු වී නැත. අජන්ත හෝ වෙනත් අය ගැන එසේ සාක්ෂි එකතු වී නොමැති අතර අජන්ත නැමැත්තා ගැන යම් විශේෂ අවධානයක් යොමු වෙමින් පවතින අතර ඔහුට ඇති චෝදනා වලින් නිදහස් වීමට හෝ චෝදනා ඉදිරිපත් කිරීමට අපගේ ඊමේල් ලිපිනයට (fakeangampora@gmail.com) සාක්ෂි සහිත කරුණු පමණක් (හුදු තර්ක නොවේ) ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇත. එසේම වෙනත් අය සම්බන්ධවද එම ලිපිනයට කරුණු එවිය හැකිය.

2. මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ඔවුන්ට ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.

මානවඩු said...

හිතවත් අංගම්පොඩි, ඔබ විවෘත්තව අදහස් දැක්වීම ගැන සන්තෝෂයි. කාලේ හැටියට ඉල්ංගක්කාරකම් හොදා. ඌරාවලට වඩා.

Bhagya said...

ඔබගේ මෙම කාර්ය බොහොම අගය කට යුත්තක්. මෙවැනි ක්‍රියාවක් කිරීමට තරම් එඩිතර වීම ගැන සන්තෝෂයි. නමුත් ඔබ විවෘත්තව පැමිණ මෙම ශාස්ත්‍රය ලෝකයට හෙළි නොකිරීම ගැන නම් කණගාටුයි. ඇත්තටම කවදාවත් සැබෑ ශිල්පය අපට දකින්න නොලැබෙයි ද?

අංගම්පොඩි said...

ඇත්තටම භාග්‍යා මෙම ශාස්ත්‍රය අතීතයේදී රහසක් වුණේ නැහැ. මෙය පුසිද්ධියේ අංගම්මඩු පවත්වාගෙන ගියා. හැබැයි ඒ අද වගේ ‍අංගංහොරු නෙමේ. ඇත්තටම හොඳ අංගං ශිල්පීන්. ඒවා වඩා තරුණයින් එක් රැස් වුණා. නමුත් අද ඇත්තටම තියෙන් ප්‍රශ්නය සැබෑ ශිල්පීන්ට එය කරන්න බැහැ. මොකද එහෙම ආවොත් මේ චෞරයන් ඔහුටත් මඩ ගසා මේ කුණු ගොඩට ඇද දමනවා. අනික අද අංගම් කියන වචනය අපයෝජනය කොට තිබෙන නිසා එය තවදුරටත් අපහසුයි. නමුත් මෙම ශාස්ත්‍රය විනාශ වෙන්න දෙන්නේ නැහැ. පැරණි පරම්පරා රාශියක් අදටත් එය ප්‍රවේණිගතව පවත්වාගෙන යනවා. ඔවුන් මේ රටට අපේ රජෙක් ලැබී මේ කලු සුද්දන් ඉවත් වූවහොත් (එසේ වේ යයි උපකල්පනය කළ නොහැකියි.) ඉදිරියට පැමිණේවි. කුමක් හෝ ‍ෛඑශ්චර්යක් වෙනවා නම් සටන් කරුවන් කැමතියි. නමුත් මේ ශාස්ත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් නිහඩව සිටිය යුතුයි.

Anonymous said...

බොරුවට කකුල් විහිදුවගෙන ගහන පාරවල් දෑක්කහම හිනා යනව ඕන කෙනෙකුට.ඕනම කෙනෙකුට වලක්වන්ඩ පුලුවන් බොරු පාරවල් පෙන්නල සාස්තරෙ විනාස කරනව. මේව දෑන් මාර්කටින්ග් සටනක් වෙලා. සාස්තරෙ අඩු වෑඩි ලෙස දන්න අය ලන්කාවෙ තාම ඉන්නව. ඒ එක කෙනෙක් එක්කවත් මේ කොරතොටවත් වෙන තෑන්වලවත් ඉන්න බොරු කාරයන්ටවත් සටනක් කරන්ඩ බෑ. එහෙම හිටන්ඩ තරමෙවත් සස්තරයක් මෙ කාටවත් නෑ.

අංගම්පොඩි said...

ඇතැම් අයට කොරතොට අජන්ත නැමැත්තා සමඟ ලොකු ගැටුමක් තියෙනවා කියලා ඔවුන් එවන ඇතැම් අදහස් හා චෝදනාවලින් පෙනී යනවා. නමුත් පදනම් විරහිත චෝදනා මෙම බ්ලොගයේ ප්‍රසිද්ධ නොකිරීම අපේ ප්‍රතිපත්තියයි. ඔහු සමඟ ගැටුමක් තිබේනම් එයට හේතුවක්, පදනමක් තිබිය යුතු ය. එය පෞද්ගලික හෝ ව්‍යාපාරික එකක් නම් එය මෙම බ්ලොග් කරණයට අදාල නැහැ. නමුත් එය ඔහු නියම ශාස්ත්‍රය දරන්නේ නැහැ කීමට නම් ඒ පිළිබඳව පැහැදිලිව හා සාක්ෂි සහිතව ‍fakeangampora@gmail.com ඊමේලි ලිපිනයට එවන්න. අපිට මේ වන විටත් වෙනත් අය ගැන එවැනි චෝදනා ලැබී තිබෙනවා. ඒවා අපි විශ්ලේෂණය කරගෙන යනවා. එසේ නොමැතිව 'මම එයා දන්නවා', 'අයා දන්න අංගම් පොරයක් නැහැ', 'එයා කලින් චීනඩි කලා', 'එයා එක්කෙනෙකුගෙන් චීනඩි ඉගෙන ගත්තා' ආදී වශයෙන් පදනම් විරහිත චෝදනා කිසිඳු අයෙකුට එල්ල කරන්න එපා. එවැනි චෝදනා අපට ප්‍රසිද්ධ කරන්න බැහැ.

සි.බී.එස්. said...

මමත් මේ ගුරුවරුන්ගෙන් එක් අයෙකුගේ පන්තියකට ගියා. යමක් ඉගෙන ගත්ත නිසා මට නම කියන්න බැහැ. හැබැයි ඔයා කියල තියෙන කරුණු බැලුවම ඇත්ත කියලත් හිතෙනවා. මොකද එයාට මම දවසක් අපේ සිරිතක් ගැන කිව්වම එයා ඒ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අංගම්පොර එයාට ලැබුණ හැටි ගැන පැහැදිලි අදහසක් මට මාස 6ක් ‍ඉගෙනගෙනත් දැන ගන්න බැරි වුණා. මම දැන් යන්නේ නැහැ. ඒත් නියම ගුරුවරයෙක් ඉන්නවනම් ආයෙත් යනවා. ඒකට උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.

Kavindi said...

ඌරා වලේ ඉලන්ගක්කාරකම් නොව පුරසාරම් දොඩනු පෙනේ
අංගම් හොරුන් යැඉ ඔබ කියන අය, සිය කටයුතු දිගටම කෙරේ
පලක් වෙවිද මේ කියුම් කෙරුම්, රැකුමට අංගම් මතු පරපුරේ
තව තව දොඩනු පුරසාරම් , මෙහි කෙලවර කොහිබද රාලේ

අංගම්පොඩි said...

කවියට ස්තූතියි. සාමාන්‍යයෙන් ඌරාවල තියෙන්නේ ඉලංගක්කාරකම් වලට නෙමේ. විවෘත්ත සටන් වලට. මෙහි කෙළවර කුමක් වුවත් අංගං හොරුන්ගේ කටයුත් අධීක්ෂණය කරමින් ඔවුන්ගේ චෞරත්වය රටට හෙළි කිරීම මෙහි අරමුණයි. එහි ප්‍රතිඵලයක් නොමැතිනම් ඔබ ඔය ලෙස කවි ලියන්නේ ද නැත. උන්ගේ වෙබ් වල මේ ගැන කතා වන්නේ ද නැත. (කවියක් ලියනවානම් එලිසමය එලිවැට ගැලපුවානම් තමයි ටිකක් ලස්සන)

Anonymous said...

Dear Angampodi,

I am writing this in English because the PC that I'm using doesn't have Sinhala fonts installed and I'm not that good with computers.

I have a lot of hard evidences to prove that one of the major (as per him and his discipline's) Angam Guru is a fake. He has changed his name also to go with his residence and he was a Karate trainer sometime back and got his old business cards printed accordingly.

I can hand over them to you but how can I trust you? And how do I know you are not one of his guys?


Thank you.

අංගම්පොඩි said...

ඔබේ පරිගණකයේ ඉංග්‍රීසි නැතිනම් පහත යොමුව භාවිතා කරන්න


http://www.google.com/transliterate/Sinhalese

විශ්වාස කිරීම හා තොර‍තුරු එවීම යන කරුණු දෙකම තීරණය කිරීම ඔබට බාරයි. හුදු තරක නොවන සාක්ෂි සහිත කරුණු අපි ඕනෑම අයෙක් සම්බන්ධයෙන් (මෙහි සඳහන් වන හෝ නොවන) භාරගන්නවා. අපි ඔබ හිතන කවුරුවත්නම් නෙමෙයි. විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබේ අතේ. ඇතැම් අය මේක තමන් කරන වැඩක් ලෙස පෙන්වීමට උත්සාහ කරනවා කියලා අපිට පේනවා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. (කරුණාකර මින්පසු ඉංග්‍රීසියෙන් ලියන්න එපා)

Anonymous said...

හරි දෑන් ඔබ ලන්කවෙ ඉන්න ගොඩක් අය ගෑන සාක්ශි හොයා ගෙන තියනවනෙ. කරුනා පාල, ශෙල්ටන් ගෑන ඔයා කෙලින්ම කියනවනෙ. එත් ඔයා ඈයි අජන්ත හොරෙක් කියල කියන්නෙ නෑත්තෙ. තාම හොයනවද නෑත්නම් එයා ගාව හරි දේ තියනවද? මෙච්චර දෑනුමක් තියන ඔයාට අඩහසක් නෑද්ඩ එයා ගෑනත්? අනිත් අය ගනත් ඔයා ඔය කියන ඩෙවල් ඔයා කොහොමඩ ඔප්පු කරන්නෙ? අනිත් සෙරම ගන හෙව්ව අජන්ත ගන හොයන්ඩ පරක්කුඉ නෙඩ?

Anonymous said...

කොහොමටත් නුගේගොඩ ගෙන්දගම් පොළොවේ නම් අංගම්පොර තියෙන්න විදිහක් නෑ :D

Kavindi said...

ගිලීමලෙත් ඇත දත සුද්දෝ ....

Kavindi said...

නුගේගොඩ බැරි නම් , කොහෙද ඉන්න පුළුවන්.. ? කරතොට ද? එහෙම නැත්නම් ....ම්ම් ම්ම් .. ..... ෴෴

Anonymous said...

අනේ කාවින්දි! මම කොහොමෙයි දන්නෙ!!!!!!

Kavindi said...

හිතුන නිසා ලියන්නේ නැතුව, වගකීමෙන් ලියනවනම් නේද හොද ?

ගැරඬියෙල් said...

mama hithanne me weddi angam kiyala yamak ithuru wela na! api angam kiyala deyak ahala thiyanawa misak ehema deyak danna kenek ithuru wela na!!!!!!!!!!!!!!!!!!!!!

Anonymous said...

කව්රුහරි කියන්නකෝ අංගම්පොර අනිත් වයන් වෙන්කරලා අන්දුරගන්නේ කොහොමද කියල

Anonymous said...

මං හිතන්නේ මෙයා ඒකත් කියල තියෙනවා කියලා.

මේ පිටුව බලන්නකෝ

http://angamhoru.blogspot.com/p/blog-page.html

Anonymous said...

මෙය මගේ ප්‍රශ්ණයට පිලිතුර නොවෙයි! මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ මෙය සහ වෙනත් සටන්ක්‍රම වල වූ චලන, ඉරියව් අාදී දේවල් වල වෙනස්කම්ය!

Kavindi said...

මේ බ්ලොගයෙන් ඕක කියන්න ගියොත්, අන්ධයන්ට අලියාගේ හැටි කියල දෙනවා වගේ වෙනවා.. :)

දික්සඳ said...

වැඩේ බොහොම ප්‍රසනසනීයඉ. එත් පරිස්සමෙන්. මේ බ්ලොග් එකේ ඉන්න හොරු ගැන ලියන්න නම් මේ බ්ලොග් එක මදි. එක එක්කෙනාට වෙන වෙනම ඒවා ලියන්න වේවි. තව හොරෙක් ගැන වැඩිය සදහනක් නැත්තේ මන්ද ? ඔහු කරන දේ හරිද ?

Anonymous said...

කාවින්දි - එහෙනම් මොන බ්ලොග් එකෙන්ද හරියට බලාගන්න පුළුවන්? අඩු ගැනේ අර පටි තිස් ගානේ ආයුදේ චායාරූපයක් වත් !!!

අංගම්පොඩි said...

දික්සඳ ඇතුළු එක් අයෙක් ගැන සඳහන් නොකිරීම ගැන ප්‍රශ්න කළ පිරිසට පොදු පිළිතුර෴

මෙහි එක් ‍අයෙක් ගැන පමණක් සුළුවෙන් සඳහන් කරනවා යයි කියන ප්‍රශ්නයට දිය හැක්කේ සරළ පිළිතුරකි. මෙම බ්ලොගයේ දී 13 දෙනෙකු 'අංගම් හොරුන් ලෙස සැක කරන අය' දක්වා ඇති අතර ඉන් දෙදෙනෙකු එනම් කරුණාපාල නැමැත්තා හා ග්‍රේෂන් නැමැත්තා ගැන තොරතුරු ප්‍රමාණවත්ව ලැබී ඇති නිසා ඔවුන් ගැන ඍජුව ප්‍රකාශ කර ඇත. එයට අනුව එක් අයෙකු ගැන නොව 11 දෙනෙකු ගැන කරුණු සුළුවෙන් දක්වා ඇත.

කිසියම් අයෙකුට තවත් මෙහි සඳහන් ගරුවරයෙකු සමඟ ‍පුද්ගලික ගැටලු තිබීමට පූළුවන. ඒවා අපට අදාල නැත. ඒවා ඔබලාම විසඳාගනු යෙහෙකි.

මේ වන විටත් අප මෙහි විශේෂයෙන් සඳහන් කොට ඇති එක් ගුරුවරයෙක් ගැන සාකච්ඡා කරමින් පවතිනවා. (අනික් අය ගැනත් එසේමයි) අපට පක්ෂ මෙන්ම විපක්ෂ සාක්ෂිත් ලැබෙනවා. අපි ඒ සියල්ල උපේක්ෂාවෙන් බාරගන්නවා. එහි අවසානය කුමක්ද යන්න අපි කාට හෝ පැවසීමට බැඳී නැති බව සැලකිය යුතුයි. නමුත් අවසානය හා එම තීරණයට එළඹීමට පසුබිම් වූ කාරණා අපි පැහැදිලිවම දැනුම් දෙනවා. මෙය කාගේ හෝ ප්‍රචාරක මාධ්‍යක් වීමට අපි කිසිසේත්ම ඉඩ නොතබන බව මෙහි අදහස් ප්‍රකාශ කරන සියලු දෙනා තරයේ අවබෝධ කර ගත යුතු යි.

බුදු සරණයි.

Kavindi said...

කිසිම බ්ලොග් එකක නැත.

කාල said...

මම හිතන්නේ නෝදන්න අංගම් කරන්න නොගිහිං කරාටේ වගේ එකක් ඉගෙනගන්න එක තමයි හොඳ.

මොකද ඔබතුමා කියන හැටියට බාගයක්ම ඉන්නෙ හොරු...

ඉතුරු බාගෙ උගන්නනේ නැහැ!

ආදිත්‍ය said...

කාල කියන එක ඇත්ත. මොකද ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියලා කාවින්දි කීවට උන් දාගෙන ඉන්නේ බොරු දත්. ඉතින් දත් සුදු වුණාට වැඩක් නෑනේ. වේලායුධය කියන එකේ තේරුම වත් නොදන්න කට්ටියගේ දත සුදු කම මෙයා අපට හොඳට පෙන්නලා තියෙනවා.

Kavindi said...

ආදිත්‍ය , ඔබ සදහන් කරන "උන් " යනු කවුද ? කරුණාපාල නමැත්ති පුද්ගලයා හෝ මේ බ්ලොගයේ සදහන් කිසි කෙනෙකු මා නියෝජනය නොකරන බව තරයේ සිහියේ තබා ගන්න.

ආදිත්‍ය said...

කාවින්දි ඔයාට එහෙනම් මොකද නුගේගොඩ කට්ටිය බනිනකොට ඔච්චර මල. උඩ 60 ඉදල 64 වෙනක් කොමෙන්ට් කියවනකොට මොලේ තියෙන ඕන ‍එකෙ‍කුට තේරෙනවා ඔයා නියෝජනය කරන්නේ කරුණාපාල කියන කෙනා මයි කියලා. හරි ඔයා කියන්න එහෙනම් ගිලීමලේ ඉන්නේ දත සුද්දෝ නෙමෙයි කියලා...

Anonymous said...

මෙක නිකන් ලබ්බේ තොවිලෙ වගෙනේ...

Anonymous said...

මේ ගුරුවරු උගන්වන කලාවන් දිහා බැලුවහම, ඉන්දියාවේ කලාරි එහෙමත් නැත්නම් සිලම්බම් වගේ සටන් ක්‍රම වල ලොකු සමාන කමක් තියෙන බව පැහැදිලිව පේනවා. නමුත් ලංකාවේ ඉතිහාසයත් සමග බලනකොට එවන් මිශ්‍රවීම් වලට ඕන තරම් ඉඩ ප්‍රස්ථා ඉතිහාසය පුරාවටම දකින්න ලැබෙනවා. අපේ රටේ ඕන තරම් කලාවන් තියෙනවා ඉන්දියාවෙන් දයද වෙච්චි. කියන්න වගේ බුදු දහමත් සමග පැමිණි කලාවන් කොච්චර නං දැන් අපේම දේවල් වෙලාද කාලයත් සමග. සිහල බෞද්ධ කමත් ඉතින් ඉන්දියාවේ අභාෂයෙන් ලැබුණු දෙයක් නේද. මොකෝ බුදුහාමුදුරුවෝ ලංකාවේ කෙනෙක් නෙමෙය්නේ. මොකෝ උනත් නියම සිංහල බෞදයෙක් නම් බුධධර්මයේ උගන්වන දේවල් හොඳට දන්නවා විය යුතුයි. මේවගේ දේවල් අපේය මගේය කියාගෙන දුක් වෙන එකත් බුදු දහමට අනුව අනුවන ක්‍රියාවක්. එක ඔය කිව්වට වඩා ගැඹුරු අදහසක්... මොකෝ ඉතින් මන් ඕක කියන්න ඕනේ නැහැ නොවැ. අංගම්පොර කියන වචනේ අපේ මිනිස්සු දැනගත්තේ දඬුබස්නාමනයෙන්, එකට ජයන්ත චන්ද්‍රසිරි මහත්තයට ස්තුති වන්ත වෙන්න ඕනේ. අනික එක ටෙලි නාට්ටියක්, එකේ හරි අංගම්පොර නැති බව ඇත්ත.. හොඳ කලාකෘතියක් ලෙස එක ඇගයීමට ලක් විය යුතුයි. කලාවේදී හැම දෙයක්ම නිවැරදි ලෙස පෙන්වීම අත්‍යාවශ නැහැ... එකට නිර්මාණශීලීව යමක් කල හැකි. එකෙන් අපි ඕක ගැන දැන නොගත්තානම් මෙහෙම කතා කරන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මන් හිතන්නේ මෙවන් දේවල් ගැන නිසියාකාර පර්යේෂණ කරමින් ඒවා අනතාවට දැන ගැනීමට සැලැස්විය යුතුයි, එහෙම නැතුව හඟ ගෙන ඉඳීමෙන් එකට වෙන සෙතක් නම් නැහැ. පර සුද්දන්ට බැන්නට මේ බ්ලොග් එකත් හදල තියෙන්නේ සිහ්නල බෞද්ධයෙක් නෙමෙයි නේ. :) අර කියන සුද්දා මොක උනත්..., මන් දැක්ක පින්තූර වගයක් ඒ සුද්දගේ රටේ මිනිස්සු අපේ සිංහ කොඩියට සැහෙන්න ගරු බුහුමන් දීල කටයුතු කරන හැටි. අපේ මේ හොරු කට්ටිය මොනවා උගන්නුවත් ලංකාවේ උන්ට පොඩ්ඩක් හරි ආඩම්බර වෙන්න කාරණාවක් වගේ එක. අජන්ත කොරතොටද නැද්ද කියන එකවත්, කරුණාපාල චීනඩි කාරයෙක්ද, ග්‍රේෂන් කලාරි කාරයෙක්ද කියනවට වඩා ඔය කියන නියම අංගම්පොර මොකද්ද කියන එක මිනිස්සුන්ට තේරෙන විදිහට කියල පෙන්වල දුන්න නම් ඔය ඔක්කොම වැරදි හදාගන්න තිබ්බ. කොහෙද එකත් හංගා ගෙන නොවැ. :) දැරණියගල මහත්තයට පින්සිද්දවෙන්න යමක් පොතක ලියල තියෙනවා මිනිස්සුන්ට දැන කියාගන්න, නැත්තන් එකත් නැහැ. ආහ් අර ආයුදේ... එකත් මරු. කෙරලේ එකට කියන්නේ උරුමි කියල තමයි එහෙමත් නැත්තන් චුට්ටුවාල් කියල කියනවා එකේ තේරුම වැනෙන කඩුව කියන එකයි. අපේ ඒකාල අපේ නමක් දාගත්තම ඉතින් මොකෝ?

රාල said...

අපි යමු ඉන්දියාවට. ගිහිල්ලා ගේමු හොඳ වර්ගයේ "කුරුතාවක්". අපි මෙහේදී ඒකට කියමු "චීත්තය" කියලා. චීත්තය කියන්නේ අපේ සංස්කෘතියේ එකක්නේ. දැන් අපේ කට්ටිය චීත්තය අඳින්නේ නැති නිසා මිනිස්සු ඒක පිළිගන්න ඕන. මම හරි නේද....???

Kavindi said...

ආදිත්‍ය ට පිළිතුරු
මට කේන්ති ගියේ නම් නැත. ඔබ එය දකින්නේ එලෙස වෙන්න ඇති. ඔබ සිතන්නේ කරුණාපාල කියන තැනැත්තාගේ අය විතරද නුගේගොඩ ඉන්නේ කියල . ? එක තමඊ මුල ඉඳලම වරද්ද ගත්තේ. නුගේගොඩ ඉන්නේ කරුණාපාල කියන තැනැත්තාගේ අය පමණි, කියල හිතේ තියාගෙන ඉන්න අයට නම් ඔහොම හිතෙන එක සාධාරණයි.

සුසිල් said...

සුද්ද අපේ කොඩියට හරි ගරු බුහුමන් දීල තියෙනවා කියලා කියන නම නැති කෙනාට යමක් කියන්න හිතුනා.

රදගුරු ඩෙස්මන්ඩ් ටුටූ වරක් මෙහෙම ප්‍රකාශයක් කළා.

"සු‍ද්දෝ අපි ළඟට එනකොට අපි ළඟ ඉඩම් තිබුණා. සුද්දෝ ළඟ බයිබලය තිබුණා. සුද්දෝ අපිට කිව්වා බයිබලය අතට අරන් ඇස් පියාගෙන යාඥා කරන්න කියලා. අපි ගොඩක් කල් ඇස් පියාගෙන යාඥා කළා. යාඥා කරල ඉවර වෙලා අපි ඇස් ඇරලා බලනකොට අපේ අතේ බයිබලය තිබුණා. සුද්දා අතේ අපේ ඉඩම් ටික තිබුණා."

යටත් විජිත කාලේ බයිබලය පෙන්නලා අපේ ජාතිකත්වය නැති කරපු සුද්දා අද අපේ ජාතික කොඩියම පෙන්න පෙන්නා කරන්නෙත් ඒකම තමයි. උන් කවදාවත් අපේ රටේ සංස්කෘතියට ගරු කරන්නේ නැහැ. උන් කරන්නේ අපේ මෝඩ රැල රවටාගෙන සල්ලි හම්බ කරන ‍එක. ඉනා බෙහෙත් කාල ඉන්න, පර සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙව කන උන්ට ඕක නොතේරුණාට මේ රටේ ඉතිහාසය හරියට දන්න අපි වගේ මිනිස්සුන්ට උන් හැරෙනකොට කියන්න පුළුවන්. තව ටික දවසකින් ඔය සුද්දෝ අපේ අංගම්පොර වලින් කෑලි අහුලගෙන වෙන එකක් හදල ඒක උන්ගේ එකක් කියලා කියනකොට උඹලට වෙන්නේ කට බලියාගෙන ඉන්න විතරයි. ඒක විතරක් කවුරුත් හොඳින් මතක තියා ගත්තොත් වටිනවා.

AntiTaboo said...

සුසිල් පුතා! ප්රස්නයක් නෑනේ! මොකද පිටරට අයට උගන්නල තියෙන්නෙ අංගං නෙවෙයිනෙ! පුතා කියන විදියට උං වෙන එකක් හැදුවොත්, ඊට වඩා හොඳ එකක් අපි ලඟ තියනවනෙ! හැබැයි හොඳ එකේ පොඩි අවුලක් තියනව! මොකද හොඳ එක අවශ්‍ය උන දාට හොඳ එක දන්න අය කියයි "මේක ප්රසිද්දියේ කරන එක අපේ ප්රතිපත්ති වලට විරුද්දයි කියල!" :P

අමාලි said...

සැබෑ සටන් ශිල්පීන් ඉතිරිව සිටීද?

සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේ ද යන්න ඕනෑම අයෙකුට නැගෙන ප්‍රශ්නයකි. අවුරුදු 300කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තිරණයකට එළැඹීම පුදුම සහගත නොවේ.

එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරාවන් බොහෝ විට අදටත් නර්තන සම්ප්‍රදායන් හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන් කරුවන් මෙහිදී අමතක කළ නොහැකි ය.

http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A_%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A_%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8

සුසිල් said...

AntiTaboo, මේ අංගම්පොර හැර වෙන දෙයක් උගන්නන එක ප්‍රශ්නයක් නෙමෙයි නමුත් අංගම්පොර නමින් ඉගැන්වීමයි ප්‍රශ්නය. මේක හරියට චැනල් 4 වීඩියෝව වගේනේ.‍ පෙන්නන්නේ කොටිම හදපු වීඩියෝ එකක්. නමුත් පෙන්නන්නේ මේවා කලේ ලංකාවේ හමුදාවය කියලා. චීනඩි චීනඩි විදියට උගන්නනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක බලලා වෙන එකක් හැදුවොත් ඒක හරියට සමාන කරන්න වෙන්නේ අපේ අංගම් ශිල්පියෙක් රුසියාවට ගෙනියල හදපු අද අපේ ඉස්කෝලවලටම හදුන්වා දීල තියෙන මල්ලව පොර කියන ක්‍රීඩාව වගේ. ඉතින් මල්ලව පොර අපේ වුණාට අපිට කිසි ගෞරවයක් ඇවිල්ල තියෙනවද? නැහැනේ. හොඳ එක අවශ්‍ය වෙන දාට ඒක එයාලා තීරණය කරයි. අනික රස්තියාදු කා‍රයෝ වගේ ගහ ගන්න තියෙන එකක් නෙමෙයි අංගම්පොර කියන්නේ කියලයි මම නම් හිතන්නේ. ඒ වුණාට අංගම්පොඩි කියනවා වගේ නම නැතිකළාට පස්සේ මොකක් තිබුණත් වැඩක් නෑ. කරාටි කාරයෙක් ඔය හොර අංගම්කාරයෙකුට ගහපු දාකට අපේ උරුමයේ අභිමානයට මොකද වෙන්නේ කියලා හිතල බලන්නකෝ...

KingGuru said...

මට ආසයි අන්ගම්පොර ඉගෙන ගන්න එත් ඉතින් හොදම කවුද? කරුන කරල මට උත්තරයක් එවන්න

අංගම්පොඩි said...

අන්තර්ජාල හෝ රීදීතිරයේ වීරයන් ලෙස නම් දරා සිටින කෝට්ටේ ඉලව්මඩුවේ සාමාජිකයන් විසින් ඔවුන්ගේ මුහුණු පොතේ දී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් අංගම්හොරු බ්ලොක්කරණය තුළ ඔවුන්ට කර ඇති චෝදනාවලින් කර හැර යාමට උත්සාහ දරන බව පෙනී ගොස් ඇති හෙයින් එම පිළිතුරුවලට පහත ලිපියෙන් ප්‍රතිඋත්තර බැඳීමට සිදු වී ඇත.

උත්තරවලට ප්‍රතිඋත්තර පිටුව බලන්න

ප්‍රගීත් said...

ප්‍රසංසනීයයි. සුබ පතනාවා.

Anonymous said...

මේ ගැන දැනුවත් කළාට පින් . මම හිතන් හිටියෙ මේ විදියෙ "හොරු" ටයිප් එකේ අය ඉන්නෙ ලංකාවෙ බුද්ධ ධරමය ලබා දෙන තැන් වල විතරයි . කියල . බලං යද්දි මෙතනත් ඉන්නවා .

වහරක ක්‍රමය , මහමෙවුනා ක්‍රමය , පිටදූවේ ක්‍රමය , නලින් ද සිල්වා ක්‍රමය , සිරිවර්ධන ක්‍රමය , වතුරගම ක්‍රමය වගේ ගොඩක් නම් වලින් තමන්ගෙ ධරම්ය බුද්ධ ධර්මය නමින් අද ලංකාවේ අලෙවි වෙනවා .

~සිංහ ලේ ~
ඉතාම කණගාටුඉ. ශාස්නයත් මේ වගේ පාරම්පරික වටිනාකම් ඇති දෑ බොහොමයක් ඇස් ඉදිරියේ අලෙවි වීම දරා ගත නොහැකි .

Gayani wickramarachchi said...

අන්ගමිපොර ශිල්පියෙක් වන රාජා වික්රමආරචිචි මහතා පිගිබද ඔබගේ හෙලිදරවිවෙන් හෙලි කර තිබෙන්නේ සාවද්ය සොයාගැනීමි වෙ මන්ද යත් ඔහු කිසි දින කිසිදු නර්ථනයක් හදාරා ‍නැති අතර බොක්ෂින් පිලිබද කිසිවක් නොදන්නා බැවිකි ඔබගේ මෙම හෙලිදරවිවෙන් හැන්ගිලා මඩ ගසනවාට වඩා ඵලදායී වන්නේ රත්නපුරයට පැමින වික්රමආරාචිචි පරපුර පිලිබද සායා බලා සත්ය සද් ඉදිරිත් කිරිමයි ඔබගේ මෙම හෙලිදරවිව රාජා වික්රමආරාචිචි මහතාගේ ඉදිරි ගමනට ආශිර්ව‍ාදයකි

අංගම්පොඩි said...

ආයුබෝවන් ගයානි,

ඔබ රාජා නැමැත්තාගේ දියණිය යයි මා හිතනවා. කෙසේවෙතත් ඔබ දක්වා ඇත්තේ ඔහු නර්තන ශිල්පියෙකු නොවීම හා බොක්ෂින් නොදැනීම යන්නයි. එම කරුණුද සාක්ෂි විරහිත වන අතර එය එසේ වුවද ඔහු අංගම්පොර දන්නවා යන්නට එය සාක්ෂියක් නොවේ. ඔහු විසින් පුවත් පත් වලට හා වෙනත් මාධ්‍යන්ට කියා ඇති කරුණු හා ඔබ පරම්පරාවේ ඉතිහාසය (සුද්දන්ට බැලමෙහෙවරකම් කළ) ගැන දන්නා අපට ඔබ ලබා දී ඇති කරුණු ඔහු අංගම් චෞරයෙකු නොවේ යයි කීමට අපොහොසත් වෙයි. න්‍යායාත්මක හා රහසිගත කරුණු ඇත්නම් ඒවා සාකච්ඡා කිරීමට අප ඊමේල් ලිපිනය විවෘත්තයි. චෞරයෙකු ලෙස සැක කෙරෙන අයෙකු සම්බන්ධව ශාස්ත්‍රානුකූල සාකච්ඡාවක් කිරීමට ඕනෑම අයෙකුට එයින් හැකි වේ. ඒ නිසා පදනම් විරහිත පැහැදිලි කිරීම් මින්පසු මෙලෙස නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. රාජා ගැන අප සතුව ඇති කරුණුවලින් ස්වල්පයක් පමණක් මෙම බ්ලොගයේ දක්වා ඇති බවත් ඉදිරියට අවශ්‍ය වුවහොත් පමණක් අනෙක් කරුණුද ඉදිරිපත් කෙරෙන බවත් මැදහත් පාඨකයාගේ දැනගැනීම පිණිස සැලකර සිටිනවා.

තෙරුවන් සරණයි.

Gayani wickramarachchi said...

රාජා වික්රමආරචිචි මහතා‍ෙග් දියනිය වන ගයානි වික්රමාරචිචි වන මම මේ හෙලිදරවිවට දන්වා සිටින්නේ අපගේ ශිල්පය පිළිබද අමුතූ ඔප්පු කිරීමක් අපට අවහ්‍ය නොවන බවයි මන්ද මෙම හෙලිදරවි නරැ ගමේ ලිදලග සංගමය බදූ කැනක් බැවින්

අංගම්පොඩි said...

ආයුබොවන්, ඔබට එවැන්නක් සැබවින්ම අනවශ්‍ය හා එයට ඔබ අකමැති බව අපි දනිමු. ලිඳ ළඟ සංගමයට වුවද කැමති අයට පමණක් පැමිණිය හැකිය. අකමැති අයට නිහ‍්‍ඬව සිටිය හැකිය. ඔබේ කැමැත්ත අකමැත්ත අපට අදාල නැත. අපේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වේවි.

Anonymous said...

ඔබතුමා කියන්නේ මේ පාරිශුද්ධ අංගම් කලාව ට ඉන්දියා වේ බලපෑම පොඩ්ඩක් වත් නෑ කියනලානේ ....... ඒ කියන්නේ මේ පිරිසිදුම සාස්තරේ දන්නා මිනිස්සු යකුන් ගෙන් පවෙතෙන්න ඕනි කියලනේ ??? හරි ... ඔබතුමා දන්නවද ඔබේ ආදිතම පියා වන "විජය රජතුමා " කුවේණිය නමැති කෙල පැමිණි අංගම් සටන්කරියක ගේ උදව්වෙන් යක්ෂ ගෝත්‍රිකයෝ සේරම මරලා දැම්ම කියල ???? ඉතින් ඔයා හිතනවද ඔය ගේ ආදී පියා යක්කුන්ගෙන් එකෙක් වත් ඉතුරු කරන්න තරම් මෝඩයෙක් වෙයි කියල......... එතන යක්ක ගෝත්‍රිකයෙක් ඉතුරු උනේ කුවේණි විතරයි.... පහු කාලීනව එයාගෙන් තමයි වැද්දෝ පැවතෙන්නේ.... එහෙනම් පාරම්පරික පරිශුද්ද අංගම් ශිල්පියෝ වැද්දෝ වෙන්න ඕනි නේ ....... ඔබතුමා බුදු දහම පිළිපදිනව වගේම මේ අංගම් කලාවේත් ඉන්දියානු අභාෂය යන්තම් හරි ගැවිලා තියෙනවා.... එහෙම නැත්නම් ඔබතුමා බුදු දහම පැත්තකට දාලා ගිහින් ගස් ගල් වලට වඳින්න..... ඔය කියන විදිහට අංගම් ශිල්පියෙක් හොඳ බෞද්දයෙක් විය යුතු නැහැ මේක තනිකර ම යක්කුන්ගේ කලාව නම් .... මොකද කියනවා නම් යක්කු කවදාවත් බෞද්ධයෝ නෙමෙයි..... පොඩ්ඩක් නැගිටලා බලන්න ඔබතුමා ඉඳ ගෙන ඉන්නේ තමන් ගේ මොලේ උඩ ද කියල.....

අංගම්පොඩි said...

අපට ඉතිහාසය කියා දෙන්න උත්සාහ කලාට ගොඩක් ස්තූතියි. ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ විජයගෙන් කියලා ඔයා හිතාන ඉන්නේ කොඩ්රින්ටන්ගේ ඉතිහාසයට අහුවෙලා. විජයගෙන් අපේ ඉතිහාසය පටන් ගන්නවා කිව්වේ ඔයා ඔය කියන ඉන්දියාවෙන් ආව සොලී හිමි නමක් ‍එතෙක් ලියැවී තිබූ මහා විහාර ඉතිහාස අටුවා සියල්ල කන්දක් උසට ගොඩ ගහලා ගිනි තියලා ලියපු මහාවංශය කියන පොතෙන්. ඒ ඉතිහාසය ඇත්ත නම් කතරගම තියෙන මහසෙන් ප්‍රතිමාව කාගෙද? නාලන්දා ගෙඩිගේ කියන්නේ මොකක්ද? සිතා එලිය, රාවණා ඇල්ල, රාවණා හුල ආදී ස්ථාන නාම හැදුනේ කොහොමද? පොලොන්නරුවට පුලතිසි පුරය කියන්නේ ඇයි? වගේ ප්‍රශ්න කීපයකට උත්තර හොයලා බලන්න. එතකොට ඔයාට තේරෙයි විජයගෙන් එහා ගිය ඉතිහාසයක් අපිට තියෙනවා සහ විජය ලංකාවේ හිටිය යක්ෂයින් සියල්ල මැරුවා කියා කියන්නේ ඉන්දියාවට මේ රට න්‍යායාත්මක ලෙස යටත් කර ගන්න තිබූ අවශ්‍යතාව නිසා කියා. යාළුවා අපේ කතරගම මහසෙන් සෙනෙවියා බුදු දහම රකින්න විවරණ ගන්නේ කකුසද බුදුහාමුදුරුවන්ගෙන්. ගෞතම බුදුහාමුදුරුවෝ මහියංගණයට එනකොට මහියංගණයේ හිටියේ කාශ්‍යප බුදු හාමුදුරුවන්ගේ ශ්‍රාවක මිනිස්සු. ඒ මිනිස්සු බුදුන් සමඟ කළ ආගමික සංවාදය තමයි මහියංගණයේ යක්ෂයින් දමනය කලයි කියලා කිව්වේ. ඉන්දියාවේ අජන්තාවට ගිහිල්ල එහි ඇති චිත්‍ර අධ්‍යයනය කරලා බලන්න. බුදු කෙනෙකුට ඉස්සෙල්ලම නමෝ කියලා වඳින්නේ යක්ෂයෙක්. ගෞතම බුදුහාමුදුරුවන්ට නමෝ කිව්වේ සාතාගිරි යක්ෂයා. ඒ නිසා නොදන්න ඉතිහාසයක් අල්ලගෙන මේ උතුම් ශාස්ත්‍රය ඉන්දියාවට පාවා දීල ඉන්දියාවෙන් ගෙනාපු මගඩි නැටුමක් මෙහේ අංගම්පොර කියලා හදුන්වා දෙන්න උත්සාහ කරන්න එපා. පොත් සාප්පුවකට ගිහිල්ලා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු ඇතුළත් පොත් ටිකක් කියවන්න. එතකොට තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙයි ඉඳන් ඉන්න එක මොකක්ද කියලා. තෙරුවන් සරණයි.

Anonymous said...

ලිඳ ළඟ සංගමය නොවයි , ලිඳ ඇතුලේ සංගමයක් මේක. ඒ මොකද කියනවනම් ලිඳ ළඟ සංගමයේ කට්ටිය පෙනෙන්නට ඉන්නවා . මේ ලිඳ ඇතුලේ සංගමේ කට්ටිය පෙන්න නැ. ඔක්කොම ලිඳේ ඇතුලේ ඉන්නේ ලින් මැඩියෝ වගේ. කොච්චර එලියට එන්න , ඇවිල්ල බලන්න කිව්වත් එන්නේ නැ. ලිඳේ ඇතුලේ පෙන දේ හරියි කියාගෙන තමයි හැමවෙලාවෙම ඉන්නේ.

චන්දිත වික්‍රම

අංගම්පොඩි said...

චන්දිත, මේක ලිඳ ඇතුළේ සංගමයක් නම් ඒක ප්‍රඥා ගෝචන නැතිනම් ඔයා මොකද මේ ඒක ඇතුළටම ඇවිල්ලා "බක බක" ගාන්නේ? දැන් ඔයා විශ්වාස කරන නිවැරදි දේ දැනගන්න ඇවිල්ලා බලන්න ඕන කොහේටද? කවුරු ළඟට ද? පුද්ගලයා හා තැන කිව්වනම් බලන්න, අපි නොගිය තැනක්ද කියලා හරියටම දැනගන්න.

Wolfcrow said...

ඈහ්? මම ඉගෙනගත්ත හැටියටනම් බුදු කෙනෙකු පහල වන්නේ ලෝකෙන් බුදු දහම තුරන් වූ කාලෙක කියලයි.... එහෙම එකේ කාශ්‍යප බුදුන්ගේ ශ්‍රාවකයන් එම ධර්මය රැකගෙන සිටින කාලයක ගෞතම බුදුන් පහල වූයේ කොහොමද? කරුණාකර මෙය පැහැදිලි කරන්න?

අංගම්පොඩි said...

ඔබ දැනගෙන හිටිය එකේ පුංචි සංශෝධනයක් එක්ක නිවැරදියි. එනම් බුදු දහම නොව බුදු සසුනයි. බුදු සසුන ලොවෙන් තුරන් වූ පසු තවත් බුදු කෙනෙක් පහළ වෙනවා. බුදු සසුන යනු සිව්වනක් පිරිසයි. එනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන පිරිසයි. බුදු දහම මෙම පිරිස නොමැතිව වුවත් පැවතිය හැකිය. බුදු දහමේ පංච ශීලය වැනි ප්‍රතිපත්ති ශේෂ වී තිබී ඇත. මෙයට හොඳම උදාහරණය ආලවක සූත්‍රයයි. ආලවක සූත්‍රය තුළ ආලවක නම් යක්ෂයා බුදුන්ගේ අසනුයේ බුදු දහමේ මූලිකාංග සම්බන්ධ ප්‍රශ්න කිහිපයකි. ඒ චතුරාර්ය සත්‍යය සම්බන්ධ ප්‍රශ්නයි. බුදු දහම 100%ක් නොමැති වූවා නම් එම ප්‍රශ්න ඇසීමට ආලවක යක්ෂයා දන්නේ කෙසේ ද?

"පඤ්වන්තස්‌සා යං ධම්මෝ නා යං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස"
(බුදුදහම ප්‍රඥවන්තයන්ට මිස දුෂ්ප්‍රාඥයන්ට නොවේ)

Wolfcrow said...

ඔබගේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි.

මගේ අනිත් ප්‍රශ්න නම්:

1. අංගම්පොර සටන් ක්‍රමය වර්තමාන කාලයට කෙතරම් දුරට ගැලපෙනවාද? වර්තමානයේ අවි ආයුධ සහ යුදෝපක්‍රම ආදි කාලයට වඩා වෙනස්ය. අංගම්පොර මේ වෙනස්වීම් වලට හැඩගැස්විය හැකිද?

2. අංගම් සටන් කරුවන්ට වර්තමාන ලෝකයේ අනිකුත් සටන් කරුවන් සමග ක්‍රීඩා සටන් කල හැකිද? මම කියන්නේ මාරාන්තික නොවන සටන් ක්‍රීඩා (නීති සහිත ඒවා) උදාහරනයක් හැටියට මිශ්‍ර සටන්කලාකරුවන් සටන් කරන යූ. එෆ්. සී. වැනි ක්‍රීඩා වල. මම හරි කැමතියි අපේ ලංකාවේ කොල්ලො ටිකක් අංගම්පොර පාවිචි කරලා පිටරට සටන් ක්‍රම පරදනවා බලන්න! :)

අංගම්පොඩි said...

ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.

1. අප වර්තමානයේ මෙන් අවි ආයුධ හැදීමට එදා නොපෙළඹුනේ දණුමොනර හැදූ අපට තුවක්කුවක් හදා ගැනීමට තාක්ෂණයක් නැති නිසා නොවේ. බියගුලු ලෙස හැංගී වෙඩි තැබීම වැනි නීච සටන් ක්‍රමයකට ඇති දැඩි අකමැත්තයි. කෙසේ වෙතත් පෘතුගීසීන්ගේ ආගමයනයත් සමග අපි තුවක්කු නිර්මාණය කලා. තුවක්කුසේප්පු ආරච්චි කියන වාසගම හැදිල තියෙන්නේ තුවක්කු සේප්පුව බලා ගත්ත පරම්පරාව නිසා. අංගං ශාස්ත්‍රෙය් ඇති නිශ්චිත ආයුධ වර්ග ටික පුහුණු වූ පසු ලොව ඇති ඕනෑම ආයුධයක් හැසිරවිය හැකිය. තුවක්කුවකින් වෙඩිතැබීමට පෙර ක්‍රියාත්මක වී සතුරාට පහර දීමට, මායා අංගම් හරයා වෙඩි වැදීම වලක්වා ගැනීමට ආදියට ක්‍රමවේද තිබෙනවා. තුවක්කුවට සමාන කටින් පිඹ විස කූරක් සතුරාට විඳින ආයුධයක් අංගම් ශාස්ත්‍රෙය් තිබෙනවා.

2. ඇත්තවශයෙන්ම ඔව්. නමුත් තිබෙන ගැටලුව මල්ලව පොර කියා අද පැමිණ ඇති දේ එදා අපේ ගුරුවරයෙකුගෙන් පිටපත් කර ගත්තා මෙන් අපේ දේ පිටපත් කිර අපට කිසිඳු වටිනාකමක් නොදී එය උන්ගේම එකක් කර ගැනීමට සුද්දෝ අදත් මාන බලනවා. එයට අමතරව අද ඉන්න අංගම්පොර යයි කියා ගන්නා අය හරි කැමතියි සැබෑ ශිල්පීන් එලියට එනවා නම්. මන්ද ඇඳුම් ආයිත්තම හා වචන පිටපත් කර ගත හැකි නිසා. මේ උත්තරය ඍණාත්මකයි තමයි. නමුත් කරන්න දෙයක් දැනට නැහැ. තව වසර සිය ගාණකට පසුව තත්ත්වයට වෙනස් වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

Anonymous said...

ඔබතුමා ඉතිහාසය ඔය විදිහට සංශෝදනය කරන්නේ මොන පදනම ක ඉඳ ගෙනද කියල මට දැනගන්න පුලුවන්ද....??? මහාවංසය බොරු කියන්නේ ඔයා ඒ කාලයේ ජීවත් උනාද ??? ඔයා දැන් බුදු දහමත් අතරින්නකෝ ඉන්දියාවේ කියල..... ඇයි ඒක පිළිගත්තේ???? ඔබතුම දැන ගන්න අද ඔබ භාවිත කරන සිංහල අක්ෂර මාලාවත් ලැබුනේ ඉන්දියාවෙන් කියල.... එකහන්ද ඔබ මීට පස්සේ සිංහල බවිත කරන්නත් එපා...... මොකෝ ඒක ඉන්දියාවෙන් හම්බෙච්චි දෙයක් නේ....

අංගම්පොඩි said...

1. ඔබට අනුව මා ඉතිහාසය වෙනස් කළා නම් ඒ කළ හැම තැනකකදීම මා එහි පදනම පැහැදිලි කොට ඇත. (ඔබේ දුර්වල විචක්ෂණ බුද්ධිය ගැන අපි අනුකම්පා කරනවා)
2. මහා වංශය ඇත්ත කියන්න ඔබ එදා ජීවත් වූවාද?
මහාවංශ්‍ය බොරු බව සමකාලීනව රචනා වූ ‘මහාවංශයට ටීකාවක්‘ නම් ග්‍රන්ථයේ සඳහන්. ඉතිහාසයේ ගැන දැන ගන්න ඒ කාලයේ ජීවත් විය යුතු නැත. ඔබට ඔබේ පියා ලෙස ඔබේ පියාව විශ්වාස කරන්නේ ඔබ ඉපදීමට පෙර ඔබේ මව හා පියා රමණයේ යෙදෙනවා බලා සිට නොවේ නේද?
3. බුදු දහම අපට ඉන්දියාවෙන් ලැබෙන්න ඉස්සෙල්ලා අපි ළඟ තිබුණා. නොතිබුණා කියලා හිතෙනවා නම් ලංකාවතාර සූත්‍රය කියවන්න. බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ගියේ කීදාහක් මිනිස්සු සොවාන් කරලද කියලා ඔයා විශ්වාස කරන මහාවංශයේම තියෙනවානේ. තවත් ඕන නම් ගිරිහඬු සෑයට ගිහිල්ල කාලනිර්ණය කරලා බලන්න කොපමණ පරණද කියලා.
4. සිංහල ලැබුණේ ඉන්දියාවෙන් නම් ශුද්ධ සිංහල භාෂාවේ තිබෙන එක අකුරකට සමාන අකුරක් ඉන්දියානු භාෂාවෙන් පෙන්වන්න. පණ්කාභය රජතුමාගේ කාලයේ සිට රුවන් වැලි සෑය ඉදිරිපිට තිබෙන ස්ථම්භයේ ලියලා තියෙන්නේ ඉන්දියාවෙන් ගෙනපු අකුරුවලින්ද?

තමන් උපන් ජාතියේ ඉතිහාසය වෙනත් රටකට ජාතකකොට දෙන්නට තරම් කණවැන්දුම් වූ ඔබ වැනි දුශ්ප්‍රාඥයින්ට කිව යුත්තේ බෝට්ටුවක් අරගෙන ගොස් ඉන්දියාවේම පදිංචි වන ලෙසයි. උඹලාට මේ රත්තරන් පොළවේ ජීවත් වෙන්න වත් අයිතියක් නැහැ.

පිට රට සිරිතට දිව දික් කරලා
අද සිංහල කළු සුද්දා
අන්තිමේදී නිදියන පැදුරත්
දැන් දැන් පිට රටෙන් එන්නා

Wolfcrow said...

අංගම්පොඩි,

අංගම් සංදර්ශන පිලිබදව ඔබේ අදහස් මොනවාද?

ශාස්ත්‍රයේ රහසිගතබව මෙම සංදර්ශන තුලින් නැතිවෙනවා නේද?

එම සංදර්ශන පවත්වන අය සැබෑ අංගම් ගුරුවරුන්ද?

අංගම්පොඩි said...

ආයුබෝවන්,

1. ඇත්තටම අංගම් සන්දර්ශන කියන්නේ මහාසම්මත මනු රජු දක්වා ඉතිහාසයක් ඇති දෙයක්. තමන්ගේ සටන් දක්ෂතාවය පෙන්වන්න රජතුමා හෝ වෙනත් පිරිසක් ඉදිරියේ සටන් කොට පෙන්වීම තමයි අද දක්වා පවතින්නේ. නමුත් අද කෙරෙන සංදර්ශන පෙර සූදානම් වී පැමිණ එතනදී කෙරෙන රඟ දැක්වීම්. අංගම්වලදී මෙවැනි දෙයක් අනුමත කළ නොහැකියි. සංදර්ශනය කිරීමට අවශ්‍ය නම් යම් යම් නීති රීති පද්ධතියක් තුළ සටන් කරුවන් සැබෑ සටනක් කොට පෙන්වීම සිදු කළ යුතුයි. නමුත් තැරැක් සෙල්ලම් වැනි දේ එනම් තම සටන් දක්ෂතාව පෙන්වීමට පුහුල් ගෙඩි හා ලූණු බිකි කැපීම වැනි දෑ එදා පටන් සිදු වුණා. ලෙව්කේ රාළ යනු පොල්ගෙඩිය අතින් මිරිකා පිටරැටියෙකුට පෙන්වූ අපේ වීරයෙක්. කෙසේ වෙතත් අද සිදුවන පෙර සූදානම් වී පැමිණ කරන සංදර්ශන අංගං හටනේ සංදර්ශන ලෙස අපට පිළිගන්න බැහැ.

2. ඔව් එවැන්නක් සිදු විය හැකිය. නමුත් තැරැක් සෙල්ලම් හා සැබෑ සටන් වලින් එය සිදුවන ප්‍රමාණය අවමයි. කෙසේ වෙතත් ඒවා පටිගත කිරීමෙන් එවැන්නක් සිදු විය හැකියි.

3. එය ඔබට තීරණය කිරීමට නිර්ණායක මෙම බ්ලොගයේ ඉදිරිපත් කොට ඇත. මන්ද ප්‍රසිද්ධියේ සිටීම හෝ අප්‍රසිද්ධියේ සිටීම සැබෑ ගුරුවරයෙක්ද නැද්ද යන්නට නිර්ණායකයක් ලෙස පිළිගත නොහැකිය.

විමර්ශන said...

ආයුබෝවන්! අජන්තගේ ඌරා වලේ අභියෝගය ගැන අදහසක් තිබේද? එය බාර නොගැනීමට හේතු තිබේද?

අංගම්පොඩි said...

හොඳ ප්‍රශ්නයක්. අජන්ත නැමැත්තා අභියෝග කොට තිබුණේ අංගම්පොර නමින් පෙනී සිටින චීන අඩි හා වෙනත් ඉන්දියානු සටන් ක්‍රම උගන්වන පුද්ගලයින්ට ය. සැබෑ අංගම් ශිල්පීන්ට නොවේ. එම නිසා එය අපට අදාල නැත. එය අපට අදාල වුවද අප්‍රසිද්ධ සටනකට මිස මාධ්‍ය ආවරණයක් දෙන සටනකට අප එකඟවන්නේ නැත.

strider said...

මම මේකේ ඔක්කොම comments කියෙව්වා. මේකේ හැටියට හරි අංගම් පොර ලංකාවේ නෑ කියල කියන්නේ. තියෙනවා කියල කියන්නේ නෑ. මේ blogspot එක පවත්තගෙන යන අය අංගම් පොර හරියට දන්නවනම් ඔයොල්ලන්ට පුළුවන් මේවට license දෙනකොට නිරීක්ෂණය කරන්න. එකට රජය බාද කරන එකක් නෑ.

Anonymous said...

sorry for using English. there's on other way to add a comment. i went through your blog. some evident like videos can be true. i know a little bit of ritigala sumedha. i thought he is carrying the real "ANGAM PORA". i know few students of him. they are really passionate about their teacher.

how ever is there any one whom doing it properly? or has it became history??????

hope you will reply this.

Anonymous said...

මේ අජන්ත ගුරුන්නාන්සේ කරන්නෙත් බොරුවක් කියල මට හිතෙනවා. මොකද කියනවා නම් එය මේ දවස් වල "ඉසිවර රණකෙලි " කියල ටෙලි නාට්‍යකට එයාගේ සාස්තරේ ඔබ්බවල ප්‍රදර්ශනය කරනවා. ඔබම කියල තියෙනවා " පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම" කියන එක සබැ අංගම්පොර ශිල්පියෙකුගේ ලක්ෂණයක් කියල . ඒ අනුව බලන කල අජන්ත් ගුරුන්නන්සේත් "අංගම් හොරෙක් " නේද?? තවද මොහු "මහතලා හටන " නම් තෙලේ නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය කර ඇති අතර එහිදී මොහුගේ නම කියා උනේ "අජන්ත පෙරේරා " ලෙසයි . මෙම "ඉසිවර රණකෙලි " හි එතුමාගේ නම කියවෙන්නේ "අජන්ත මහන්තාරච්චි " ලෙසයි. මෙය පරස්පර විරෝද්යි නේද? කෙසේ වෙතත් "පෙරේරා " යන නම් ඇත්තෙකුට අංගම් කලාව පරම්පරාවේන එන්න විදිහක් නෑ. මොකද "පෙරේරා " කියන නම දුන්නේ ප්රුතුග්රීසින්ට පරගැති කම් කරපු සිංහලයින්ට.

deneth said...

පළමුව ඔබ විසින් ටර්කනුකුලව ඉදිරිපත් කර ඇති විස්ටර ගෙන සිදුතිය පල කරමි. බුද්ද දර්මය අනුව කුල ක්‍රමය පිලි නොගැනේ. එම නිසා ඔබ විසින් එය සම්බන්දව ඉදිරිපත් කර ඇති අදහස ගෙන විරුදතාවය පල කරමි. දෙනට අංගම් සටන් කලාව පිළිබද ඉදිරිපත් වේ ඇති එකම කෘතිය නම් දෙරනියගල මහතා ගේ පොතය (සිංහලයේ ට්‍රසජනක ක්‍රීඩා ). ඔබට හෙකි නම් මේ පෙලිබදව විස්තරයක් සහිත පොතක් පල කරන්න. මා දකින ආකාරයට අංගම් සටන් කලාවේ පරද දුර්වල තාවය වන්නේ එය රහසිගතව පවත්වාගනිමි. ඔබ කියන ආකාරයට මෙවෙනි පොල් බුඋරුවන්ට අවස්තාව ලැබී අත්හේ සේබී සටන් කරුවන් එය අබරනයක් ලෙස සැලකීම නිසා නොවීද. ශේස්ට ජාතියක් ඌ අපි අද දීන තත්වයට අද වෙති අත්තේ අසමගිය , මානය හා දුසිරිතය නිසා වෙනි.
මෙවන් ප්‍රබල සටන් කරමයක් ජනතාවගේ හිට සුව පිණිස යොදා නොගෙනීම නිදවකි. උද්දෙට නෙති කඩුව කොස් කොට්ටන්න්ද කියා අර කියමනක තියනවනේ යාළුවා. වැඩ වෙදගත් වෙන්න අපගේ ඉතිහාසය ගෙන පරම බෙම නොව අපගේ කලාශිල්ප සහ තර්ක්ෂණය අපගේ ජනතාවගේ දියුණුව උදෙසා යොදා ගැනීමි. රවන රජතුමා වසර 5000 කට පෙර ගුවනින් ගියත් අද අපට එක බිසිකලයක් හදා ගත හෙකිද.

මෙම බ්ලොග්ගයට අදාල නොඋවත් බද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ ශ්‍රී රවන්නා පුවත ගෙන ඔබගේ අදහස් මොනවාද ?

අංගම්පොඩි said...

Striderට පිළිතුර - ඇත්තටම එවන් දෙයක් කළ නොහැකියි. මන්ද පවතින රජය රටට ආදරය කරන සිංහල රජයක් ලෙස අපි පිළිගන්නේ නැහැ.

ඉංග්‍රීසියෙන් අදහස් දැක්වූ අයට - සිංහලෙන් කොමෙන්ටු එකතු කිරීමට මෙම යොමුව භාවිතා කරන්න.
http://www.google.com/transliterate/Sinhalese
අංගම් ශාස්ත්‍රය රහසිගත පරම්පරා කිහිපයක් තුළ තවමත් නිරුපද්‍රිතයි. නමුත් තවත් වසර දෙසීයකට පෙර අපි ප්‍රසිද්ධියට එන්නේ නැහැ. එය අපගේ යෝගාවචරයින්ගේ හා දේව නියමයයි.

සිංහල අදහස් දැක්වූ පුද්ගලයාට - අජන්ත නැමැත්තා සම්බන්ධව අප මේ වන විට යම් බඳු ආකාරයට පරීක්ෂණයක් සිදු කරනවා. ඔහු ගැන කියා ඇති අදහස් සම්බන්ධයෙන් අපට යමක් කිව නොහැකියි. කෙසේ වෙතත් එයින් ඔහු නිවැරදියි යයි අප පිළිගන්නවා යයි වරදවා තේරුම් ගත යුතු නැහැ.

දෙනෙත්ට පිළිතුර - ස්තූතියි. දැනට පොත්පත් පළ කිරීමේ අදහසක් නැහැ. ඇත්ත වශයෙන්ම අපට නිහඩව සිටීමට ප්‍රභල හේතු තිබුණා. එය කුහකකම ලෙස අර්ථකථනය කරන්න එපා. මන්ද බුරුතු පිටින් අපේ සටන් කරුවන් මරණ විට අපට මෙම කලාව ආරක්ෂා කර ගැනීමට බොහෝ කැපවීම් කරන්න වුණා. ඒවායේ කාලානුරූපී ප්‍රථිපලයක් තමයි මෙම නිහඬතාව. එය තවත් ශත වර්ෂ කිහිපයක් පවත්වාගත යුතු බවයි මෙම කලාව ආරක්ෂා කරන උසස් ආත්ම සමඟ අදහස් හුවමාරු කරන අපගේ යෝගාවචරයින්ගේ අදහස. මෙම කඩුව නැවතත් යුද්දෙට ගන්නවා. ඒකට දැන් කාලය නොවේ. අදට මේ බොරුකාරයිනද ගැටලුවක්. ඉතිහාසය කියන්නේ නැවත නැවතත් සිදුවන දෙයක්. බිය නොවන්න. නැවතත් රාවණා යුගයක් එනු ඇත. සිත දියුණු කොටගෙන නැවතත් මේ පින් බිමේ ඉපදීමට උත්සාහ කරන්න. එවිට ඒ සියල්ල දැකගත හැකි වේවි. (ඔබ කියන රාවාණ්ණා දෙවියන් සම්බන්ධ කෘතිය ගැන දැනට අදහසක් පලකළ නොහැකියි)

සැමට තෙරුවන් සරණයි.

walagamagedara said...

අංගම්පොර යන්න සටන් කලාවක් නොවේ ,,,එය කුඩා කල සිට විවේකි බුද්ධියෙන් දිවි හිමියෙන් පුරුදු පුහුණු කරන ලද හෙළයන් බුදු සසුන රැක ගැනීමටම පවත්වාගෙන ආ ශාස්ත්‍රයකි ,එවකට ජන සමාජයේ ජීවිත සංකීර්ණ නොවූ හෙයින් මෙම ශාස්ත්‍රය පුර්ණ කාලීනව පුරුදු පුහුණු කෙරුණු දෙයකි ,,,රැකියාවක හෝ ව්‍යාපාරයක නියැලෙන ගමන් සතියකට සැරයක් හෝ දෙසැරයක් අංගම් පන්ති ගොසින් හෙළයන විසින් පෙර තිබු අයුරින් එම මට්ටමට ශාස්ත්‍රය පවත්වාගෙන යාමට නොහැක ,,,ඉතිහාසය පිරික්සා බලන්න හෙළයන් අංගම් බාවිතා කරේ සාසනය පජතික විජාතික බලවේගවලින් රැක ගැනිමටමය ,,,දැන් අංගම් කියා කඩ කරන අයගේ අරමුණු ප්‍රසිද්දිය ,,,ටෙලියක රඟපෑම වැනි දේ මිස පෙර කි අරමුණ බව නොපෙනේ

Anonymous said...

පසුගිය දිනෙක අංගම් ගුරුවරු යම් ප්‍රමාණයක් එකතු වෙලා ඇමති තුමෙකුවත් ආරාධිත අමුත්තා ලෙස ගෙන්නාගෙන සමුළුවක් සහ සංදර්ශනයක් පවත්වා ඇත. එහි සමහර ගුරුවරුන් ගැන අප මීට පෙර අසා නැත. ඔවුන් සැබෑ අංගම් ගුරුවරුන්ද? මෙම එකතුවීම ගැන ඔබගේ අදහස් මොනවද?

Dileepa said...

ආදරණීය අංගම්පොඩි,

ඔබගේ කෙපවීම අගය කොට සලකමි. එහෙත් ඔබ මේ වන විට සිටින්නේ ලංකාවේම නම් වසර 200 පසු අංගම් එලි දෙක්වීම ගැන තිබෙන්නා වූ අදහස ඉවත්කරගන්නවා නිසකය්. (ඔබගේ ගුරුන් නන්සේලා ගේ අදහස් ඔබ පිළිපදින බව දනිමි ) මක් නිසාද යත්, දැනටම වැඩි වී තිබෙන්නා ඌ මුස්ලිම් ජනගහන අනුව තව වසර 200 කින් නොව 5-10 අතර කාලයක් තුල මෙය මලදිවෛන, නේපාලය, බංග්ලාදේශය මෙන් මුස්ලිම් රටක්ම වනු ඇත. බොරු නම් සංචාරය කර බලන්න. කරුණාකර මා ඔබට එවූ ලිපියට පිළිතුරුද එවන්න.
බුදු සරනය්

මීට දිලීප

akila said...

අජන්ත ගුරුන්නාසෙගැන ඔබට ඇති ගැටලුවට මාගෙ සොහොයුරෙකු පිලිතුරු දි ඇති හෙයින් යලිත් එ ගැන මා කතා නොකරමි.කරුණාකර මෙ අංගම් හොරු යන ගොඩෙන් අප ගුරුතුමාව ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමි.. හරි හැටි කිසිදු සක්ෂියක් නොමැතිව මෙතුමාට මෙවැනි අපහසයක් කරන්නෙ මන්ද ?

Anonymous said...

මේ ආත්මෙ ඉගෙනගන්න තියා දකින්නවත් නැති අන්ගම්පොරයකින් ඇති වැඩෙ මොකද්ද අන්ගම්පොඩි. ඔයා මලාට පස්සෙ වෙන දෙය ගැන දන්නවද. අන්ගම් කියල දෙයක් නෑ. උබල බොරුවට සින්හලකම ගැන කියවල පව් පුරවගන්න එපා.

අංගම්පොඩි said...

114 ට පිළිතුර - ඔබ නිවැරදියි. ඔබගේ අදහස අගය කරමු.

115 ට පිළිතුර - එම සමුළුවට හා ජන කලා කේන්ද්‍රයේ පැවැත්වූ උත්සවයට එකඳු අංගම් ශිල්පියෙක් වත් සහභාගී වූයේ නැත. මීට පෙරද කරුණාපාල නැමැත්තා මුල් කොටගෙන මෙවන් සමුළුවක් ගොඩනැගූ සිරි කොතලාවල නැමැත්තා මෙවර කරුණාපාල නිවැරදි අංගම් ශිල්පියෙක් නොවන බව කියමින් ඔහු හැර අනෙක් අය සමඟ මෙම සමුළුව පවත්වා ඇත. මොවුන් සියලුම දෙනා චීනඩි, කලරි හා මලයාලම් සටන් හැදෑරූ හා ඒවා අංගම්පොර ලෙස උගන්වන අයයි.

116 ට පිළිතුර - හෙලයනි බිය නොවන්න. තමන්ට කළ හැකි උපරිමය තම ජීවිත කාලය තුළ මේ වෙනුවෙන් කරන්න. වසර 300කට ආසන්න කාලයක් රට පාලනය කළ යුරෝපීයන්ට විනාශ කළ නොහැකි වූ මේ රට මුස්ලිම් වරුන්ට ද අල්ලා ගත නොහැක. අපි අද ජාතිය අවධි කරමු. හෙට ජාතිය රැකේවි.

117 ට පිළිතුර- අජන්තව මෙහි සඳහන් කළේ ඔබගේ කැමැත්තේන් නොවේ. එයින් ඉවත් කරනවා නම් ඉවත් කරන්නේ ද ඔබගේ කැමැත්තට අනුව නොවේ. ප්‍රමාණවත් සාක්ෂි ලැබුණ දිනෙක ඉවත් කිරීමට මැලි නොවෙමු.

118 ට පිළිතුර- අපි මේ ආත්මයට ආවේ කොහේ සිටද යන්නේ කුමට තැනකට ද යන තුන් කාලය ගැනම හොඳ අවබෝධයකින් සිටින අය. ඔබටත් තමන් ගැන දැන ගැනීමට අවශ්‍ය නම් භාවනා අභ්‍යාස කොට සිත දියුණු කොට බලන්න. මේ ආත්මේදී ලබා ගත නොහැකි දෙයක් වෙනුවෙන් කරන කැපවීමක් තමයි මෙය. අංගම්පොර කියා දෙයක් නැහැ කීමට ඔබට ඇති සාක්ෂිය කුමක්ද? අංගම්පොර කියා දෙයක් තිබුණා, තිබෙනවා හා තිබේවි. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. සිංහල කම් කුමක්ද වත් කියා නොදන්නා ඔබ අප සිංහලකම ගැන කියන දේ බැහැර කරන්නේ කුමන පදනමක සිට දැයි දැන ගැනීමට කැමතියි.

Anonymous said...

බොහොම ස්තුතියි නවත අදහස් දක්වුවට, හරියටම සිංහල කියන වර්ගය ඉන්දියාවට සම්බන්දයක් නැද්ද? කොයි කලෙද සිංහල ජාතිය අතිවුනෙ. යක්ෂ ජාතිය මුල් උනානම් අවුරුඩු කීයකට කලින්ද? ඒ කලෙ කතා කරපු භාෂව අද වෙනකල් තියෙයිද? අන්ගම්පොර තියෙනවමනම් ඒක සින්හලයන්ටම අයිති එකක් නම් කරුනකරල ඔක්කොම නම්ටික කියන්න අන්ගම්පොරවල පහරවල් ආයුද වගෙ ඩෙවල්වලට කියන. නිලවල සින්හල නම් ටික කියන්න. ඔයතරම් පිරිසිදු අන්ගම් තියෙන්වනම් දෙමල නම් කොහෙවත් තියෙන්න බැහැ නේද? ප්‍රෂ්ණෙ තියෙන්නෙ ඉන්දියවෙ දෙමලුන්ට උන්ගෙම කියල පෙන්නන්න ඩෙයක් තියෙනව තවමත්, අපිට එහෙම පෙන්නන්න ඩෙයක් තියෙනවද? මම සින්හලකමට නින්දා කෙරනව නෙමේ අඩුපඩු තියෙනවනම් හාදාගන්න ඔනෙ නෙද? අයෙත් අර හන්ගෙන කතා කියන්නතුව නියම සින්හලයො වගෙ ඇත්ත කතා කරන්න. තුන්කාලයම දකින්න පුලුවන් මිනිහෙක් තවත් සටන් කෙරන්නෙ නෑ . තව පොඩ්ඩක් මහන්සිවෙලා නිවන් දකිනව මිසක්. තරහ නතුව උත්තර දෙන්නකො.

අංගම්පොඩි said...

අදහස් දක්වන විට ඔබගේ නම ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලනවා.

සිංහල යනු සිව්+හෙල=සිහල යන්නෙන් කැඩී ආ වචනයක් හා ජාතියක් මිස 700 ක ඉන්දියානු චෞර සේනාවකින් උපන් ජාතියක් නොවේ. යක්ෂ, රාක්ෂ, දේව හා නාග යන සිව් හෙලය වසර 4000කට වැඩි ඉතිහාසයක් සහිත ජාතියක්. එය ඉන්දියාවෙන් උපන් ජාතියක් නොවේ. සුරාසුර යුද්ධයේදී අපි ඉන්දියාව පරාජය කළා. ඒ කතරගම් මහසෙන් නම් සෙනෙවියා විසින්. අප කතා කළ යක්ෂ ගෝත්‍රික භාෂා හතරක් තිබුණා. අදටත් ඔළුව, කකුළ වැනි වචන එම මුල් භාෂිවේ ඒවා. අදටත් සෙල්ලිපි වල ඇති පරුමුඛ යන වචනයත් එම මුල් භාෂාවෙන් පැවත එන්නක්. අංගම් ශාස්ත්‍රය යනු යක්ෂ ගෝත්‍රිකයන් විසින් අපේ රට හා ජාතිය ආරක්ෂා කිරීමට මහාසම්මත මනු රජුගේ කාලයේ සිටම පවත්වාගෙන ආ සටන් ක්‍රමයයි. ශාස්ත්‍රීය වචන මෙහි භාවිතා කරන්න බැහැ. එයට හේතුව අංගම්හොරුන් විසින් එම නම් භාවිතා කොට චීනඩි වැනි සටන් අංගම්පොර කියා උගන්වා මේ ශාස්ත්‍රයේ නම් විනාශ කිරීමයි. එම නිසා ඒ ගැන සමාව භජනය කරනවා. අංගම් ශාස්ත්‍රයේ කිසිඳු තැනෙක ද්‍රවිඩ නම් භාවිතා වන්නේ නැහැ. ඒ භාවිතා වනවා නම් ඒ මලයාලම් සටන් ක්‍රමයි. තුන්කල් දකින්න පුළුවන් අය තමයි ලංකාවේ යුද්ධ කලේ. ඒ නිසා තමයි දුටුගැමුණු රජතුමා තව්තිසාවේ ඉපදුනේ. ථේරපුත්ථාභය මාර්ගඵල අවබෝධ කර ගත්තේ. අංගම් ශිල්පීන් තමන්ට රට වෙනුවෙන් කළ යුතු දේ කළ පසු තවදුරටත් ඉපදෙමින් මේ රට ආරක්ෂා කරනවාද නොමැති නම් නිවන් දකිනවාද යන්න තීරණය කරනවා. එසේ තීරණය කොට මේ රට වෙනුවෙන් බලාගෙන සිටින 14 දෙනෙකුගෙන් යුත් දේව මණ්ඩලයක් අදටත් සිටිනවා. දුටුගැමුණු රජු වැනි අයත් මෙම දේව මණ්ඩලයේ සිටි අයයි. නිවන් දැකීමෙන් තමන්ගේ කාරිය ඉෂ්ට වුවද රට වෙනුවෙන් සංසාරයේ තවදුරටත් සිටිය යුතු බව තීරණය කළ අය අදටත් ඉන්නවා.

පිළිතුරු ප්‍රමාණවත් යයි සිතනවා. ඔබගේ බුද්ධිමත් පැනයට ස්තූතියි

Dulara said...

චූටි පුතා
අංගම් සහ ඉතිහාසය සම්බන්දව ඔබ විසින් ඉදිරිපත්කර ඇති කරුණු සඳහා ස්තුතියි. මා හට ගැටළු කිහිපයක් ඇත,
1. මෙතෙක් ලංකාව තුල අංගම් පිලිබඳ ප්‍රශස්ත මට්ටමේ කෘති පලවී තිබේද?
2. අංගම් ශාස්ත්‍රය රට තුල ප්‍රාදේශීය විශේශිකරණයට ලක්වී තිබුනේද?
3. ප්‍රාග් ඉතිහාසය කියවීමට සුදුසු පොත් මොනවාද?
4. රත්නපුරය හා කියවෙන කුරුවිට රාළ අංගම් ශූරයෙක්ද?

ප.ලි:- රදලයන් තුළ මෙය පැවැතී යයි විශ්වාස කල හැක. ඊට හේතුව වනුයේ සාමාන්‍ය ආර්ථික කටයුතු වලින් ඔවුන් නිදහස් වීම තුළ ඔවුනට ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට කාලය තිබු බැවිනි.

අංගම්පොඩි said...

ඔබගේ අවබෝධයට ස්තූතියි.

1. නැත. පළවී ඇති හෙළයේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා වැනි කෘති සාවද්‍ය කරුණුවලින් ගහණ ඒවා ය.

2. නැත. ඇදහීම් හා විශ්වාස මට්ටමින් කුඩා කුඩා වෙනස්කම් තිබිය හැකි වුවද අංගම් ශාස්ත්‍රය යනු එකකි. එසේ විශේෂීකරණයට ලක් වූවා යනුවෙන් අද පවසන සුමේධ වැනි අය සිදුකරනුයේ තමන් විසින් උගත් වෙනත් කලාවක් අංගම් ලෙස ප්‍රසිද්ධ කිරීමට ගන්නා චපල උත්සාහයකි.

3. සුදුසු පොතක් නිර්දේශ කළ නොහැකි ය. මන්ද සූරිය ගුණසේකර වැනි බොහෝ කතුවරුන් තමන් විසින් සාදාගත් උපකල්පන මත ඉතිහාසය තමා කැමති පරිදි නිර්වචනය කරන බව පෙනේ. එමනිසා ප්‍රාග් ඉතිහාසය ඉගෙනගැනීම සීරුවෙන් කළ යුත්තකි. නිවැරදිම මාර්ගය වන්නේ භාවනානුයෝගීව සොයා බැලීමයි.

4. කුරුවිට රාල යනු අන්තෝනියෝ බරෙත්තු නම් පෘතුගීසි ජාතික කතෝලිකයෙකි. එම නිසා ඔහු අංගම් ශූරයෙකුද නැද්ද යන්නට වඩා ඔහු සිංහලයෙකු නොවීම යන්න වැදගත් වේ. ඔහු සටන් ශිල්පියෙකු බව නම් කිව හැකිය. නමුත් අංගම් සටන් ශිල්පියෙක් ලෙස පිළිගත නොහැකිය.

Prabath said...

ආයුබෝවන්

ඔබ 123 ප්‍රකාශයේ තුන් වෙනි කරුණ ගැන ගැන ගැටළුවක් මතු වුණා. ඔබ භාවනායෝගීව ප්‍රාග් ඉතිහාසය ගැන කරුණු සොයා තිබෙනවද? එසේ නම් ඉතිහාස පොත්වල කරුණු බොහෝ ප්‍රමාණයක් නිවැරදි කරගැනීමට එය හේතු වෙනවා නිසැකයි. ඉන් බිදක් හෝ ඔබ මෙහි පලකරනවානම් බොහොම පින්.

Dulara said...

අංගම් සටන්කරුවා ආධ්‍යාත්මික බලයක් හිමිකරගත්තෙකු නම්, අප රට ජාතීන් කිහිපයක් විසින් කෙලසෙන තුරු ඔවුන් ක්‍රියාත්මක නොවුයේ මන්ද? ක්‍රියාත්මක වුයේ නම් ඔවුන්ගේ ආධ්‍යාත්මික බලය පසුබැවේ කෙසේද? යටත් විජිත කරනයේ ප්‍රථිපල ලෙස ජාන ස්ම්මිශ්රණය නොවූ සැබෑ සිංහලයන් තවමත් සිටිත්ද? (මා එසේ අසනුයේ බලවත් සමාජ ආර්ථික ගැටළු වලට මුහුණදුන් සිංහලයා යටත් විජිතයේ බිහිවූ ප්‍රභලම අනුකාරකයින් පිරිසක් බවට පිළිගැනෙන නිසාවෙනි)

අංගම්පොඩි said...

1. රාවණා විරුවන්, දුටුගැමුණු රජු හා දසමහා යෝධයින් වැනි විරුවන් අධ්‍යාත්මික බලය හිමිකර ගත් අයයි. අධ්‍යාත්මික බලයෙන් ශිවගේ ඇහැ ඇරියාම විනාශ කිරීම වැන්නක් සිදු නොවේ. බොහෝ විට අධ්‍යාත්මික බලයෙන් සිදු වන්නේ අනිත්‍ය බව මෙනෙහි වීම හා ඇලීම් නැති කර ගැනීමයි. එහිදී රට ජාතිය යනු මමත්වයක් පමණි. නමුත් කුණ්ඩලීණී යනු අධ්‍යාත්මික දියුණුව නොවේ. මානසික දියුණුවකි. එම නිසාවෙන්ම අධ්‍යාත්මික දියුණුව තිබූ පමණින් රජ ජාතිය කෙලෙසීම 100%ක් වලකාලිය හැකි යයි සිහිත නොහැකි ය.

2. මිශ්‍ර නොවුණු යක්ෂ ගෝත්‍රිකයන් තවමත් සිටියි. බහුතරය මිශ්‍ර වූ බව අප ද පිළිගනිමු. එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු වුණා. අපේ කාන්තාවන් දූෂණය කිරීම් වැනිදේ ද සිදුවුණා. මේ අතර 10%ක් පමණ හෙළයන් ආරක්ෂා වුණා. ඒ අය තුළ අමිශ්‍ර කලාවන් රැකුණා. එවැනි කලාවක් තමයි අංගම්පොර කියන්නේ.

Tiraj Adikari said...

සොයුර , සැබෑ යක්ෂ ගෝත්‍රිකයන් හඳුනාගත හැකි අංග ලක්ෂණ කවරේදැයි ඔබ කැමතිනම් , ඔබගේ අරමුණුවලට බාධාවක් නොවේ නම් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි.
පෙර ලක්දිව යක්ෂ ගෝත්‍රිකයන් හැරුණු කොට නාග , දෙවාදී අන්‍ය ජනයාද ජීවත් වූ බව දනිමි. අංගම් කලාව ඔව්නතරද පවතුනිද ? එසේත් නැත්නම් එය යක්ෂ ගෝත්‍රිකයන් අතර පමණක් භාවිතා වුවක්ද ?
ඔබට තෙරුවන් සරණයි.

අංගම්පොඩි said...

තිරාජ්, යක්ෂ ගෝත්‍රිකයන් තවමත් අමිශ්‍ර පරම්පරා අතලොස්සක ජීවත් වෙනවා. කෙසේ වෙතත් එම සම්භවය ඇති නමුත් මෑතකාලයේ මිශ්‍ර වුණු අයත් සිටිනවා. හැඩහුරුකම් හා ගතිලක්ෂණ අංගම් ශාස්ත්‍රයේ කොටසක් වන දේහධර්ම විද්‍යාවට අදාල කොටසක්. එය හෙළිකළ නොහැකියි.

අති ප්‍රභල අංගම් ශාස්ත්‍රය යක්ෂයන් අතර පමණක් එනම් යක්ෂ හා රාක්ෂ අතර පමණක් පැවතුණා. නාගයන් අතරත් දේශීය සටන් සම්ප්‍රදායක් තිබුණා. නමුත් සිව් හෙළය, සිංහලය බවට පත් වන විට මේ සියල්ල එකතුවක් බවට පත් වුණා. අද එය අංගම්පොර නමින් හදුන්වන අතර අංගම් ශාස්ත්‍රය ගැඹුරට අධ්‍යයනය කිරීමේදී එම කොටස් වෙන වෙනම හඳුනාගත හැකි වෙනවා. අප නියෝජනය කරනුයේ එම සංගෘහිත පෞරාණික ශාස්ත්‍රයයි.

Tiraj Adikari said...

සොයුර , ඉක්මනින් පිළිතුරු සැපයුවාට ඔබට ස්තුතියි.
තවත් ප්‍රශ්න කිහිපයක් ඇසුවාට තරහ නොගනියි සිතමි.
අමිශ්‍රිත යක්ෂ ගෝත්‍රිකයන් ඇතිබව මටත් පිළිගත හැකියි.
බ්‍රිතාන්‍ය යුගයේ කල ජන සංගණනයකදී කඳු හෙලින් වටවූ එක්තරා
ගම්මානයකට දින ගණනක් ඇවිද ගිය සංගණන නිලධාරීන්ට එහි විසුවන්
"මහත්තයෝ අපි හිංගල නොවෙයි" කියා කියා ඇති බව මිතුරෙකුගෙන් ඇසීමි.

බොහෝ කාලයක සිට සිතමින් සිටිනා ප්‍රශ්නයක් ඇත. ලංකාවේ මුල් ජනවාසීන්ගෙන් කොටසක් වූ
යක්ෂ ගෝත්‍රික මිනිසුන් හා චතුර් මහරාජිකයේ වසන්නා වූ දිව්‍යමය යක්ෂයන් අතර කිසියම් හෝ
සබැදියාවක් තිබේද ?

ඔබ පිළිතුරු දි ඇති ආකාරයට, මට පෙනෙන විදියට අංගම් කලාව යනු සටන් කිරීමට පමණක් ලඝු කල නොහැකි පුර්ණ ජීවත් වීමේ ක්‍රමයක්
(life style ) බව පෙනී යයි. මේ ආකාර වූ ජීවන ක්‍රමයක් ඉදිරි පරම්පරාවනට පවත්වාගෙන යාමට මුදලට , කාමයට , බොරු ඝෝෂාවට යටවූ දිනෙන් දින පිරිහෙමින් යන සමාජයක් තුල තව දුරටත් හැකිවේදැයි ඔබ අවංකවම සිතන්නේද ???
ඔබට තෙරුවන් සරණයි ...

අංගම්පොඩි said...

ඔබගේ මනා අවබෝධය ගැන සතුට පළකරමු.

දිව්‍යමය යක්ෂයින් යනු නෑ යකුන් ය. වැදි ගෝත්‍රිකයන්ද නෑ යකුන් ඇදහුවද වැදි ජනයා යනු අර්ධ යක්ෂ ගෝත්‍රිකයන් ය. එසේ නොවන පූර්ණ යක්ෂ ගෝත්‍රික නෑ යකුන් චතුර් මහරාජිකයේ වසන්නා වූ දිව්‍යමය යක්ෂයන් ය.

ඔබගේ දෙවැනි ගැටලුව වන සමාජ ක්‍රමය තුළ ගැටලුවක් වීමට කිව යුත්තේ අද මිනිසුන් ආධ්‍යාත්මික හා ශාරීරික ශක්තීන් එනම් ලෞකික හෝ ලෝකෝත්තර මානසික හෝ ශාරීරික ශක්තීන් පසුපස හඹා නොයන්නේ සමාජ ක්‍රමයේ ගැටලුවක් නිසා නොව පුද්ගල චින්තනයේ ගැටලුවක් නිසාවෙන් ය. සමාජ ක්‍රමයේ ගැටලුවක් නම් බලන්ගොඩ හිමිපාණන් වැනි ආධ්‍යාත්මික ශක්තීන් වර්ධනය කළ අය අද සමාජයේ බිහිවිය නොහැකි ය. රහතන් වහන්සේලා බිහි විය නොහැකිය. මේ සියල්ලක්ම අදද සිදු වේ. වත්මන් සමාජ ක්‍රමය තුළ සිටිනා දේවදත්තලා එදත් සිටියේ ය. අදත් සිටියි. එය වැළැක්විය නොහැකි ය. තම පෞරාණික ශාස්ත්‍රයන් ප්‍රගුණ කළ අය ඕනෑම සමාජ ක්‍රමයක සිටියි. එම නිසාම ආධ්‍යාත්මික චින්තනයෙන් පෝෂිත වූ අංගම් ශිල්පියාට සමාජ ක්‍රමය ගැටලුවක් වන්නේ නැත.

පසන් මානිත පලිහපිටිය said...

මහත්මයාණනි,

මා සතුව ප්‍රශ්න කිහිපයක් ඇති අතර ඔබට කාල වෙලා ඇත්නම් පිළිතුරු සපයන ලෙස ඉල්ලාසිටිමි.
මම දන්නා ආකාරයට අංගම්පොර යනු හුදෙක් සටන්කිරීමේ කලාවක් පමණක් නොවන බවයි . අංගම්පොර ඉගෙනගැනීම යනු සටන් කලාව හා එයට බැදී අනෙකුත් කලාවන්ට අමතරව කිසියම් ප්‍රතිපත්ති සමුදායකට අනුකුලව ජීවත්වීමට ඉගෙනගැනීම යැයි මම සිතමි.

1. අංගම්පොර සිංහල බෞද්ධයන්ට පමණක් සීමා වූවත්, නායක්කාර වංශිකයන්ට මෙම කලාව දුන් අවස්ථා තිබේද? එසේනම් එවන් අවස්ථා වලදී විශේෂ ප්‍රතිපත්ති අනුගමනය කලේද?
2. මම දන්නා ආකරයට ලංකාව තුල යක්ෂ, නාග, දේව ,රාක්ෂ ආදී ගෝත්‍ර සිටි අතර ඔව්න්ගෙන් ප්‍රධාන කොට්ටාශය වූ යක්ෂ ගෝත්‍රිකයන්ට පමණක් අංගම් සීමා වී තිබුනේද? එසේනම් අනෙකුත් ගෝත්‍ර (දේව ,නාග සහ රාක්ෂ) සතුව තිබුණු සාරධර්ම සහ සටන් කල අභාවයට ගියේද?
3. මම අසාඇති ආකාරයට මහා රාවණා රජු රාක්ෂ ගෝත්‍රිකයෙකි, මෙය සත්‍යයක්ද? එය එසේ නම් එතුමන් අංගම් කෙලපැමිණියේ කෙසේද?
4. ඔබගේ තවත් බ්ලොග් සටහනක සදහන් ආකාරයට යක්ෂ භාෂාවෙන් ලියවුනු පුස්කොල පොත් ඇත. මෙමෙ හෙළ බස ඉගෙනීමට ඇති අවස්තාව කුමක්ද එයට විශේෂ සුදුසුකම් අවශ්‍යද?
5. බලි, තනු, රාවණා ආදී මහා රජවරුන් ගැන හින්දු නොවන මුලාශ්‍ර වලින් කරුණු උගතහැකි පොත්පත් තිබේද? එවන් පොත් ලබාගන්නේ කෙසේද?
6. මහා රාවනා රජුගේ කතාවේ ආකාරයට විභීෂණ රජු තම සහෝදරයාව පර දේශක්කාරය්න්ට පාවා දුන්නේ කිසියම් හේතුවක් නිසාද? නැතහොත් බල තන්හාව නිසා පමණක්ද? නැතහොත් මෙම කතාව හින්දු මිත්‍යාවක්ද ?
7. මම අසා ඇති ආකාරයට ආයුර්වේධය හා සිංහල වෙදකම යනු දෙකකි. නමුත් මේ දෙක පටලවාගත් වේද මහත්වරු අනන්තය. සිංහල වෙදකම අදටත් සුරක්ෂිතව තිබේද? එවන් වෙදවරු ඔබ දන්නේද? එතුමන්ලාගෙන් සිංහල වෙදකම ඉගෙනීමට ඇති අවස්ථාවක් ඔබ දන්නා ආකාරයට ඇත්ද?
8. ඔබගේ එක බ්ලොග් සටහනක සදහන් ආකාරයට යක්ෂ ගෝත්‍රිකයන්ට විශේෂිත වූ ශරීර ලක්ෂණ ඇත. ඔබට හැකිනම් පමණක් එවන් ලක්ෂණ මොනවාද? මෙම ලක්ෂණ අනෙකුත් ගෝත්‍ර (දේව නාග සහ රාක්ෂ) වලටත් පොදුද?

ඔබට අවස්ථාවක් ලැබුනහොත් මගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇතැය් බලාපොරොත්තුවෙමි
ඔබට තෙරුවන් සරණය්

අංගම්පොඩි said...

ආයුබෝවන් පසන්,

අංගම් ශාස්ත්‍රය සම්බන්ධව ඔබ පළමුව ප්‍රකාශ කොට ඇති කරුණු හා එකඟ වෙමු. ඔබගේ ගැටලුවලට පහත පරිදි පිළිතුරු සපයමු.

1. නායක්කාර වංශියන්ට අංගම් ශාස්ත්‍රය දුන්නේ නැත.
2. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඉහළ පැලැන්තිය රකුන් හෙවත් රාක්ෂ ගෝත්‍රය ලෙස හැඳින්වේ. මේ බව රකුස් අඩි, රකුන් සැර ආදිය අංගම් ශාස්ත්‍රයේ පාරිභාෂිත වචන තුළින් පැහැදිලි වේ. එම නිසාම සැබවින්ම ඇසිය යුත්තේ රකුන්ගෙන් යකුන් අංගං ශාස්ත්‍රය ඉගෙන ගත්තේ කෙසේද යන්නයි. කෙසේ වෙතත් අද පවතින්නේ යක්, රක්, දේව, නාග ආදී සියලුම හෙළ ගෝත්‍රයන් සතුව පැවති සටන් ක්‍රමවල එකතුවකි. එය අප අංගම්පොර ලෙස හඳුනා ගනිමු.
3. ඉහත අංක 2 පිළිතුරෙන් අවශ්‍ය පිළිතුර ලැබේ.
4. සටන් කලාව හා වෙනත් ඉතිහාස කරුණු යක්ෂ ගෝත්‍රික භාෂාවන්වලින් ලියැවුණු පොත්පත් ඇත. ඒවා අදටත් සුරක්ෂිතව පවතී. යක්ෂ ගෝත්‍රික භාෂාවන් ඉගැන්වීම අප පරම්පරාවන්වලින් පිටට ලබා නොදෙමු. ඒ නිසාවෙන්ම ඒවා නැති වෙන්නේ ද නැත. අනාගතයේදී එම භාෂාවන් සමාජගත කරනවාද නැද්ද යන්නට පැහැදිළි පිළිතුරක්ද දිය නොහැකි ය.
5. කුමාරතුංග මුනිදාස වැනි කතුවරුන් විසින් මෙම ඉතිහාස තොරතුරු සමාජ ගත කළ අතර මෑත කාලීනව ලියැවුණු පොත් ද ඇත. නමුත් මෑත කාලීන පොත් අවිනිශ්චිතයි. මන්ද බොහෝ වර්තමාන කතුවරුන් උපකල්පන මත ඉතිහාසය මවා ගැනීම සිදු කරයි. කළ යුත්තේ භාවනා ශක්තිය වර්ධනය කොට තමා විසින්ම ඉතිහාසය සොයා ගැනීමයි.
6. අප විශ්වාස කරන්නේ බල තණ්හාව නිසා බවයි.
7. සැබවින්ම හෙළ වෙදකම හා ආයුර්වේදය යනු දෙකකි. මෙය නුවර යුගයේ සිටම පටලවා ගත් එකකි. විදුම් පිලිස්සුම් වෙදකම පැහැදිලිවම හෙළ වෙදකමය. නිල වෙදකමද එසේ මය. කෙසේ වෙතත් අදටත් නිවැරදිව පාරිශුද්ධ වෙදකම පවත්වාගෙන යමින් මිනිසුන් සුවපත් කරන පරම්පරාවන් රාශියක් ලංකාවේ හතරදික් භාගයේම සිටියි. අවශ්‍යතාවක් ඇත්නම් සොයා ගත නොහැකි නොවනු ඇත.
8. යක්ෂ හා රකුන්ට පමණක් අදාල දේහ ලක්ෂණ වෙනම ඇති අතර අනෙක් ගෝත්‍රයන්ට ද එසේම ය. ඒවා අංගම් ශාස්ත්‍රයේ කොටසක් නිසා ලොවට කීමට නොහැකි ය.

ඔබට තෙරුවන් සරණයි.

Anonymous said...

ඔබ පරපුර කැපවීමෙන් අංගම් ශාස්ත්‍රය රැකගැනීම ගැන කෘතඤ්ඤවමු.

මෑත අතීතයෙහි වූවාක් මෙන් අනාගතයේ දීද සතුරු අක්‍රමණයක් වුවහොත් එයට මුහුණ දීමටත්, දෙමළ මුස්ලිම් ආදී අබෞද්ධ ජනයා මෙරට බලය ලබා ගැනීමට කරන කෙනහිලිකම් අඩපණ කෙරීමටත්, අප සිංහල බෞද්ධයන් ශක්තිමත් වී සිටිය යුතු නොවේ ද? ඒ සඳහා අංගම් ශාස්ත්‍රය වැන්නක් සිංහල බෞද්ධයන් බහුතරයකට පුහුණු කර තිබීම අපේ ජාතියේ ලේ උරුමයත් බුද්ධ ශාසණයත් රැක ගැනීමට අපට උදව්වක් නොවන්නේ ද? රටේ අස්සක් මුල්ලක් නොඇර සෑම සිංහලයෙක්ම සටනට සූදනම් කර තැබීම ආක්‍රමණිකයකුට මෙරට නතු කරගැනීමට ඇති අවස්ථා අවම කරලීමක් නොවේ ද?

එසේ හෙයින් වටිනා අංගම් ශාස්ත්‍රය ඉපැරණි පවුල් කීපයක දූ පුතුන්ට පමණක් ඉගැන්වීමෙන් සමස්ථයක් වශයෙන් අප රටට ජාතියට වන්නේ හොඳක් ද නරකක් ද? ඒ පිළිබඳව සලකා බලා, වඩා පුළුල් තෝර ගත් ශිෂ්‍ය පිරිසකටවත් අංගම් ශාස්ත්‍රය උගන්වන මෙන් ඉල්ලා සිටිමි.

Anonymous said...

අයුබොවන් අන්ගම්පොඩි , ඔයලා දක්කා නේද ඉන්දියව ලන්කවට කරපු දේ තවත් අන්ගම් හන්ගගෙන ඉන්නෙ ලංකවෙ ඉන්දියවෙන් ජපනයෙන් වගෙ රටවල්වලින් එන සටන්කලවන් ලන්කවෙ පතුරුවන්න ඉඩදෙන්නද? ඇයි දැන්වත් ලංකවෙම දෙවල් අපෙ මිනිස්සුන්ට නොදෙන්නෙ? තවත් බලා ඉන්නෙ ලංකව විනාස වෙලා යනකල්ද?
…මමත් කරටෙ, චීනඩි , කලරි ඉගෙනගත්ත ඒත් දැන් ඔක්කොම එපා උනා. අපිට මොනවද දැන් තියෙන්නෙ? බොහොම හිතෙ ඩුකකින් කියන්නෙ ඔයාට අයි අන්ගම්පොර නොදෙන්නෙ සින්හලයන්ට? දැන්වත් සින්හලයන්ට සින්හලකම උගන්වන්න.

Anonymous said...

මම 111 හිදී ඉදිරිපත් කල මගේ අදහසට තව මත පිළිතුරක් නැති එක ගැන මගේ බලවත් කණගාටුව පල කරමි. තවත් දෙයක් කීමට ඇත්තෙමි , ලංකාවේ සිටින එකම අංගම් ශිල්පිය ඔබයි නොසිතන්න. මගේ පරම්පර්රවෙන් ලැබුණු සටන්කලාව මට ඉගෙන ගැනීමට නොහැකි වීම ගැන කටත් වැඩ මට පසුතැවීමක් තියෙනවා . නමුත් මගේ පියාණන් තවමත් ජීවතුන් අතර. ඒ වගේම ඔහුගේ එකම ගෝලයා මගේ පුතණුවන්ය . ඔබ පවසන පරිදි බවනයෝගිව ඔබේ පෙර බවයන් දැනගැනීමට ඔබට හැකිනම්, ඔබ මාර්ගපල ලබියෙකු විය යුතුයි. ඔබ එක කරුණක් මතක ටබ ගනු මැනවි... තවමත් අතීත පරම්පරා වලින් පැවතෙන අංගම් ශිල්පීන් එකට සිටින අතර තවමත් ඔවුන් එක සේනාවක් බවයි.. මීට අමතරව ඔබගේ ලැයිස්තුවෙහි සඳහන් එකදු පුද්ගලයෙකු වත් සබැ අංගම් ශිල්පියෙකු නොවෙන බව සිහියට ගැනීම යෙහෙකි.
ඔබට රාවන දෙයියන්ගේ බැල්ම ලැබේව.. !!!

Anonymous said...

අර ලොකු පින්තුරේ ඉන්න සමහර අය අපි දන්න අය නෙමෙයිනේ. එතකොට එ ගොල්ලෝ කව්ද?

Anonymous said...

බන්ඩාර ගේ මරු වල්ලියෙ සටන් ක්‍රමයේ ආචාරය දෑනට සිටින සෑබෑ පෑරණි සටන් ගුරුවරුන් ගේ ආචාර ක්‍රම වලින් ටික ටික හිගමනට ගත් ආචාර ක්‍රමයකි.

එසේම මරු වල්ලියෙ සටන් ක්‍රමයේ ඈතුලත් වන්නේ අතින් පොල් ගෙඩියක් ලෙලි ගෑසිම(ඉරිදා පොළෙ පොල් ගෙඩි අතින් වත් නොඅල්ලා කකුලෙන් පමනක් පොල් ගෙඩි 100/200 ලෙලි ගසන කට්ටියත් මරු වල්ලියේ අයද??? )

අරුඩ වු විගස විනිවිද පෙනෙන රෙදි කෑබල්ලකින් දෑස වසගෙන ගසන කඩු පහර ඔහු ගේම ගොලයකු විසින් දොතින් අල්ලිම( ගෝලයා ගසන කඩු පහර ගුරා විසින් අල්ලුවා නම් බන්ඩාරට යන්තමින් වත් ජාමෙ බේරා ගන්නට තිබුනා )

Anonymous said...

බන්ඩරගෙ මරුවල්ලිය ගැන මම හොදට දන්නව එව ගන කියල වැඩක් නැහැ. ඔතන මොකෙක්වත් හරියට අන්ගම් කියල දෙයක් දන්නෑ.

Anonymous said...

අංගම්පොදී....

ඔබ කියන ආකාරයට,ඔබ විසින් හදාරන ලද අංගම් ශිල්ප ක්‍රම සියල්ල සැබෑවටම පිරිසිඳු වූ ශිල්පීය ක්‍රමයන්.එසේනම් ඔබ ශිල්ප හදාරන ටන අට්ටටම අංගම් කලාව උගන්වන ගුරුවරුන් ඉන්න තැනක් නේද.එසේනම් එබඳු තැනක් මෙඅ මෙඅ අපට දැනගන්නට අවස්තාවක් නොදෙන්නේ අයි.එය හැදෑරිය හැක්කේත් නියම සිංහල පැවැත්මක් ඊ අයෙකුට පමණක් නම්,කේන්ද්‍රය බලල අඑක තීරණය කරනවානම්,මෙඅ ශිල්පය වැරදි කෙනෙක් අටට යන්නේ නැහැ නේද.සිංහල ජැටිය අදපනවෙලා ඉන්න වෙලාවක.මෙඅ ආකාරයෙන්වත් යලි අවදි කරන්න උත්සහයක් ගැනීමෙන්,රටට අලුත් ප්‍රබෝදයක් ලබෙඉ නේද.ශික්ෂාකාමී පිරිසක් බිහිවේවි නේද.

ඔබේ අදහසක් බලාපොරොත්තු වෙමි
තෙරුවන් සරණි
kasun

අංගම්පොඩි said...

133 ට පිළිතුර - ඔබගේ කෘතඥතාවට අපගේ ස්තූතිය. ඔබගේ මතයට එකඟ විය හැකි අතර අංගම් ශාස්ත්‍රයේ මතු ආරක්ෂාව වෙනුවෙන් යම් ආකාරයට රහස්‍ය භාවයක් පවත්වාගෙන යන්නෙමු. එහිදී පවුල් කිහිපයකට අපගේ පුහුණුවීම් සීමා වීම නිවැරදි වුවද ඒ සඳහා මේ වන විට යම් යම් වැඩ පිළිවෙලවල් යොදා ඇත. ඉදිරියේදී ඒ තත්ත්වය වඩා වෙනස් විය හැකිය. කෙසේ වෙතත් ප්‍රසිද්ධියට පැමිණ අංගම් පුහුණු කරවීමෙන් අද සිටිනා අංගම්හොරුන්ට රුකුලක් ලබා දීම සිදු වන නිසා කණගාටුවෙන් වුවද රහසිගතභාවය ආරක්ෂා කිරීමට සිදුව ඇත. කෙසේ වෙතත් වඩා පුළුල්ව තෝරා ගත් සිසුන් පිරිසකට පුහුණු කිරීම අප පරම්පරාවන් මඟින් දැනටත් සිදු වේ. ඔබට තෙරුවන් සරණයි.

අංගම්පොඩි said...

134 ට පිළිතුර - ඔබගේ සිංහලකමට ගරු කරමු. සිංහලයන්ට දැනටත් මෙම ශාස්ත්‍රය උගන්වමු. මෙම ශාස්ත්‍රයේ මතු ආරක්ෂාව වෙනුවෙන් අපගේ රහසිගත භාවය පමණක් ආරක්ෂා කරමු. ඔබට තෙරුවන් සරණයි.

අංගම්පොඩි said...

135 ට පිළිතුර - ඔබ 111 දී දක්වා ඇති ගැටලුව ඍජුව එල්ල කොට ඇත්තේ එක් පුද්ගලයෙකු ගැනය. එයට පිළිතුරු සැපයීම අජන්ත නැමැත්තාට අදාල කාර්යයකි. පෙරේරා වාසගම ගැටලුවට අංක 4දී ඔහුගේ ගෝලයෙකු පිළිතුරු සපයා තිබුණි. කෙසේ වෙතත් ඉසිවර රණකෙලියේ අංගම්පොර මලකෙලිය නම් ලිපියේ ප්‍රමාණවත් පිළිතුරක් ඇත.

ඔබගේ පරම්පරාව සතුව යමක් වේ නම් එය ආරක්ෂා කර ගන්න. ලංකාවේ සිටින අංගම්පොර එකම පරම්පරාව අප නොවේ. අංගම්පොර පරම්පරා කිහිපයක්ම මෙම බ්ලොග්කරණයට දායකත්වය දක්වයි. සැබෑ ශිල්පීන් කවුදැයි අපි දනිමු. පෙර භවයන් දැනගැනීමට මාර්ගඵල ලැබිය යුතු නොවේ. අංගම් ශාස්ත්‍රයේ මුලාග්‍රත චක්‍ර ආශ්‍රිත භාවනා අභ්‍යාස මගින් පෙර භවය, අතීතය ආදී බොහෝ දේ දැන ගත හැකිය. ඔබට තෙරුවන් සරණයි.

අංගම්පොඩි said...

136 ට පිළිතුර - ඒ ඊයේ පෙරේදා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයට එකතුවූ චීනඩි, කලරි හා මලයාලම් ශිල්පීන්. මෙවන් චෞරයින් හෙටත් තව තවත් බිහි නොවේ යයි අනුමාන කළ නොහැක.

137 ට පිළිතුර - වගීෂ බණ්ඩාර මරුවල්ලිය විය නොහැකිය. මන්ද මරුවල්ලිය හා සුදාලිය යන සටන් පරම්පරා දෙකම දැනට නොපවතී. කෙසේ වෙතත් මොහු ගැන ඉදිරියේදී ලිපි සකස් වනු ඇත. සුවිශේෂි යමක් වේ නම් fakeangampora@gmail.com ඊමේලයට දන්වන්න.

අංගම්පොඩි said...

139 ට පිළිතුර - කසුන් දැනට තෝරාගත් පිරිස්වලට ඉතාමත් රහසිගතව මෙම ශිල්පය පුහුණුකරවීම් සටන් පරම්පරා කිහිපයක් මගින් සිදුවනවා. අප ප්‍රසිද්ධියට නොපැමිණෙන්නේ ශාස්ත්‍රයේ මතු ආරක්ෂාව උදෙසා මිස ජාතික ගැටලුව නොදැන නොවේ. ජාතික ගැටලුවට අපෙන් විය යුතු දේ මේ මොහොත වන විටත් රහසිගතව සිදු වෙනවා. අනාගතය අතීතයට වඩා සුභවාදී වේ යයි අපද බලාපොරොත්තු වනවා. ඔබට තෙරුවන් සරණයි.

හෙළ හඩක් said...

ආයුබෝවන් අංගම් පොඩි ....

මම මීට පෙරද මාහට ඈති ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට උතසහ දෙරුවමුත් එය අසාර්ථක වී අඑති බව පෙනින,ගැටළු මා එකින් එක විටින් විට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
1. අංගම් ශිල්පය දැනට පවතින්නේ 10% වන මිශ්‍ර නොවූ හෙළයන් අතර පමණක්ද ? අනාගතයේදීත් මෙම ශිල්පය ලබාදෙන්නෙත් මිශ්‍ර නොවූ හෙළයන්ට පමණක්ද ?
2. සිල්වා ,පෙරේරා, ප්‍රනාන්දු හෝ මෙන්ඩිස් කෙනෙකු අංගම් ශිල්පියෙක් විය නොහෙකිද ? ඉදිරියේදීවත් එවන් නම් දැරුවකුට අංගම් ශිල්පය අහිමිද ?
3. කුල ක්‍රමයට ඔබ තවමත් ගරු කරන්නෙහිද ? එය ඉදිරියට පවත්වාගෙන යා යුතු යෙයි ඔබ සිතනවද ?
4. අතීතයේදී අංගම් මඩු පවත්වාගෙන ගිය බව අපි ඉතිහාසය පිරික්සීමේදී දැක ගන්නට පුළුවන්,දැන් අංගම් නොදත් පිරිස් (හොර අංගම් කරුවන් ) මෙවන් මඩු පවත්වාගෙන යන්නේ නියම අංගම් කරුවන් එය නොකරන නිසා නොවේද ?
5.කොරතොට අජන්ත නමැත්ත ප්‍රසිද්ධියේ ඕනෑම අංගම් කරුවෙක් කියා ගන්න කෙනෙකුට අභියෝග කර සිටිනවා යෙඉ පවසනවා.මා දකින ආකාරයට එය බැරෑරුම් දෙයක් මන්ද යත් කව්රුන්හෝ ඉදිරිපත්ව මොහුව පරාජය කළහොත් ඔහුගේ අංගම් ගුරුන්නන්සේකමේ අවසානය එය වන නිසාවෙන්ය. ඔබේ මතය දෙන ගෙනීමට කැමැත්තෙමි.
6. වසර 300 කදී පර සුද්දන්ට අප හෙළය විනාශ කල නොහෙකි උන නිසා බිය නොවන ලෙස ඔබ පවසා තිබුනා, සුද්දට වසර 300 කදී බේරී උන දෙයට වැඩ දෙයක් කළු සුද්දා මේ වසර 60 ට කර එති බව ඔබද පිලි ගන්නවා ඈත. එසේම හම්බයන් හා දෙමළුන් ගිල ගන්නා මේ හෙළ බිම තවත් වසර 200ක් හෙළ නාමයෙන් පවතී ද ?
7. ඔබ පවසන ආකාරයට තවත් වසර 200ක් යනතුරු අංගම් ශිල්පය එලියට නොයෙනු ඈත.මෙම කඩුව වසර 200 කට පසු එලියට ගන්නේ අවසන් සටනටද?
8. කිහිප දෙනෙකුට සීමා කරමින් පවත්වාගෙන එන්නාවූ අංගම් ශිල්පය හරහා අවසන් සටනට පිවිසිය හෙකිද ?
9. රම රාවණ සටනේදී අප රාවණ රජු නොපැරදුන බව ඔබ පවසා සිටියා,එසේනම් වුයේ කුමක් ද?
10. මුලාග්‍රත චක්‍ර ආශ්‍රිත භාවනා ක්‍රමය ගෙන හැදින්වීමක් කල හැකිද ?

ඔබටත් සියලු හෙලයින්ටත් තෙරුවන් සරණයි.

කළුතොට said...

සුබ දිනයක් !

දින කිහිපයක් පුරාවටම මම මෙම වෙබ් බ්ලොගය කියවීමි. ඇත්ත වශයෙන්ම කියනවනම් ලාංකීය සටන් කලාව පමණක් නොව ලාංකීය බව අගයන තරුණ පරපුරක් සිටීම ගැන මම පළමුවෙන්ම සතුටු වෙමි. කරුණු කීපයක් සම්බන්දෙයෙන් විමසීමට සිතුවෙමි.
සිව් හෙළය අර්ථකථනය කර ඇති අකාරය අතිශයෙන් සිත් ගන්නා සුළුය, එය කියවන ඕනෑම කෙනෙකුට ජාතිකානුරාගය ඇතිවීම නොඅනුමානය නමුත් අනුභුතිකත්වයෙන් මදක් මිදී යටර්ටය කතා කළහොත් අතීතය වනාහි වර්ටමනයේ නිර්මාණය වන්නකි. එබැවින් අපි කතා කරන්න වූ බොහෝ දේ යම් තාක් දුරට ඇත්ත වශයෙන්ම කිවහොත් සීයට හැටක්ම පාහේ මනකල්පිත හෝ අසන්න සිද්දීන් මත පදනම් වේ. අපි කතා කරන බොහෝ දා හට අපට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි නම් මෙම සන්වධය මීටත් වඩා වටිනාකමින් ඉහල යනවා ඇත. එබැවින් මගේ ප්‍රශ්න සදහා මෙම වෙබ් අඩවිය නඩත්තු කරන සැවොම බුද්ධිමත්ව පිලුතුරු දෙනු ඇති සිතමි.

1. ලොව අපි ඓතිහාසිකව පිළිගන්න සියලු දේ හට අපට සාක්ෂි සපිය හැකිය. විජය කුමරු ලංකාවේ සිංහල ජාතිය ඇති කරේ නැත නමුත් අසන්න වශයෙන් විජය කුමරු අඩුම වශයෙන් ලංකාවට පැමිණිය කීමට භෞතික සාක්ෂි ඇත. රාවණ සම්බන්ධයෙන් අපට ඇති භෞතික සාක්ෂි මොනවද?
2. වරෙක ඔබ මුයි තෛ සටන් කලාව ගැන කතා කරයි, එහිදී ඔබ 'වදුරන් සටන් කරෝය සහ එය එම සටන් කලාව යයි අදටත් තායිලන්ත වැසියන් පිළිගන්න බව කියි' මේ සඳහා ඔබ හට සාක්ෂි තිබේද? මුයි තායි සටන් කලාව යනු කුමක් ද?
3. යක්ෂ ගෝත්‍රිකයන් සුළු ප්‍රමාණයක් අමිශ්රව සිටයි ඔබ පවසයි. රක්ෂා ගෝත්‍රිකයෝ අමිශ්රව සිටීද? නාග සහ දේව ගෝත්‍රිකයෝ?
4. ඔබ පවසන අන්දමට ඔබට අතම හරහා ගමන් කල හැකි නම්, ඔබ ඉතාමත් බුධිමත් සහ හික්මීමක් තිබිය යුතුය ඔබට ගරු කරමි නමුත් එසේ කිරීම කොතරම් ප්‍රයොගිකද යන්න සිතීම තාර්කික මනසක් ඇති කෙනෙකු කෙසේ විශ්වාස කරම්ද? බුදුන් වදාළේ සිහි බුද්ධියෙන් විමසා පිළිගන්න කියාය.
5. ඔබ ලංකාවේ යුධය පවතී සමයේ ඔබලාගෙන් දුන් දායකත්වය කියන පැනයට නිසි ආකාරව පිළිතුරු සපයා නැත යි මට හැඟෙ. මම නැවත අසමි. මෙතරම් කුරිරු යුධයක් තිබීම ලංකාව මෙතරම් පසුබෑමකට ලක්වීමට ප්‍රධාන හේතුවා යි සිතමි. මෙම යුගය තුල ඔබගේ කර්තව්‍ය වුයේ කුමක් ද? යක්ෂ ජාතිකයින් යුධයට සහභාගී වුන ද? අමිශ්‍ර ඔබලාට අනෙක් එකෙකුටවත් වැඩ කැක්කුමක් තිබිය යුතුය. ලංකාවේ බුද්ධ් අංශ වල වැඩි පුර සේවා කලේ ඔබ ඔය කියන හම්බයන් ය..යුධ ජය ලැබුවේ ෆොන්සේකා වැනි මිශ්‍ර යන් ය. කොහෙද මේ යක්ෂයෝ හිටියේ?

පිළිතුරු බලාපොරොත්තු වෙමි..

අංගම්පොඩි said...

ඉහත 145ට පිළිතුරු

1. පිළිතුර ඔව්. අංගම් ශාස්ත්‍රය අමිශ්‍ර හෙළයන්ට උරුම දෙයකි.
2. ඔව්.
3. ඔව්. එදා සමාජ ප්‍රගමනයට හේතු වූ නිසා කුල ක්‍රමය පැවතියි යුතු යයි අපි විශ්වාස කරමු.
4. නියම අංගම් කරුවන් අංගම් මඩු පවත්වාගෙන යනවා. එසේ නොකලද හොර අංගම් කරුවන් අංගම් මඩු නමින් යම් යම් ටකරන් මඩු සෑදීම නවතී යයි ඔබ සිතනවාද?
5. ඔහුගේ ගමනට එවන් පරාජයක් පැහැදිලිවම බාදාවක් විය හැකියි. ඉන් එහා යමක් අපට කිව නොහැකියි.
6. මේ රට හෙළ නාමයෙන් වසර 200කට ආසන්න කාලයකුත් පැවතුනේ නැහැ. රැජිනගේ තේවත්ත වෙලා තිබුණ මේ රටේ අංගම් ශාස්ත්‍රය හා අමිශ්‍ර හෙළයන් පැවතුණා. ඉදිරියටත් එය එසේම වේවි. එසේ වන්නට අද අපට කළ හැකි සෑම කරනවා.
7. හෙළයන්ට අවසන් සටනක් එනවා යයි අපි හිතන්නේ නැහැ. හෙළයන් අවසන් කරන්නට මේ රටේ ඉතිහාසයේ බොහෝ සටන් කලා. ඒත් හෙළයන් නැති වුණේ නැහැ.
8. කොහෙත්ම අවසන් සටනක් නැහැ. කොහොම වුණත් පැවසිය යුත්තේ අසීමිත ලෙස අංගම් ශිල්පීන් සහභාගී වූ සටන් ඉතිහාසයේද අඩු බවයි. සීමිත අංගම් ශිල්පීන් පිරිසක් මෙහෙයවූ හේවායින් අසීමිත පිරිසකට හේවා අංගම් පුහුණු කොට යුද්ධ කළා.
9. රාවනා රජු මරා දැමීම කුමන්ත්‍රණයක් හරහා පාවාදීමක් නිසා සිදුවූ දෙයක් මිස එතුමාගේ පරාජයක් නොවේ. විභීශණගේ පාවාදීමක් වේ.
10. බැහැ.

අංගම්පොඩි said...

ඉහත 146 යේ කලුතොට ට පිළිතුරු

ඔබගේ අගය කිරීම ගැන සතුටු වෙනවා. ඔබට අවශ්‍ය පිළිතුරු පහද පරිදි වේ.

1. විජය කුමරු ලංකාවට පැමිණියා යන්නට ‘භෞතික සාක්ෂි‘ අප දන්නා තරමින් නම් නැත. ඇත්තේ මහාවංශය හා එම කෘතිය පරිශීලයන කරමින් ලියූ පොත්පත්වල ‘සාහිත්‍යාත්මක සාක්ෂි‘ පමණි. එය අතින් රාවනා රජතුමන් ගත් කළ භෞතික සාක්ෂි එමටය. උදාහරණ ලෙස ලග්ගල කන්ද, සීගිරිය (ආලකමන්දාව), සේතු සමුද්‍රම් යනුවෙන් අද හඳුන්වන ඉන්දියාවට ගමන් කළ හැකි පාළම, සීතා එලිය, මහා රාවණා හුල, වාරණ (රාවන) පංසල, රාවනා වැව (අද ග්‍රෙගරි ලේක්) හා ලංකාවේ, ඉන්දියාවේ හා ලොව විවිධ ස්ථානවල ඇති රාවනා ප්‍රතිමා ආදිය දැක්විය හැකිය. මෙයට අමතරව ‘යකාගෙ හැටියට විමානේ‘ වැනි ආප්ත,“කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ - රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ“ වැනි ජනකවි, ගෝනගල සෙල්ලිපිය වැනි සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යාත්මක සාධක මතින්ද රාවනා ඉතිහාසය ඔප්පු කළ හැකිය.

2. මූයි තායි යනු තායිලන්තයේ සාම්ප්‍රදායික සටන් කලාව වන අතර ඔවුන්ගේ හනුමාන් නම් දෑත් පහර, ප්‍රා රාම තම් ගුවං වැනි පාරිභාෂිත වචන, හනුමාන් වදුරු දෙවියන් ඇදහීම ආදිය රාම රාවනා යුද්ධයේ වදුරන්ගෙන් (වානර නම් වූ සටන් ගෝත්‍රයකි) ඔවුන් පැවත එන බවට සාක්ෂිය. තායි රාමායනය වන රාමකියන් නම් කෘතියේ මේ පිළිබඳව වඩාත් විස්තර සඳහන් වේ.

3. යක්ෂ හා රාක්ෂ ගෝත්‍රයන්හි සටන් කලාව අද අප හදුනාගන්නා අංගම්පොර වන අතර එවන් සටන් පරම්පරා අදටත් අමිශ්‍රව පවතී. නාගා ආදී අනෙක් ගෝත්‍ර ගැන කීමට නොදනිමු. කෙසේ වෙතත් පැරණි ගෝත්‍ර අදටත් මිශ්‍ර වීමකින් තොරව සිටින බව පමණක් කිව හැකිය.

4. අපහට ආත්ම අතරින් ගමන් කළ හැකි යයි කියා නැත. ඉතිහාසයට ගමන් කිරීමට හැකිය. එය කුණ්ඩලීනී ශක්තියේ පදනම් භාවනා අභ්‍යාස මගින් හැකිය. එය ප්‍රායෝගික නොවේ යයි ඔබ සිතන්නේ නවීන විද්‍යාවෙන් සියල්ල මැනීම යන නිසා හෝ ඔබගේ භාවනා පිළිබඳ දැනුම දුර්වල නිසා හෝ විය යුතුය. භාවනා කොට බලන්න. බුදුන් වලාදේ ‘ඒහි පස්සික‘ කියාය. එය නිවැරදිය. භාවනා ගැන විශ්වාස නොමැතිනම් භාවනා කොටම විශ්වාසය ගොඩනැගා ගත යුතුය.

5. එම පැනයට පූර්ණ පිළිතුරක් දීමට අප සූදානම් නැත. කෙසේ වෙතත් ඔබට අප පැවසූ දේ ඔප්පු කිරීමට එක් සාධකයක් පමණක් ගෙනහැර දක්වමු. මෙම ජයග්‍රාහී යුද්ධය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කතරගම මහසෙන් දෙවියන්ට පූජාවක් කළේය. ඒ සඳහා උපදෙස් ලැබුණේ කෙසේදැයි සිතා බලන්න. දහස් ගණනක් වූ හමුදා නිලධාරීන් අතරේ හා හමුදා නිලධාරීන් නොවූ රහස් පුද්ගලයන් අතරේ මෙම යක්ෂ ගෝත්‍රිකයන් සෙවීම ඔබට කෙදිනකවත් කළ නොහැකිය. ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයන් කිහිප දෙනෙක් මතින් යුද්ධය ඔවුන් විසින්ම පමණක් කළා සිතීම ප්‍රඥා ගෝචර නොවේ. දුටුගැමුණු හමුදාවේ පවා බුද්ධි අංශවල ද්‍රවිඩයන් සිටි බව අමතක නොකරන්න.

ඔබට තෙරුවන් සරණයි.

කළුතොට said...

ඔබ ගේ පිළිතුරට තුති..නමුත් කරනා කිහිපයක් ගැන නැවත අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
1. විජය ශ්‍රී ලංකාවට පැමිණිය යි කීමට ඕනෑවටත් වැඩ සාක්ෂි ඇත, නමුත් විජයගෙන් අපි පවත එමුයි කිහිම තරමක් අපහසුය. ශ්‍රී ලංකාවේ පොත පතින් පමණක් නොව ඉන්දීය ඉතිහාසයට අනුව ලියවුනු පොත පත කියවන විට විජයාගමනය සිදු වූ ව යි කීමට හැකිය. ඔබ පෙන්වා ඇති බොහෝ සාක්ෂි කට කතා මිස බෞතික සාක්ෂි නොවේ යි මම පවසනුයේ මගේ බුද්ධියට දැනෙන අයුරින් ය ඔබට හැකි නම් එය තව දුරටත් විස්තර කල හැකිය. ඔබ පවසන ලෙස මහා වංශය නිසි ඉතිහාසය කියන්නේ නැති නම් නිසි ඉතිහාසය ඇති මොකක් හෝ ග්‍රන්ථයක් තිබේද? මහා වංශ ටීකාව යනු සාහිත්‍යමය ග්‍රන්ථයකි එය වංශ කතාව නිවැරදිවම විචාර කෙරීමට ලියවුනු එකක්ද යි අපට නිසි ආකාරයෙන් කිව නොහැක. ( හරියට නිධන් වදුල වගේ). රවන පිලිබඳ ඇදහිලි සහ ඔබ කියූ අනෙකුත් දේ සත්යි පිලි ගන්නවානම්, ඒ කතා සමගම එන රවන ගේ පරාජය අපි පිලි නොගන්නේ මන්ද?
අප යම් දෙයක් පිළිගන්නවානම්, ඒ සම්පුර්ණ මුලශ්‍රයම පිලිගන්නවා හැර ඉන් පමණක් පිළිගනිම අපට වාසියට අපි කරන්න හදන දෙයක් නොවේද?
ඔබ ජන කතා ගැන පැවසු නිසා, වැද්දන්ගෙන් එන ජන ප්‍රවාද වල විජය පැමිණිය කියන්න තියෙන සාක්ෂි ද එමටය.
2. යක්ෂ සහ රක්ෂා ගෝත්‍ර දැනට වෙන වෙනම තිබේද? නැතිනම් යක්ෂ සහ රක්ෂා ගෝත්‍ර මිශ්‍ර එක ගෝත්‍රයක් පමණක් සිටීද? අමිශ්රව සිටි නම් යක්ෂ සහ රක්ෂා ගෝත්‍ර අතර හොඳ සම්බන්දයක් පවතීද?
3. නිල ශාස්ත්‍රය භාවිතයෙන් රෝග සුව කර හැකි ද? සිංහල වේද කමේ නවීන වෙදකමට වැඩ දක්ෂ වේද කමක් තිබේද? උදාහරණ දිය හැකි ද? එය එතරම් විශ්ශිට නම්, රටට පිළිලයක් වී ඇති ඩෙංගු වැනි රෝග නිවාරණයට කුමක් හෝ කල නොහැකිද?
4. ඉතින් ඔබ ඔය කියන විදියේ පුජ කර මෙමෙ අවසන් සටන කර නම්? ලංකාවේ ජනපති ඇතුළු පිරිස ඔබ මේ කියන යක්ෂ ගෝත්‍ර දන්නවාට නොඅනුමානය. එසේ නම් එලියන්ත ව්හිටේ වැනි පල හොරු තියාගෙන සිටිනවා වෙනුවට, සිංහල වෙදදුරෙක් තබා ගැනීමට පුළුවන් නේ ද? සහ අඔගම් හොරුන්ව පලව හැරීමට ඔබලාට ඉතා පහසුවෙන් කල හැකි නේද? මන්ද ජනපති ඇතුළු පිරිස ඔබලාව හොදින් දන්නා නිසාත් ඔබලාගෙන් ලැබුණු රැකවරණය නිසාම මේ යුද්ධය දිනපු නිසාත්.
5. යම් කෙනෙකුට හෙතම යක්ෂ ගෝත්‍රිකයෙක් ද නැද්ද යන්න දැනගැනීමට අවශ්‍යනම් කල යුත්තේ කුමක්ද? ඔබට ඔබගේ එවිද්යුත් ලිපිනය හරහා එම විස්තර දන ගත හැකි ද? යමෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට වෙලා පත් කඩ බැලීමට අවශ්‍ය බව ඔබ සන්ධාන කළේය, එසේ කර ගලපෙනවානම් ඔබ එම තැනැත්තාට එගන්වීමට ඉදිරිපත්වෙනවද?
6. මම පරම පාරික සටන් ශිල්පියෙක්ද නැද්ද යන්න ඔබට ප්‍රකාශ කිරීමට හැකිද? හැකි නම් එසේ කෙරීමට පරික්ෂාව සංධ ඔබට අවශ්‍ය දත්ත මොනවද?
7. මෙම සටන් කලාව ගැන අපි කතා කරන්නෙත් සුද්ධ හදපු අන්තර්ජාලයෙන්, මම සුද්දන්ට ගට්ටෙක් නොවෙමු, කිසිත් නොකර උද බල සිටින අපට වැඩ උන් මොකක් හරි කරන්නේය. අඩුම ගැනේ රවන රජුගේ තාක්ෂනය ලඟට යන්න හරි උන වයං කරන්නෙමු අපිසින්හලයෝ පරණ දේ ගැන කතා කරමින් සුද්ධ හදනකන බලන් ඉන්නවා නේද පාවිච්චි කරන්න? ඒ පිලිබඳ අදහස කුමක් ද?

ස්තුති

අංගම්පොඩි said...

1. නැවත වතාවක් එකම දේ කීමට අකමැතියි. නමුත් අප පවසා ඇත්තේ ‘විජය සම්බන්ධව භෞතික සාක්ෂි‘ එනම් භෞතිකව අදද දක්නට ඇති සාක්ෂා නොමැති බවත් ඔබ කියනා පරිදිම සාහිත්‍යාත්මක සාක්ෂි තිබෙන බවත්ය. ඒ අනුව ඔබ අප කියූ දේ සිංහලෙන් තේරුම් නොගෙන ඇති බව හැඟේ. විජයගෙන් අප පැවතඑන්නේ නැත. 700කින් කෝටි ගණනක ජනගහනයක් හැදුනා නම් ඒ වන විට සිටි ජාතීන් සමූලඝාතනය කළ යුතුය. එවන්නක් සිදු වූයේ නැත. ඔබගේ බුද්ධියට දැනෙන පරිදි කියන ක්‍රමයක් අප දන්නේ නැත. ඔබට යක්ෂ ගෝත්‍රික භාෂාව කියවිය හැකි නම් අදටත් අප කියන ඉතිහාසය සම්බන්ධව ගෝනගල සෙල්ලිපිය වැනි සෙල්ලිපි තුළ ඇත. වර්ගපූර්ණිකාව වැනි ග්‍රන්ථවල ඇත. රාවනා රජුගේ පරාජය පරාජයක් ලෙස භාර නොගත හැක්කේ එය පාවාදීමක් බැවිනි. සැඟව සිටි දුනුවායා ඍජුව සටන් කලා නම් රාවණා රජුන් හමුවේ පරාජය වනු නියතය. විජය පැමිණියාය යන්න අපිද පිළිගනිමු. නමුත් විජයගේ 700ටම පහර දී සිරකර තැබූ විට මහාපාලිගේ අනදීමෙන් ඔවුන් නිදහස් කොට ගොවිතැන් කිරීමට මන්නාරම ප්‍රදේශය ලබා දුන්නා. පසුව විජය විසින් කුමන්ත්‍රණය කොට රාජ්‍ය බලය ගත්තා. පණ්කාභය වන තුරු නැවත යක්ෂ ගෝත්‍රිකයින් රජ වුණේ නැහැ.

2. යක්ෂ රාක්ෂ යනු ගෝත්‍ර දෙකක් ලෙස ඍජුව සැලකීමට බැරිය. යක්ෂ ගෝත්‍රිකයින්ගේ ඉහළ කුලය රාක්ෂ ගෝත්‍රයයි. එම නිසා මෙම ගෝත්‍ර දෙකම එදා සිට අද දක්වාම එකට බද්ධව පවතී.

3. නිල ශාස්ත්‍රයෙන් රෝග සුව කළ හැකි අතර ඉංග්‍රීසි වෙදකමේ කළ නොහැකි අස්ති කැඩුණු අයෙකුගේ අස්ථි පැය කිහිපයකින් බෙහෙතක් බැඳ ස්ථි උණු කර වෙදකම් කිරීමේ ක්‍රමයක් බවතී. මෙයට අමතරව බොහෝ දේ ඇත. ඔබ නොදන්නවා වුවාට අදටත් ඩෙංගු රෝගයට පැපොල් ගසේ කොටස් යොදාගෙන සදනු ලබන බෙහෙතකින් සුව කිරීම කරනවා. වරක් එක් හිමිනමක් විසින් ජාතික රෝහළ තුළදීද මෙම සුවකිරීම සිදු කළ බව පුවත් පත් වාර්තා කොට තිබුණා.

4. ජනපති නොදන්නා බොහෝ දේ යුද්ධය තුළ සිදුවුණා. එසේ දන්නේ වුවද ජනපති වැනි අය ගැන අපට ඔබ කියනා පරිදි විශ්වාසයක් නැහැ. එසේ තිබුණත් අප එසේ කිරිමේ ප්‍රතිපත්තියක් නැහැ.

5. යක්ෂ ගෝත්‍රිකයන් තමන්ගේ භාෂා දැනගත යුතු අතර යක්ෂ ගෝත්‍රික පූජා විධි හා සටන් ශිල්ප අදටත් ප්‍රගුණ කරයි. යක්ෂි ගෝත්‍රිකයන් තමන් යක්ෂ ගෝත්‍රිකයන් බව දනී. එසේ නොදන්නවා නම් ඒ යක්ෂ ගෝත්‍රික පරම්පරාවක් නොවේ. වේලාපත්කඩ ගැලපුනද පරම්පරාවලින් පිට අප උගන්වන්නේ නැත.

6. ඔබ සටන් පරම්පරාවක අංගම් ශිල්පියෙක් නම් ඔබ එය සැබවින්ම දැන ගත යුතුය. කෙසේ වෙතත් පහත යොමුවේ නිර්ණායක සඳහන් http://angamhoru.blogspot.com/p/blog-page_24.html

7. මේකයි සුද්දෝ ආසියාව ආක්‍රමණය කරලා අපේ මිනිස්සුන්ම පාවිච්චි කරලා අපේ දේ හූරාගෙන ගොස් දියුණු වුණා. අද සියල්ල මුදල් මත තීරණය වන සමාජයක් හැදුවේ උන්. එහෙව් උන් අද ඒ මුදල් භාවිතා කොට යමක් කරනවා. අපට එවන් යමක් කිරීමට මුදල් නැහැ. උදාහරණයක් ලෙස ඉන්දියාවටවත් ඉතිහාස චිත්‍රපටයක් යුරෝපීයයන් තරම් කරන්න බැහැ. එයට හේතුව එම තාක්ෂණික වියදම දැරීමට ඇති අපහසුවයි. කෙසේ වෙතත් අඳුරට සාප නොකර යමක් කළ යුතුයි යන්න පිළිගන්නවා. බටහිර යටත් විජිතයක් (අප පිළිගන්නා පරිදි) තවදුරටත් අපි ස්වාධීන නැහැ.

Suranga said...

මා සිංහල බෞද්ධයෙක් වෙමි,මා මේ ශිල්පය ඉගෙනීමට ඉතා ආශාවක් දක්වයි,මම කෙසේ සම්බන්ධ විය යුතුද? aci

Anonymous said...

එතකොට අ0ගම් ශාස්ත්‍රය ඉගෙන ගන්න හරි ගුරුවරයෙක් අද නෑද්ද... ???

kaudahari said...

අගම්පොඩි තුමනි,

නොදන්නා දෙයක් අසමි. හැමෝම හොරු ලෙස පෙන්වන ඔබ අංගම්පොර පෙලපතක කෙනෙකු ද?

නැතිනම් හැමෝගෙම වැරදි පමණක් දකින්නෙක් ද?

පිළිතුරක් අපේක්ෂා කරමි.

අංගම්පොඩි said...

151 - ඔබට සම්බන්ධවීමේ කිසිඳු හැකියාවක් නොමැත. මන්ද අප මේ කටයුත්තට සම්බන්ධවී සිටින්නේ අප පරම්පරාවලින් පිටට අංගම් ශාස්ත්‍රය දීමට නොවේ.

152 - අංගම් ශාස්ත්‍රය ඉගෙනගන්න (ඔබට) ගුරුවරයෙක් නැද්ද යන්නට පිළිතුරු දිය නොහැකිය. අංගම් ශාස්ත්‍රය දන්නා සාම්ප්‍රදායික ගුරුවරු සිටියි. නමුත් ඔවුන් ගැන මෙම බ්ලොගයේ කතා නොකරනු ඇත. මෙම පටුවේ ආරම්භයේම රතු අකුරින් එය පැහැදිලි කොට ඇත.

153 - අප කුමන පෙළපතකට අයත්ද ආදී සියලුම තොරතොරු අප විසින් ගගෙන් පැන් බී මූදට ආවැඩීම යන ලිපියේ සපයා ඇත.

denis83 said...

අංගම්පොඩිතුමනි, සිව්හෙලයින් වන අපගේ මීමුතුන්ගෙන් හිමිවූ මෙම උත්රීතර සටන් කලාවේ මතු ආරක්ෂාව උදෙසා ඔබතුමන්ගේ මෙම ව්‍යායාමය සැබවින්ම විශිෂ්ටයි. අජන්ත මහන්තරචි හැරුණු විට ඔබ සදහන් කල අන් සියල්ලන්ම අංගම් හොරුන් බව සක්සුදක් සේ පැහැදිලිය. ඔබේ රහස්‍ය භාවය අරක්ෂාකරගනීමද මෙහි උන්නතියට වැදහත් බවද දන්නෝ දනිති. මෙම අති ප්‍රබල ශිල්ප විදයාව සිව්හෙලයින්ගෙන් පරිභාහිර අන් කවරෙකුටව තබා හෙළයින් වන අප අතරත් සීමිත පිරිසකට පමණක් උගත හැකි බව මා සෑම විටම දැන සිටියෙමි. මා හට ඔබතුමන්ගෙන් දැනගෙනීමට අවැසි යමක් ඇත. එනම් තමා අමිශර හෙළයෙකු වග ඔහු නොදැන සිටීමට කරවහෙයින්වත් නොහැකිද යන වගයි. කැකනදුරේ විදානෙලාගේ සුරංග සම්පත් අප්පුහාමි වන මම පිරිසිදු බොදු ගොවි කුලයට අයත් වන අතර මගේ මවු පාර්ශවයේ වාසගම මුදියන්සේලාගේ නවරත්න හා මවගේ මවගේ (මිත්තනියගේ ) වාසගම විජේවිච්කරම වේ. පිය පාර්ශවයේ මිත්තනියගේ වාසගම පලිහවඩන නම් වෙයි. මා අමිශ්ර හෙළයෙකු විය නොහැකිද?

Indika Silva said...

මෙහි දක්වා ඇති අදහස් ගොඩාක් දුරට කියවූවෙමි.
මා දැන් ඔබට ප්‍රශ්ණ කිහිපයක් යොමු කරනවා.
1.ඔබ කියන ලෙසට ඔබ සතුව සැබෑ අංගම් ක්‍රම්වේදය ගැන දැනුමක් ඇත්නම් එම ශිල්පය කුමණ කොටස්වලින් යුක්තද? (උදා: අංගම්, ඉලන්ගම්...)
2. අත් සෙල්ලම් කීයක් ඔබ සතුව දැනුමේ පවතීද?
3. රාම රාවණ යුද්ධයක් ඔබ පිළිගන්නේද? රාමායණය ඉන්දියන් බමුණන් විසින් හෙළ දිවයිනින් බුදු දහම අතුගා දැමීමට ගොතපු කතාවක් නොවන්නේද? (ලංකාවේ රාවණ රජු සිටි බවට විවාදයක් නැත. නමුත් මේ රාම රාවණා යුද්ධය ඇත්තක් බවට ඔබට ඔප්පු කල හැකිද?)
4. තුන්වැනි ප්‍රශ්ණයට පිළිතුර ඔව්නම් දසරත ජාතකය බොරුද?
5. සර් ජෝන් කොතලාවල සහ ෆිලිප් ගුණවර්දන ගැන ඔබට යමක් මේ සම්බන්ඳව පැවසිය හැකිද?

අංගම්පොඩි said...

denis83 - සුරංග ඔබගේ අගය කිරීම ගැන ස්තූතියි. අජන්ත මහන්තාරච්චි නොහොත් අජන්ත පෙරේරා සම්බන්ධව ඔබට ඇති සහතිකය අපට ලබා දිය නොහැකිය. තමා අමිශ්‍ර හෙළයෙකු වන බව තමා දන්නා බව නැවතත් කිව යුතු වේ. ඔබගේ වාසගම් විශ්ලේශනය කර බලමු. කැකනදුරේ විදානේ යනු නුවර යුගයේදී ලබා දුන් වාසගමකි. විදානේ තනතුර යනු ඉහළම තනතුරක් නොවන රාජ්‍ය නිලධාරියෙකි. ‘මුදියන්සේලාගේ නවරත්න‘ නම් වාසගමක් තිබිය නොහැකිය. ‘නවරත්න මුදියන්සේලාගේ‘ ලෙස පෙළපත් නම පැමිණෙන්නේ නම් එයද නුවර යුගයේ මධ්‍යම මට්ටමේ තනතුරකි. විජේවික්‍රම යනුවෙන්ද වාසගමක් පැමිණිය නොහැකිය. එය විජේවික්‍රම ආරච්චිලාගේ හෝ වෙනත් එවන් තනතුරක් නියෝජනය කළ යුතුය. පළිහවඩන යනුද නුවර යුගයේ රජුට පළිහ ලබා දුන් නිලධාරියාගේ තනතුරයි. එයද හුදෙක් පළිහවඩන පමණක් විය නොහැකිය. පලිහවඩන මුදියන්සේලාගේ වැන්නක් විය යුතුය.

සමස්තයක් ලෙස ඔබ ලබා දී ඇති තොරතුරුවලින් ඔබ හෙළ යක්ෂ ගෝත්‍රිකයන්ට උරුමකම් කියන හෙළයෙක් බවට සාධක නැත. ඉහත වාසගම් ලැබීමට පෙර ඔබගේ වාසගම් සලකා බැලිය යුතුය. මීට අමතරව ඔබ පරම්පරාව සතු යම් යම් සාධක (පුස්කොල පොත්, සන්නස් ආදිය) මේ සඳහා සලකා බැලිය යුතුය. අවසන් වශයෙන් කිව යුත්තේ ඔබ පිරිසිදු හෙළයෙක්ද යන්න අදාල වන්නේ ඔබ සටන් පෙළපතකට උරුමකම් කියනවාදැයි සොයා බැලීමට පමණක් වන බවයි. එයින් ඔබ්බට ගියහොත් ඔබගේ පිය පාර්ශව වාසගමේ නම් බැලූ බැල්මට ගැටලුවක් නැත.

Unknown said...

මොකද ඇත්ත අංගම්පොර ගුරුවරු ගැන විස්තර දාන්නේ නැත්තේ.එහෙම අය දැන් නැද්ද

අංගම්පොඩි said...

ඉඳුනිල්ට පිළිතුර - නිවැරදි අංගම් ශාස්ත්‍රය දන්නා ශිල්පීන් අදටත් රහසිගතව සිටිනවා. අප හා අප සම්බන්ධව තොරතුරු “අප ගැන“ පිටුවේ සඳහන් වෙනවා. මෙම බ්ලොගයේ අරමුණ එම නිවැරදි සටන් ශිල්පීන් ප්‍රසිද්ධ කොට ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ විත්තිකරුවන් බවට පත් කිරීම නොවන බව පුන පුනා කිව යුතුය.

Unknown said...

චීනයේ ශාඔලින් ආරාමය වගේ අංගම්පොර උගන්වන තැනක් හැදුව නම් හරිනේ .එතකොට හදහන් බලල නියම සිංහල අයට උගන්වන්න පුළුවන්.සත්‍යය බොරුව මිනිස්සුන්ට දැනෙනවා.ඉතින් මඩ ප්‍රචාර වලට හරි දේ යටපත් කරන්න බෑ .අතීත සිංහලයෝ කලා වගේ නොබියව ඉදිරියට එන්න.ඇත්ත මතු වෙද්දී බොරුවට තැනක් නැති වෙනවා.එතකොට නියම සිංහලයෝ මේක රැකගන්න එකතු වේවි.හදහනකින් පුළුවන් මිනිස් සිත කියවන්න.ඉතින් සටන් කලාව පාවා නොදෙන අය හොයාගන්න පුළුවන් .ඒ අයට මේ බලසම්පන්න දේ දෙන්න පුළුවන්.

අංගම්පොඩි said...

ඉන්දිකට සිල්වාට පිළිතුර

1. නිවැරදි අංගම් ශාස්ත්‍රය අංගම්, ඉලංගම් හා මායා අංගම් ලෙස කොටස් තුනකට බෙදේ.

2. මූලික දිවුරුම්වලට පටහැනි හෙයින් පිළිතුරක් දිය නොහැකිය.

3. රාම රාවණා යුද්ධය පැවති බව හා රාවණ්ණා විරුවන් සිටිය බව පාරම්පරික මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර මෙන්ම රාමායනයට අමතරව වර්ගපූර්ණිකා ආදී බොහෝ මූලාශ්‍රවල සඳහන් වේ. එමනිසා රාම රාවණා යුද්ධය බොහෝ මූලාශ්‍ර තුළින් ඔප්පු කළ හැකිය. මේ ඉතිහාසය ආශ්‍රිත ඇතැම් කරුණු පමණක් බමුණන් විසින් විකෘති කොට ඇති බව සැබෑවකි.

4. දසරත ජාතකයේ හා රාමරාවණා යුද්ධයේ කිසිඳු සම්බන්ධයක් නොමැත. රාම, ක්‍රිෂ්ණ වැනි නම් සඳහන් වූ පමණින් එය රාම රාවණා යුද්ධයේ මූලාශ්‍රයක් ලෙස ගත නොහැකිය. එසේම ජාතක කතා යනු අතිශෝක්තියේ බහුල උපදේශාත්මක බෞද්ධ සාහිත්‍ය විනා ඉතිහාස මූලාශ්‍රයක් නොවේ. එම කරුණු හේතුකොටගෙන දසරත ජාතකය බොරුද ඇත්තද යන්න ප්‍රස්තුතය සම්බන්ධයෙන් ගෝචර නොවේ.

5. දෙදෙනාම සුප්‍රසිද්ධ චීනඩි ශිල්පීන් දෙදෙනෙකි.

අංගම්පොඩි said...

ඉඳුනිල් සුභාෂණට පිළිතුර

අදහස හොඳය. නමුත් ලංකාව චීනය නොවීම හා අංගම්පොර සම්ප්‍රදායන් හා වූෂූ සම්ප්‍රදායන් පරස්පරවිරෝධී වීම නිසා ශාවොලින් ආරාම වැනි යමක් සාදා උගන්වන සම්ප්‍රදායක් අපට නොමැත. අංගම් ශාස්ත්‍රය අදටත් උගැන්විය යුතු අයට උගන්වනවා. ඒ අය හරි වැරැද්ද දන්නවා. අණබෙර ගසා මේ ශාස්ත්‍රය උගැන්වීමට ගොස් මේ ශාස්ත්‍රයේ උත්තරීතරත්වය කෙලෙසීමට අප සූදානම් නොමැත. අනෙක් කාරණය මඩ ප්‍රචාරවලින් නිවැරදි දේ යටපත් කළ නොහැකි බව අප සක්සුදක් සේ දනිමු. එලෙසින්ම වැරදි දේ සමාජයට දැනගැනීමට සලස්වන තර්කානුකූල මතවාදයන් සමාජගත කිරීමේන් වැරදි දේ යටපත් කළ හැකි බවද දනිමු. මෙය රැකගැනීමට මැදිහත්ව සිටින නියම සිංහලයන් පරම්පරා කිහිපයක්ම දැනටත් එකතුවී හමාරයි.

Unknown said...

කොරතොට අංගම් ගුරුන්නාන්සේගේ අභියෝගය භාරගන්නා ලෙස ඉල්ලමි .එය ඌරා ළිදේ අංගම් කෙටීමට කරන ආරාධනයකි

අංගම්පොඩි said...

ඔබ කියනා අභියෝගය මීට වසර කිහිපයකට පෙරදී අජන්ත නැමැත්තා විසින් අංගම්පොර යයි කියා ගන්නා අංගම්පොර නොවන අයට කරන ලද අභියෝගය විය යුතුය. නැවතත් ඔහු අභියෝග කර තිබෙනවාදැයි නොදනිමු. උක්ත අභියෝගය භාර ගැනීමට අපට හැකියාවක් නැහැ. එයට හේතු කාරණා කිහිපයක් අදාලයි. මූලිකම හේතුව වන්නේ අප අංගම්පොර යයි කියා අංගම්පොර ශාස්ත්‍රයට අදාල නොවන අය නොවීමයි. එවන් අයට එය භාර ගත හැකියි.

denis83 said...

අන්ගම්පොඩිතුමනි, පිලිතුරට බෙහෙවින්ම ස්තුතියි, අජන්ත පිලිබඳ කිසිම සහතිකයක් මා සතුව නැත.මා ඔහුගේ ගෝලයෙකු නොවන අතර මා දැනට වාසය කරන්නේ ලන්ඩනයේය. අජන්ත හැරුණූ කොට අන් සියල්ලන්ම හොරු යනුවෙන් මා සඳහනක් කලේ ඔහු සතුව සිය පරම්පරාවේ තොරතුරු අැතුලත් පුස්කොල පොත් සතු බව නොබියව ප්‍රකාශ කර සිටීමය. ඒ කෙසේ වෙතත් පිලියන්ඳල සුසන්ත නැමැති පුද්ගලයෙකු තමා අන්ගම් ශිල්පියෙකු ලෙස හඳුන්වාගනිමින් අන්තර්ජාලයෙන් ලිපියක් ඉදිරිපත් කොට අැත.ඔබතුමන්ලා දැනුවත් වී නොමැති නම් සොයා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මීට හිතවත්
සුරංග අප්පුහාමි

Anonymous said...

දකුනු පලාතට විශේශ අන්ගම් කලාවක් තියෙනවද

අංගම්පොඩි said...

සුරංග, සුසන්ත නැමැත්තා ගැන සොයා බැලීම ආරම්භ කළෙමු. දැනුම් දීමට ස්තූතියි. කෙසේවෙතත් ඔහුගේ ඉරියව් ආදිය චීනඩි ලෙස බැලූ බැල්මට පෙනී යයි.

දකුණු පලාතට හෝ කිසියම් පලාතකට විශේෂ අංගම් කලාවන් නැත. නැටුමවල මෙන් උඩරට පහතරට කියා දෙයක් අංගම් ශාස්ත්‍රයේ නොමැත. සැබවින්ම නම් නැටුම් කලාවේද නොමැත. අධ්‍යයන පහසුව සඳහා වෙස් නැටුම් නම් නැටුම් කලාවේ කොටස උඩරට නැටුම් ලෙස හඳුනාගෙන ඇත. යම් යම් වෙනස්කම් තිබුණද සියලුම නැටුම් එකම කලාවකි.

අංගං ශාස්ත්‍රයට ද එය පොදුය. ඉරියව්, නිල ශාස්ත්‍රය හා වෙනත් ශාස්ත්‍රීය කොටස් වෙනස්විය නොහැකිය. එසේ යමෙක් මෙය මේ පලාතේ කලාව ලෙස හඳුන්වා දෙන්නේ නම් ඒ නිවැරදි කලාව තමා සතු නොවන නිසා තමා සතු චීනඩි වැනි වෙනත් කලාවක් අංගම් කලාවම බව සමාජයට ඒත්තු ගැනීවීමට දරන ආසාර්ථක උත්සාහයක් බව තේරුම් ගත යුතුය.

Anonymous said...

තෙරුවන් සරණයි.

හිතවත් අංගම්පොඩි,

මට ඔබතුමගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තිබෙනවා.

1.අන්ගම් ශාස්ත්‍රයට සම්බන්ද දේශිය යෝගා ශාස්ත්‍රයට ඉන්දියා සම්භවයක් දක්නට ලැබෙනවාද?

2.සාම්ප්‍රදායික අංගම් කලාව සබවින්ම ලොකයෙ වෙනත් රටවල සටන් ශස්ට්‍රයන්ට අබියොගයක්ද ?

3.අන්ගම් ශස්ට්‍රයෙහි පුරොගමිය ලෙස සලකිය හකි රවන රජතුම සිටි යුගයෙ හෙලඩිව පවති ඩියුනු සිස්ටචරය නතිවුනෙ කෙසෙද ?

4.අන්ගම්පොර ශිල්පියෙකුගෙ ශක්තිය විඩහ පෑමට කල හැකි ක්‍රියකරකම් මොනවද ?

5.සබ අන්ගම් ශස්ට්‍රයෙහි මුලික ඩිවුරුම් කොපමන සන්ක්යවක් තිබෙද?

කතරගම මහසෙන් ‍යුගයෙ පටන් අද දක්වා පැවත එන සැබෑ අංගම් සටන් ශාස්ත්‍රය දිවිහිමියෙන් සුරකින ඔබට නිවන් සුව පතමි !
ඔතුමන්ට ඪීර්ගයුශ ළබෙව.

හරිඳු සේනාරත්න

අංගම්පොඩි said...

ආයුබෝවන් හරිඳු සේනාරත්න,

බුද්ධිමත් ප්‍රශ්න කිහිපයක් ඇසීම ගැන ස්තූතියි.

1. අංගම් ශාස්ත්‍රයට සම්බන්ධ කිසිඳු ශාස්ත්‍රයකට ඉන්දියා සම්භවයක් නැත. ඔබ අංගම් ශාස්ත්‍රයට සම්බන්ධ යෝගා ශාස්ත්‍රයක් ලෙස හදුන්වන්නේ අංගම් ශාස්ත්‍රයේ ශාරීර සතතාභ්‍යාසවල එන යෝගා ක්‍රමවේදයන් විය යුතුය. ඒවා සියල්ල හෙළ යක්ෂ ගෝත්‍රික නිර්මාණ වන අතර මෙම යෝගා ශාස්ත්‍රය පසු කාලීනව ඉන්දියාවට සංක්‍රමණය වී අද ලොව සුපතල ඉන්දියානු යෝගා නිර්මාණය වූ බව ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.

2. එදත් අදත් හෙටත් ලොව අන් සෑම සටන් කලාවකටම සැබෑ අංගම් ශාස්ත්‍රය අභියෝගයක්. එහි තර්කයක් නැත.

3. අංගම් ශාස්ත්‍රයේ පුරෝගාමියා රාවණා රජු ලෙස පිළි නොගැනේ. එතුමන් එක් පුරෝගාමියෙන් පමණි. කෙසේවෙතත් එතුමන්ව තම සොහොයුරු විශීෂණ විසින් පාවා දීමෙන් පසුව එම යුගයේ පැවති ශාස්ත්‍රීය නිපුණතාවයන් වියැකී ගිය බව සැබෑව. එයට හේතුව විභීෂණට යක්ෂ ගෝත්‍රියක් උදව් නොකිරීමත් ඒ නිසාම ප්‍රාෙද්ශීය රාජ්‍ය බවට පත් වෙමින් හා කෝලාහල නිසා රට කාලාන්තරයක් ශාස්ත්‍රීය මට්ටමෙන් අරාජික වී තිබීමයි. මෙයට අමතරව මෙම ශාස්ත්‍රීය පුනරුදය විනාශ කිරීමට විභීෂණ හරහා ඉන්දියානුවන් කළ විවිධ දීර්ඝ කාලීන කුමන්ත්‍රණ සාර්ථක වීමයි. එම කුමන්ත්‍රණ අදටත් අවසන් නැත. මෑත කාලයේ බිහිවූ රාවණා, රාවන් වැනි හින්දි චිත්‍රපටද එම කාර්ය වර්තමානයේ කරගෙන යයි.

4. අංගම් සටන් කරුවෙකුගේ ශිල්පීය හැකියාව පෙන්වීමට අතින් පොල් ලෙලි ගැසීම, පොල් බිඳීම, ගස් ඇද පෙන්වීම මෙන්ම ප්‍රධාන වශයෙන්ම සටන් කොට සුලු වේලාවකින් සතුරා මර්දනය කර පෙන්වීම එදා සිට කළ උපක්‍රමය. ලෙව්කේ දිසාව, ගලගොඩ දිසාව වැනි අය කළ විස්කම උඩරට මහ කැරැල්ල පොතෙහි දක්නට ඇත.

5. ප්‍රමාණය කීමට මට අවසර නැත. නමුත් ජාතියෙන් හා ආගමෙන් පිට නොදීම, පරම්පරාවෙන් පිට නොදීම, දන්නා බව තැන තැන නොපැවසීම ආදිය මූලික වේ. ඒ ඒ ගුරුවරයාට අනුව ඇතැම් දිවුරුම් එකතු විය හැකිය. තමන් මේ ශාස්ත්‍රය උගැන්වී බව නොපැවසිය යුතුය යන්න ඇතැම් රහසිගත යුගයේ ගුරුවරුන් ගත් දිවුරුමකි.

Anonymous said...

ආයුබොවන් අන්ගම්පොඩි මාමේ !

ඔබට තෙරුවන් සරණයි !

ඔබතුමා විසින් මම කලින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න ව්ලට පිළිතුරු සැපයීමට හැකිවීම වෙනුවෙන් ස්තුතිය පුදකරමි.
මට නැව්ත වාරයක් ඔබතුමන්ගෙන් අන්ගම් ශාස්ත්‍රයට සම්බන්ඩ ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇත.
1.අන්ගම් කලාවට සුවිශෙශි වු ගැටක්‍රම කීයක් ඔබගේ දැනුම් සතුව පවතියිද? අත පය භාවිතා කර යොදන ගැටක්‍රම මගින් ප්‍රතිවාදියෙකු බිම හෙළීම් මෙන්ම මරාදැමිමද අන්ගම් ශිල්පියෙකුට පහසුවෙන් කළහැකි දෙයක්ද?
2.අන්ග්ම් ශිල්පයෙහි මුල් අවදියෙහි පසුවෙන කෙනෙකුට තම ශරීරය හා ශරීරයෙහි මස්පිඩු ශක්තිමත්කිරිමට කිසියම් සම්බාහන ක්‍රමයක් පවතියිද? මා අසා ඇති පරිදි එය අන්ගම් ශිල්පීන් විසින් කිසියම් තෙල් වර්ගයක් උපයොගි කරගනිමින් සිදුකරන බවයි. කරුණාකර මට මෙහි සත්ය අසත්යතාවය පැහදිලි කරදෙන්ට ඔබට පුලුවන්ද?
3.අන්ගම් ශිල්පියෙකුට තම කුණ්ඩාලිනි ශක්තිය භාවිතයෙන් කළ හැකි විස්මිත ක්‍රියකරකම් මොනවාද? අන්ගම් ශිල්පියෙකු විසින් තම මානසික ශක්තිය සටන් සදහා භාවිත කිරීම කැපයිද? අන්ගම් ශිල්පයට අදලව භාවනා ක්‍රමයන් කීයක් පවතියිද?
4.සාමාන්යෙන් අන්ගම් ශිල්පියෙකු පනික්කිරාළ හො අන්ගම් මොහන්දිරම් තනතුරට පත්වීමට කොපමණ අදිරය සන්ක්යාවක් සම්පුර්ණ කළ යුතුද? ඌරා ළිදේ අදියර අන්ගම් ශිල්පියේ අවසන් අදිරයද?
5.අන්ගම් ශිල්පයෙහි පුරෝගමියා හා නිර්මාතෘවරයා ලෙස සැලකෙන කතරගම මහසෙන් රජතුමන් සිටිය යුගය මීට කොපම්ණ කලකට පෙරද?
(පිළිතුරු බ්ලාපොරොත්තු වෙමී)

ඔබට සුභ පතමි !
දීර්ගයුශ ලැබේවා !

හරිදු සේනාරත්න(කොලඹ් ආනන්ද විදුහලේ 9 වසරෙහි සිසුවෙකී)

බුදු සරනයි !

Email- senaratneharindu@yahoo.com

Anonymous said...

ආයුබෝව්න් අ0ගම් පොඩිතුමනි,
ඔබට සුබ දවසක්!
අ0ග්ම් හොරුන් ගැන් කීමේදී කොරතොට අජන්ත මාස්ටර් හැරුණුවිට අනිකුත් සියලුමදෙනා අ0ගම් හොරුන් ලෙස මමද පිලිගනිමි.ඔහු විසින් අන්ගම් කලාවට, මන්ත්‍ර ශස්ත්‍රයට, තම පරපුරට අයත් ඉපැර්ණි පුස්කොලපොත් අතැයි කිස් බියකින් තොරව ප්‍රකාශ කිරීම ඔහු අ0ගම් හොරෙකු බව ප්‍රකාශ කිරීමට මට ඇති ප්‍රබල ශාක්ශියකි.අනෙත් කරුණනම් ඔහු හෙළ වෙදකම, දේහලක්ශන ශස්ත්‍රය,දේශීය යෝග ශාස්ත්‍රය, නැකැත් ශස්ත්‍රය, කාල හොරාබැලීමේ ක්‍රම ආදී මා අසා අති පරිදි අ0ගම් ශස්ත්‍රයට සම්බන්ද සියලුම ශස්ත්‍රයන්හී ප්‍රවීණයෙකි.වෙනත් කිසිම අ0ගම් හොරෙකු මන්ත්‍ර ශාස්ත්‍රය ආදී දේවල් නොදනී. ඔබට ඕනෙනම් එම අ0ගම් හොරුන්ගේ වෙබ් අඩවිවලට ගොස් එවා ගැන පරීක්ශා කර බලන්න. ඔවුන්ට අඩුම තරමෙන් උඩ පැන කරණමක්වත් ගැසිය හැකිද? ඔවුන්ගේ ඇදුම් පැලදුම් ආදියද කොට කලිසම්, මේස් බැනියම් වැනි විදේශිකයින් විසින් අපට හදුන්වාදුන් ඒවාය. තවද බොහෝමයක් අ0ගම් හොරුන් මසකට වරක් හෝ පිටරටවල්වලට ගොස් සටන් පුහුණුවීම්වල නිරිතවන බව ඔබම සදහන් කර ඇත.අපගේ අජන්ත මාස්ටර් එවැනි පුහුණුවීම්වල නිරිතවන්නේද නැත.
(ඔබ බුද්දිමතෙක්නම් මෙම කරුණු ගැන මදක් විමසා බලන්න.) ඔබට අවශ්ය නම් 0776736501 මගින් අජන්තව සම්බන්ද කරගන්න.
ජයවේවා!
තෙරුවන් සරණයි!

උපුල් වීරනායක

අංගම්පොඩි said...

ආයුබෝවන් හරිඳු,

1. ගැටක්‍රම ප්‍රමාණය හෙළිකිරීම පරම්පරාගත දිවුරුම්වලට පටහැනියි. ඔව්, පහසුවෙන් සිහිමූර්ජා කිරිම හෝ මරා දැමීම හෝ අඩපණ කිරීම ගැට ශාස්ත්‍රය මගින් පහසුවෙන් කළ හැකියි.

2. ඔබ නිවැරදියි. සම්බාහන ක්‍රමවේද පවතිනවා. ඒවා ශිෂ්‍යයාගේ ශරීර තත්ත්වය මත වෙනස් වෙනවා.

3. කුණ්ඩලීනී ශක්තියෙන් කළ හැකිදේ බොහෝයි. එය තමාගේ ප්‍රාගුණ්‍ය මත වෙනස් වෙනවා. ඒ මොනවාද යන්න පැහැදිලි කිරීම දිවුරුම්වලට පටහැනියි. අංගම් ශාස්ත්‍රය තුළ යක්ෂ ගෝත්‍රික භාවනා ක්‍රමවේද රාශියක් පවතිනවා. ඒවා බෞද්ධ භාවනා ක්‍රමවේද වලට පූර්ණ වශයෙන්ම වෙනස් මුහුණුවරක් ගන්නවා. එසේම ඒවා සටන් පුහුණු වන අයට පමණක් උගන්වනු ලබනවා. පිටස්තරයන්ට දීම යෝග්‍ය නැත. මන්ද යම් මට්ටමකට අංගම් ශාස්ත්‍රය අධ්‍යයනය කළ අයට පමණයි කුණ්ඩලීනියට අදාල භාවන හා ව්‍යායාම කළ හැක්කේ.

4. පනික්කිරාළ වීමට පූර්ණ පියවර සංඛ්‍යාෙවන් අඩකට ආසන්න ප්‍රමාණයක් පූර්ණ කළ යුතුය. මුහන්දිරම් වීමට පූර්ණ වශයෙන් සම්පූර්ණ කිරීම හා පරම්පරා අවසරය අනිවාර්ය වේ. ඌරා ළිදේ අදියර කියා යමක් නැත. විවිධ අවස්ථාවලදී ඌරා ළිදේ සටන් පැවැත්වේ.

5. අංගම් ශිල්පයේ පුරෝගාමියා ලෙස කතරගම මහසෙන් දෙවිහාමුදුරුවන් නොසැලකේ. නිර්මාතෘවරුන් අඥාත හෙළ යක්ෂ ගෝත්‍රිකන්ය. කතරගම මහසෙන් සෙනවියා මීට වසර 25000කට ආසන්න කාලයකට පෙර සිටි අති ප්‍රභල සටන් ශිල්පියෙකි.

Anonymous said...

හිතවත් අන්ගම්පොඩිතුමනි,

ආයුබෝවන් ඔබට !

ඔබට කරදරයක් නැතිනම් මම ඔබ වෙත තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කිරීමට කැමතියි.

1.අන්ගම් ශස්ත්‍රයෙහි එක් කොටසක් වන මායා අන්ගම් නැමති කොටසෙහි යම්යම් යන්ත්‍ර-මන්ත්‍ර ක්‍රමවේදයන් පවතී. ඒවා අතීතයේදී හෙළ යක්ශ ගෝත්‍රිකයින් විසින් නිපදවූ බවට කිසිම සැකයක් නැත. නමුත් වර්තමානය වනවිට ඒවා අභාවයට ගොස් පවතියිද?අදටත් අන්ගම් ශිල්පීන් අතර මායා අන්ගම් නැමති කොටස භාවිතා කරයිද?
2.අන්ගම් සටන් ශිල්පීන් විසින් භාවිතාකරන සාම්ප්‍රදායික ඇදුම් පැළදුම් මොනවාද?(උදා;වවුල් අමුඩය හෝ දිය කච්චිය වැනිදැ වියහැකිද?)
3.කොරතොට, මරුවල්ලිය, සුදාලිය, වේලක්කාර, පලිහක්කාර වැනි අන්ගම් සටන් පරම්පරා කීයක් අතීතයෙහි පැවතියද?

(මා මෙතෙක් අසූ ප්‍රශ්නවලින් ඔබතුමා වෙහෙසට පත්වී අත්නම් ඒ ගැන ඔබෙන් සමාව ඉල්ලා සිටිමී)
(හැකි ඉක්මනින් පිළිතුරුද බලාපොරොත්තු වෙමි.)

තෙරුවන් සරණයි!

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

1. අංගම් ශාස්ත්‍රයේ මූලික කොටස් වලින් එකක් ලෙස මායා අංගම් හඳුන්වා දිය හැකිය. මායා අංගං නොදන්නේ නම් ඔහු පූර්ණ අංගම් ශිල්පියෙක් නොවේ. අදටත් මෙම කොටස සැබෑ ශිල්පීන් අතර වියැකී නැත.

2. අංගම් හොරුන් පිටපත් කිරීම හේතුවෙන් අංගම් සටනේ දී භාවිතා වන ඇඳුම් ආයිත්තම් ගැන නම් සඳහන් කළ නොහැකිය. නමුත් ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීමට පහත ලිපිය කියවන්න.
අංගම් සටනේ ඇඳුම් ආයිත්තම් සම්ප්‍රදාය

3. පරම්පරා ප්‍රමාණය නිශ්චිතව කිව නොහැකිය. කාලයෙන් කාලයට ප්‍රසිද්ධ වූ පරම්පරා ගණනාවක් තිබිණි. ඔබ සඳහන් කළ ඒවායින් වෙලක්කා, පලිසක්කාර පරම්පරා අනුරාධපුර හා පොළොන්නරු යුගවලදීද, කොරතොට ආරච්චි පරම්පරාව සීතාවක යුගයේදීද, මාරලිය හා සුදාලිය නුවර යුගයේදීද හමුවේ. මේවාට අමතරව අනුරාධපුර යුගයට පෙර යුගයන්හිදී යක්ෂ ගෝත්‍රික පරමපරා ගණනාවක් හඳුනාගත හැකිය. නමුත් ඒවා මෙහි සඳහන් කිරීම උචිත නොවේ.

Unknown said...

ඇඩ්මින් වෙත,

ඔබ පාරම්පරික සටන් ශිල්පියෙකු යි මම සිතමි.මෙහි ඇති සමහර අදහස් සඳහා අවෙගශීලි පිළිතුරු ලබාදී තබුනු "අන්ගම්පොඩි" යන අය සඳහන් කරන ආකාරයට මෙම කලාව "පිට" දෙන්නේ නැත.
එසේම අඩු කුලයේ අයට දෙන්නේද නැත.හන්දහන් ද ගැලපෙන අයුරින් තිබිය යුතුය.ඔහුට අනුව වෙනත් බසකින් කොමෙන්ට් කිරීම ඉංග්‍රීසියට හිස නමිමකි.එහෙත් ඔහු එය කයන්නේ බ්ලොග් අඩවියක් හරහාය.ඔහු ගොතම බුදුන්ටත් පෙර බොදුනුවෙකි.එහෙත් කුලා බේදය පිළිගන්නා අයෙකි.මෙහි "dahara" නමැත්තාගේ යම් අදහස් හස් මම එන්කග වෙමි.මේ අයුරින් යට ගසාගෙන සිටීමෙන් ඔබ කලාව රකහන්නේ කෙසේද? නුතන ක්‍රමය බැහැර කොට සම්ප්‍රදාය රකිමට යාම මගින් මෙම කලාව සදාකාලිකවම වලලියානු ඇත.අප දකිඅ හැමදෙයක්ම රෙද්ද අස්සේ දම ගත යුතු යඊ මා නොපවසමි.අවශ්‍ය වන්නේ වර්තමානයට අනුගතවීම පමනි.මා පවසන්නේ ඔබේ ශිල්පය මාර්කෙට් කිරීමට කියා නොවේ.එහත් ඉහත සඳහන් "අන්ගම්පොඩි"ගේ අදහස වැනි අදහස් තුලින් අපතුල ඇතිවන්නේ ගැටලුකාරී හැඟීමකි.මා සටන් කළා ප්‍රගුණ කොට නැත.එහෙත් මම ගවේෂණයට කැමැත්තෙමි.....ඉහත සන්ධාන ගැටලුකාරී තැන සම්බන්දව පැහැදිලිකර දෙන මෙන් ඉල්ලමි....

Anonymous said...

ආයුබෝවේවා අන්ගම්පොඩිතුමනි,

ප්‍රශ්නවලට පිලිතුරු සැපයීම ගැන සතුටුයි.

හරිදු සේනාරත්න

Anonymous said...

ආයුබෝවන් අන්ගම්පොඩි!

1.හේලන්කඩ ම0ගල්ය යනු කුමක්ද?
2.අන්ගම් ශිල්පයෙහි මූලික අවි-ආයුද 21ට අමතරව තවත් අවි-ආයුද තිබේද?
3.අන්ගම් සටන් ශාස්ත්‍රය කාලානුරූපීව වෙනස් කළ හැකි දෙයක්ද?
4.අන්ගම් කලාවට බොද්ධ අභාශය ලැබී ඇත්තී කුමන කාලයේදිද?
5.සැබැ අන්ගම් සටනෙහි 'ළිහිණි කඩුව' නමින් හදුන්වන ආයුදයක් පවතියිද?
6.අන්ගම් ශිල්පය මේවන තෙක් දියුණු කළානම් කුමන තත්වයකට ගෙන ඒමට තිබුනේද?
7.කොරතොට අජන්ත ගුරුන්නාන්සේ පිළිබදව ඔබතුමන්ගේ මතය කුමක්ද?
8.හේවා අන්ගම් නැමති කොටස ගැන කෙටි හැදින්වීමක් කළ හැකිද?
9.අන්ගම් සටන් කලාවෙහි පිනුම්-කරණම් ක්‍රම කීයක් භාවිතා වෙයිද?
10.භාවනානුයෝගීව සිට සිය කුණ්ඩාලිනී ශක්තිය මගින් සතුරාට පහරදීමේ ක්‍රමවේදයන් සැබැ අන්ගම් ශාස්ත්‍රයෙහි පවතියිද?
(පිළිතුරු බලාපොරොත්තු වෙමී)

ස්තූතියි !

හරිදු සේනාරත්න

Anonymous said...

දීර්ඝායුබෝවේවා අන්ගම්පොඩිතුමනි !

කලින් සැපයූ ප්‍රශ්නවලට පිළිතුරුද ඔබට පුළුවන් ඉක්මනින් ලබාදෙනු මැනවි. මම අන්ගම්පොර සටන් කලාව පිළිබදව තොරතොරු සෙවීමේදී මට තවත් ප්‍රශ්න කිහිපයක් මතුවුණි. මම විසින් ඔබට ඉතා දීර්ඝ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමට හේතුව අන්ගම් ශිල්පය ගැන යමක් දැනගනීමට තිබූ ආශාව නිසාය. අන්ගම්පොර ගැන තොරතොරු සෙවීමට මමද උනන්දු වුණේ ඔබගේ වෙබ් අඩවියේ ඇති කරුණු පරීක්ශා කිරීමෙනි.

1.අන්ගම් සටන් කලාව හැදැරීමට කිසියම් වයස් භේදයක් පවතියිද?
2.අතීතයේදි අන්ගම් ගුරුවරුන් තම සිසුන්ට සටන් ඉගැන්වීමේදී මුදල් අයකර තිබේද? අන්ගම් ශිල්පයට අදාළ ගුරු-ගෝල සම්බන්ධය ගැන මට කෙටි හැදින්වීමක් කරදෙන්න.(ඔබට බොහෝ පින්)
3.අන්ගම් ශිල්පය කාලීනව වෙනස් කළ හැකි දෙයක් නම් වර්තමානයේදී අන්ගම් ශිල්පීන් එසේ නොකිරීමට හේතුවක් තිබේද? එය කුමක්ද?
4.කොටි-ත්‍රස්තවාදී යුද්ධය සදහා අන්ගම් ශිල්පීන් දායකත්වය නොදක්වූයේ ඇයි? එසේ සිදුකිරීමට හේතුව අන්ගම් ශිල්පීන්ට වර්තමාන යුධෝපක්‍රම සමග ගැටීමට තරම් දියුණු සටන් තාක්ශණයක් නොපැවතීමද?(බෝම්බ, මිසයිලා)
5.අන්ගම් ශිල්පයට සන්නාහ කට්ටල නිපදවීම මා දන්නා පරිදි ආරම්භවී ඇත්තේ පෘතුගීසි යුගයේදීය. වර්තමානයේ ඒවා කොපමණ දුරකට ප්‍රයෝජනවත්ද?
6.අන්ගම් ශිල්පීන් අසීමිතව (ගණන් කළ නොහැකි තරම්) සහභාගීවූ සටන් ල0කා ඉතිහාසයෙහි තිබේද? ඒ මොනවාද?
7.පැවිදිවූ අයෙකුට ඔබ දන්නා තරමින් අන්ගම් ශිල්පය ප්‍රගුණකිරීම කැපද?
(පිලිතුරක් බලාපොරොත්තු වෙමී)

සුබ දවසක් !

හරිදු සේනාරත්න


අංගම්පොඩි said...

හරිඳු සේනාරත්ත 177ට පිළිතුරු

1. හේලංකඩය යනු ආධුනිකයන් සමාජයට හෙළි කිරීමේ උත්සවයකි. මෙය සටන් ශාස්ත්‍රය හැදෑරීම ආරම්භය සනිටුහන් කිරීමකි.

2. ඔව්. ඒවා පාරම්පරිකව හෝ රහසිගත ඒවාය. ඉලංගක්කාර ආයුධ උදාරහරණයකි.

3. කාලානුරූපීව වෙනස් වූ දෙයකි. වර්තමානයට ගැලපෙන අයුරින් සීතාවක හා නුවර යුගවලදී වෙනස් විය. එවන් වෙනසක් කිරීමට එහි පරතෙරට ගොස් භාවනා ශක්තීන් දියුණු කළ අයට පමණක් කළ හැකිය. වර්තමානය එයට කාලය නොවන බව අපගේ විශ්වාසයයි.

4. නියත කාලය කිව නොහැක. කාශ්‍යප බුදුන්ගේ කාලය දක්වා සාධක හමුවේ.

5. ලිහිණි කඩුව යනුවෙන් ආයුධයක් තිබේ.

6. මෙහි 3 වන පිළිතුර බලන්න.

7. මෙම බ්ලොග් අඩවියේ හඳුනාගත් අංගම්හොරු පිටුවේ දක්වා ඇත.

8. යුද්ධයට භාවිතා කළ කුඩා හරඹ කොටසකි. මෙය කුලභේදයකින් තොරව යුද්ධය සඳහා උගැන්වූවකි. හේවා අංගම් පමණක් දන්නා පුද්ගලයා අංගම් ශිල්පියෙකු ලෙස හඳුනා ගන්නේ නැත.

9. ප්‍රමාණය කිව නොකියමි. 18කට වැඩි ප්‍රමාණයක් ඇත.

10. චිත්ත බලයෙන් පමණක් චිත්‍රපටවල මෙන් සටන් කළ නොහැක. එම මානසික ශක්තය භාවිතා කොට ශාරීරිකව සටන් කළ හැක.

අංගම්පොඩි said...

හරිඳු සේනාරත්ත 178ට පිළිතුරු

1. වයස් භේදයක් නැත. අවුරුදු 6න් ඉහළවීම පමණක් ප්‍රමාණවත් වේ. ශක්තිමත් හඳහනක් හිමි නම් වයස අවුරුදු 4ක් වුවද ප්‍රමාණවත්ය.

2. ඕනෑම ශාස්ත්‍රයක් උගෙන ගන්නා විට ගුරු පඬුරු දීම හා ගැනීම කැපවේ. එය බොහෝ විට මුදල් නොවේ. මුදල් සෙවීමේ අරමුණෙන් සටන් ශාස්ත්‍රය උගන්වන්නේ නැත.

3. මේ කාලය හඳුන්වනුයේ වචීපරමයන් සිටින කලියුගය ලෙසය. එවැන්නකට මේ කාලය නොවේ. සියලුම චීනඩි, කලාරි, මලයාලම් ශිල්පීන් අංගම්පොර ශිල්පන් ලෙස කරලියට එන අද සටන් ශාස්ත්‍රයේ නම බේරාගැනීමට සිදුවී ඇති කාලයකි.

4. කොටි ත්‍රස්තවාදීන්ට යම් ප්‍රමාණයකින් රහසිගතව සටන් ශාස්ත්‍රයේ නිරායුධ හරඹ මගින් හමුදාවට උදව් කිරීමට පාරම්පරික ශිල්පීන් උදව් කළා. නමුත් එය ප්‍රමාණවත් යයි අපට කිව නොහැකියි. බෝම්බ හා මිසයිල වලට මුහුණ දීමට යම් ප්‍රමාණයකට හෝ හැකියාවක් ඇති සටන් ශිල්පියෙක් වේ නම් ඒ වෙඩි නොවදින යම් ශාස්ත්‍රයක් උපයෝගි කර ගන්නා අංගං ශිල්පියා පමණි. මිසයිල හෝ බෝම්බවලට මුහුණ දිය හැකි එකදු සටන් ශාස්ත්‍රයක් ඔබ ලොව දැක ඇත්ද?

5. සන්නාහ කට්ටල ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යයි. අද අප දකින උඩරට නැට්ටුවාගේ වෙස් කට්ටලය, යක් වෙස්මුහුණ සහිත තෙල්මේ වැනි පහතරට නැටුම්වල එන සන්නාහවල ඉතිහාසය වසර 10000කට වැඩි මිස අඩු විය නොහැකිය. අදටද පෘතුගීසි යුගයේ බිහිවූ වානේ පතුරු සහිත සන්නාහ ප්‍රයෝජනවත් වේ.

6. සුරාසුර යුද්ධය, රාම රාවණා යුද්ධය, එලාර දුටුගැමුණු යුද්ධය, මුල්ලේරියා හටන හා දන්තුරේ හා බලන කපොල්ලේ හටන් මෙන්ම උඩරට මහ කැරැල්ල ගත හැකිය.

7. පැවිද්දන්ට සටන් ශාස්ත්‍රය, සටන් ශාස්ත්‍රයට අනුව කැපය. සිවුර අතහැර යුද්ධයට ගිය ථේරපුත්තාභය හාමුදුරුවෝ එක් උදාහරණයකි.

අංගම්පොඩි said...

නේලක එස්. එන්. ජේ. ට පිළිතුර.

මා දක්වා ඇති ශාස්ත්‍රය පිට නොදීම, කුලභේදය සැලකීම, හඳහන ගලපා බැලීම ආදිය හෙල ශාස්ත්‍රයක් ලෙස අංගම් ශාස්ත්‍රයට ආවේණිව වන ඒවාය. මේ තරමට හෝ අංගම්පොර යයි යමක් ඉතුරු වී තිබෙන්නේ රෙද්ද අස්සේ හංගාගෙන සිටීමෙන් මිස මුවායි තායි විනාශ වූවා සේ සුද්දටයි පද්දටයි ඔක්කෝටම දී ශාස්ත්‍රය අශාස්ත්‍රීය මිනිසුන් අතට දීමෙන් නොවන බව මතක් කරමු. එසේම බුදු දහම අපේ සංස්කෘතියේ කොටසක් මිස අප සංස්කෘතියේ කොටසක් ලෙස බුදු දහම හඳුනා නොගැනෙන නිසා බුදු දහමට නොගැලපෙන දේව හා යක්ෂ ඇදහිලි, ලොකික භාවනා ක්‍රම, කුළ භේදය, සත්ව ඝාතනය වැනි බොහෝ දෑ සටන් ශාස්ත්‍රයේ කොටස් බවට පත්වී ඇත. සිංහල සංස්කෘතියේ ඇති සියල්ල බුදු දහමට අනුකූල නොවේ. හොඳම උදාහරණය හෙළ සූර්ය මංගල්‍ය නොමැතිනම් සිංහල අලුත් අවුරුද්දයි. සංක්‍රාන්ති වේලාවේ හාමුදුරුවන්ට දානය වැළදීමට සිදු වන්නේ ඒ නිසාය.

ඔබ කියනා පරිදි බ්ලොග් අඩවියක් භාවිතා කිරීම අප වැන්නන්ට අකැප නම් අපට බුදු දහමද අකැප විය යුතුය. පිටරටින් එන අපට සුදුසු දේ ඇති සුදුසු කොටස් පමණක් ලංකර ගැනීම එදා සිට අප සිදු කළේය. පරදේසක්කාර ආක්‍රමණිකයන් තුවක්කු සාදන විට අපද තුවක්කුව වැනි බියගුලු ආයුධ සැදුවේ කාලානුරූපීව පිටතින් එන ගැලපෙන දේ ගත යුතු නිසා මින අපට මුහුණට මුහුණ සටන් කිරීමට නොහැකි නිසා නොවේ.

කෙසේ වුවද අපහට දැනෙන පරිදි ඔබහට ගැටලුකාරී හැඟීම් ඇති වන්නේ පිටතින් වැටෙන සෑම දෙයක්ම බදා ගැනීමේ දූපත් වැසි මානසිකත්වය නිසා බවද මතක් කරමි. අප වැනි සාම්ප්‍රදායික අයවලුන්ට ලිඳේ සිටින මැඬියන් යයි සිතන ඔබ වැනි බොහෝ අය නිවැරදි ලෙස තමන්ගේ භාෂාවවත් කතාකිරීමට නොදන්නා පිටරටින් එන මොකක් හෝ බඩකඩිත්තුවක් කරපින්නා ගන්නා දීන ගැතියන් බව අපි දන්නා බවද තවදුරටත් මතක් කරමු.

ඔබගේ ගවේෂණයට ජය.

Unknown said...

අංගම්පොඩි , ගනං ගන්න එපා. අඩුකුලේ අයට කුලේ ගැන කියනකොට තද වෙනවා තමා. එතකොට තමා බුද්ධාගමෙන් උදාහරණ අරගෙන වාද කරන්න යන්නේ.

මේ මිනිස්සුන්ට නොතේරෙන දේ තමා බුද්ධාගම සහ සිංහල සංස්කෘතිය කියන්නේ දෙකක් කියන එක. ඒකයි සිංහල සංස්කෘතියේ තියෙන බුද්ධාගමට නොගැලපෙන දේවල් අල්ලාගෙන "පේනවද බුද්ධාගන් කාරයන්ගේ වැඩ ? " කියල බුද්ධමටත් අපහාස කරලා අපාගත වෙන්න ලොකු උත්සාහයක් ගන්නේ. අනුකම්පා කටයුතුයි.

Anonymous said...

ආයුබෝවන් !

පිළිතුරු දීම ගැන සතුටු වෙනවා.(තවත් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සිදුවීම ගැන කනගාටු වෙනවා.) මින්පසුව ඉදිරිපත් කරන ප්‍රශ්නවලට දිවුරුම්වලට පටහැනි නම් පිලිතුරු ලබාදීමද අවශ්ය නොවේ.

1.ඔබ විසින් මෙම වෙබ්පිටුවෙහි දක්වා ඇති සියලුම අන්ගම් හොරුන් ගැන පරික්ෂණකිරීම මේවන විට සිදුකර හමාරද? මේ පිටුවෙහි සදහන් සියලුමදෙනා මේවන විට අන්ගම්හොරුන් ලෙස ඔප්පුවී හමාරද?
2.ඉලන්ගක්කාර ආයුද යනු මොනවාද? ඉලන්ගක්කාර තනතුර පනික්කිරාළ තනතුරට වඩා උසස් තනතුරක්ද?
3.කේන්ද්‍ර සටහන, දේහ ලක්ෂණ ආදිය බලා සටන් පුහුණු කරවීමේදී සිදුකෙරෙන චාරිත්‍ර වාරිත්‍ර මොනවාද?
4.අන්ගම් ශිල්පීන් තම ශාරීරික ශක්තිය වැඩිදියුණු කිරීමට කිසියම් උපකරණ වර්ගයක් හාවිතා කරයිද? නැතිනම් ශාරීරික ශක්තිය වැඩිදියුණු කිරීමෙහිලා කිසියම් ව්‍යායාම වර්ගයක් සිදුකරනු ලබයිද?
5.රාවණා පුවත ගැන රචනාකර ඇති පොත්වල සදහන් කෙරෙන බෂ්මසැරය, චක්‍රායුදය,චක්‍රරත්නය ආදී අවි-ආයුද එම යුගයේදී අන්ගම් ශිල්පයේදී භාවිතා වුණ ඉතා දියුණු අවි-ආයුද වෙයිද?
6.ලෝකයේ වෙනත් රටවල ඇති සටන්කලා සුළු වශයෙන් හෝ අන්ගම් ශිල්පයට යම්යම් සමානකම් දක්වයිද?(කරාතේ, වූෂූ, නින්ජා)
7.ජලය අශ්‍රිතව සිදුකෙරෙන සටන් සැබෑ අන්ගම් ශිල්පයෙහි පවතියිද?

ඔබට තෙරුවන් සරණයි !

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

1. මේ පිටුවේ (හඳුනාගත් අංගම්හොරු) ඒ පිළිබඳව දක්වා තිබෙනවා. වැඩිමනක් තොරතුරු සහිත අයගේ බ්ලොග් අඩවිද වෙන වෙනම සකස් කොටද තිබෙනවා. ඉන් එහා යමක් කිව නොහැකියි.

2. ඉලංගක්කාරයන් නිර්මාණය වන්නේ පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් සමඟ සීතාවක රාජසිහයන් විසින්. එතුමා මේ ශාස්ත්‍රයට අවසාන වතාවට මෙම ගරිල්ල (නින්ජා වලට සමාන) සටන් ක්‍රමවේද හඳුන්වා දුන්නා. එහි ශරීරයේ සඟවාගෙන යා හැකි ආයුධ සමූහයක් පවතිනවා. වැඩිමනක් තොරතුරු කිව නොහැකියි.

3. පාරිභාෂිත චාරීත්‍ර ඉදිරිපත් කළ නොහැකියි.

4. උපකරණ හා ව්‍යායාම ක්‍රම යන දෙකම ඇඟ මැඬිම හෙවත් ශරීරය සකස් වීමට භාවිතා වෙනවා. ඒවාට සුවිශේෂී වූ පාරිභාෂිත වචනද තිබෙනවා.

5. ඔව්. එම යුගය සටන් ශාස්ත්‍රයේ පමණක් නොව බොහෝ ශාස්ත්‍රයන්හි ස්වර්ණමය යුගය වෙයි. එදා තිබූ තාක්ෂණය රාමගේ ආක්‍රමණයෙන් පසුව විනාශ විය. සටන් ශාස්ත්‍රය පමණක් ඉතිරි විය.

6. ලොව ඇති සටන් කලා අංගම් ශාස්ත්‍රයට සමාන වන්නේ නැත. මන්ද අංගම් ශාස්ත්‍රය යුධ කලාවක් බැවිනි. කුංෂූ වැනි ශාස්ත්‍ර යම් තරමකට යුධ කලාවන් බව පෙනේ. කරාතේ, වින්ග් චුන් වැනි මෑත කාලයේ ගොඩනැගුණු සටන් කලා අංගම් ශාස්ත්‍රය වැනි මහා යුධ සම්ප්‍රදායකට සමාන කොට එහි ගෞරවය නොකෙලසන ලෙස ඉල්ලමි.

7. ඔව්. මනාව පුහුණු වූ අංගම් ශිල්පියෙකුට ජලය යට විනාඩි විසිස්කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකිය. මේ සඳහා සුවිශේෂී භාවනා හා වෙනත් අභ්‍යාසද පවතී.

Anonymous said...

හිතවත් අන්ගම්පොඩිතුමනි,

නැවත වතාවක් මුණගසෙන්න ලැබීම ගැන සතුටුදායකයි.ඔබ වෙත තවත් ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට කැමතියි.

1.අන්ගම් ශාස්ත්‍රයෙහි අන්ගම්,ඉලන්ගම්,මායා අන්ගම්,හේවා අන්ගම් යනාදී විවිද කොටස් කොපමණ සන්ක්යාවක් තිබේද? එවා කුමන නම්වලින් හැදින්වෙයිද?
2.ඉලන්ගක්කාරකම් පුරුදු පුහුණු කෙරෙණුයේ කුමන ස්ථානවලද?(ඉලන්ගම්මඩු.අන්ගම්මඩූ)
3.අතීතයේදි සින්හල ජාතියත්,බොද්ධාගමත් රැකගැනීම පිණිස සිදුකරනු ලැබූ සටන් සදහා මායා අන්ගම් ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වය කෙසේද?
4.අන්ගම් ශිල්පියෙකු අවිවාහකව හා බ්‍රහ්මචාරී දිවිපෙවෙතක්(තපස් රකිමින්) ගතකරමින් ජීවත් වියයුතු යැයි නීතියක් අන්ගම් ශාස්ත්‍රය තුල දක්නට ලැබේද?
5.කුලප්පුවූ අලිඇතුන් මෙල්ල කිරීම, බිහිසුණු කුළුහරකුන් තනිව මෙල්ල කිරීම,මිනිසුන් දහපහළොස්දෙනා සමග තනිව සටන් කොට පෙන්වීම,හිසෙන් ගසා පොල්ගෙඩි බිදපෙන්වීම, පොළොවෙහි සිටවූ ඇත්දළ තනි අතින් ඇද ගලවා පෙන්වීම ආදී ක්‍රමවේද අතීතයේදී අන්ගම් ශිල්පීන් සිය ශාරීරික ශක්තිය විදහාපෙන්වීමට කරනලද්දාවූ ක්‍රියාකාරකම්ය. එමෙන්ම අන්ගම් ශිල්පීන්ට සිය මානසික ශක්තිය විදහාපෙන්වීමට කළ හැකිදේ මොනවාද?
6.වර්තමානයේදී සැබැ අන්ගම් ශිල්පීන් විසින් තම ශාස්ත්‍රය කරළියට ගෙනනො එන්නේ කාල හොරා බලා පහරදී මරණයට පත්කිරීම,මාරක නිල ශාස්ත්‍රය,යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමවේද, භාවනා හා කුණ්ඩාලිනී යෝගක්‍රම ආදිය අන්ගම් හොරුන් විසින් පිටපත් කරගන්නා නිසාද? වත්මන් යුගයේදී සැබැ අන්ගම් ශිල්පීන් සිටියිනම් ඔවුන් විසින් තම ශාස්ත්‍රය සමාජයට නොගෙන ඒමට හේතුව කුමක්ද?
7.අන්ගම් සටන් ශිල්පියෙකු(ආධුනිකයෙකු/ප්‍රවීණයෙකූ) හිසපටියක් හා ඉණපටියක් බැදීම අනිවාර්ය වෙයිද?
8.ප්‍රවීණ ඉලන්ගක්කාරයන් සහභාගී වූ සටන් මොනවාද? ගරිල්ලා සටන් යනු ස්වාභාවික රැකවරණය උප්යෝගී කරගනිමින් සිදුකරනු ලබන සටන් ක්‍රමයක්ද?
9.ඕනැම යුද්ධයක් ජයග්‍රහණය කිරීමට තරම් අවි-ආයුද අන්ගම් ශාස්ත්‍රයෙහි ඇත්නම් බටහිර ජාතීන්ගේ ආක්‍රමණවලදී අන්ගම් ශිල්පීන් විසින්ද තුවක්කු වැනි බියගුළු ආයුද නිපදවූයේ ඇයි?
10.වර්තමානයේ සිටින් අන්ගම් ශිල්පීන් අප්‍රසිද්ධව හා භාවනානුයෝගීව වනගතව වෙසෙන අයද? ඔවුන් විවෘත සමාජයේ කටයුතු නොකිරීමට කිසියම් හේතුවක් තිබේද?
11.අන්ගම් ශිල්පීන් විසින් භාවිතා කළ පෙරදිග තුවක්කුවල උණ්ඩ ලෙස භාවිතා වූයේ මොනවාද?
(බටහිර තුවක්කු උණ්ඩවලට වඩා වෙනස් ආකාරයේ ඒවාදා)
12.ආරූඪ වීමත් සමග කරනුලබන සටන් අන්ගම් ශිල්පයක අන්තර්ගත වෙයිද?

(කිසියම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමී)

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

1. අංගම්, ඉලංගම් හා මායා අංගම් යනු ප්‍රධාන කොටස් තුන වන අතර හේවා අංගම් යනු හේවාකම් එනම් යුධ පිටියට පමණක් භාවිතා වූ මුල් ශාස්ත්‍රයෙන් වෙන්කරගත් බොහෝ අයට ලබා දුන් යුධ හරඹ කොටසකි. මෙවැනි තවත් කොටස් ලෙස ඉලංගක්කාරකම් ආදිය ගත හැකිය. නම් සඳහන් කළ නොහැකියි.

2. ඉලංගම් මඩු තුළයි.

3. මායා අංගම් යුධ පිටියට භාවිතා කළ අවස්ථා විරළය. ඒ අතර පරංගීන්ගේ තුවක්කුවල උණ්ඩ හිරවීමට මැතිරූ අවස්ථා හා පිල්ලි යැවූ අවස්ථා ඇති වුවද සන්නද්ධ යුද්ධයක් තුළ මායා අංගම් භාවිතය අවම බව කිව යුතුය.

4. අංගම් ශිල්පීන් බ්‍රහ්මචාරී විය යුතු යයි නියමයක් නැත. එසේ වීමට අවශ්‍යතාවක් ද නැත.

5. මානසික ශක්තිය විදහා පෑම සාමාන්‍ය යෙන් පෙන්වන්නේ නැත. එසේ වුවද තමාට සමාන රූපයක් මවා පෙන්වීම ආදි දේ තිබේ.

6. කරළියට නොගෙනීමට හේතුව මේ එයට කාලය නොවීමයි. එයට හේතුව ඔබම පැහැදිලි කොට ඇත.

7. සටන් පුහුණු ඇඳුම තුළ හිස ජටාව හා ඉණ පටිය තිබේ. නමුත් ඒවා පළඳින හා නොපළඳින අවස්ථා ඇත.

8. මුල්ලේරියා සටන හා බලන කපොල්ල සටන මෙන්ම උඩරට විමුක්ති අරගලයේ යම් යම් අවස්ථාවල ඉලංගක්කාර සටන්කරුවන් පමණක් සහභාගී වී ඇත. ගරිල්ලා සටන් යනු සැඟව සිට සතුරාට සිතා ගත නොහැකි පරිදි ක්ෂණිකව සටන් කිරීමේ හැකියාව මෙන්ම තමා කවුද යන්න හඳුනාගත නොහැකි පරිදි සටන් කිරීමයි.

9. මේ සඳහා මා ඔබගේ පෙර වරෙක ඇසූ ප්‍රශිනයකින්ම පිළිතුරු දෙන්නම්. රාම රාවණා යුද්ධයේදී බෂ්මසැරය, චක්‍රායුදය,චක්‍රරත්නය වැනි සැඟව සිට පහර දෙන ආයුධ භාවිතා කළේ ඇයි? සිතා බලන්න. එසේම යුධ කලාව හා යුධ තාක්ෂණය යනු දෙකක් බවද තේරුම් ගන්න.

10. වර්තමාන නිවැරදි අංගම් ශිල්පීන්ද ඔබ මෙන්ම මේ සමාජයේ ගැටෙමින් නමුත් තමන්ගේ සම්ප්‍රදාය රහසිගතව රකිමින් සිටින සාමාන්‍ය පුරවැසියන්ය.

11. අපගේ තුවක්කු ගැන දැන ගැනීමට ඔබ උඩරට මහ කැරැල්ල පොත මෙන්ම ජාතික කෞතුකාගාරය තුළ ඇති තුවක්කු පිළිබඳව අධ්‍යයනය කොට බලන්න.

12. ආරූඩ වන්නේ බොරුකාර කපුවන් මිස සටන් ශිල්පීන් නොවේ. ඇතැම් අංගම්පොර යයි කියා ගන්නා අය එසේ කරනවා අපද දැක ඇත්තෙමු. ඒ ඉතිහාසයේ සිටි යක්ෂ බන්ධනයකින් සටන් කල ඉතිහාස කරුණු වරදවා වටහාගෙන එය සාවද්‍ය ලෙස සන්දර්ශනය කිරීමට යාමක් පමණි.

Anonymous said...

ආයුබෝවන් ඔබට!

කරුණු පැහැදිලි කරදීමට බොහෝම පින්.

1.මිට මාස කිහිපයකට පෙර කොරතොට අජන්ත මහන්තාරච්චි ගුරුතුමන් විසින් රචනා කරනලද "හෙළයේ සටන් රහස අන්ගම්පොර" නැමති ග්‍රන්ථය පිළිබදව ඔබතුමාගේ අදහස කුමක්ද?(මම එය කියවා ඇත.)
2.ඉලන්ගක්කාරවරුන් රහසිගතව හා ක්ෂණිකව සටන් කරන්නේනම් ඔවුන් තම මුහුණ වසාගෙන සටන් කළ යුතුද?
3.යක්ෂ ගෝත්‍රිකයින් අදටත් වෙසේනම් ඔවුන්ගේ භාෂා,පූජා ක්‍රමවේද ආදිය සුරක්ෂිතව පැවතීමට හේතු මොනවාද?
4.අන්ගම් ශිල්පයේ අදියර සියල්ල සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් ගතවේද?අන්ගම්පොරවල කෙළ පැමිණිය අයෙකු හට ලොව ඕනැම සටනක් ජයගත හැකිද?(සටන් කලාවලින් සිදුකෙරෙන සටන්)
5.ශ්‍රී ලන්කාව මීට වසර ලක්ෂ ගණනකට පෙරද ජනාවාස වී පැවති බව මා එක්තරා පොතක දැක ඇත. එය සැබැ නම් එම් යුගයේදීත් අන්ගම් ශාස්ත්‍රය ලොව තුළ පැවතියේද? අන්ගම් ශාස්ත්‍රයෙහි මූලාරම්භය සිදුවූයේ කෙසේද?(යම් විස්තරයක් දැනගනීමට කැමතියී)
6.ශිල්පියාගේ වයස,ශරීර තත්වය,ස්ත්‍රී පුරුෂ බව ආදී විවිධ කරුණු මත සටන් පුහුණුවීම සිදුකෙරෙන ආකාරය වෙනස්වෙනවාද?
7.මේ පිටුවේ සදහන් අන්ගම්හොරුන් අතර නිවැරදි පුද්ගලයන් සිටීද?

(විස්තර කරදෙන්නා)

හරිදු සේනාරත්න

Anonymous said...

වර්තමානයේ කවුරුහරි නිවැරදි ශිල්පියෙක් තමන්ගේ ශාස්ත්‍රය කරළියට ගෙනාවොත් සටන් ශාස්ත්‍රයේ මලගම එදින නිර්මාණය වෙන බව මගේ අදහසයි.අජන්ත ගුරුන්නන්සේගේ ක්‍රියාකලාපය හොද නිදසුනක් ලෙස සැලකිය හැක.

Anonymous said...

ආයුබෝවන් නැවතත්!

කලින් යොමුකරන ලද ප්‍රශ්නවලට හැකි ඉක්මනින් පිළිතුරු ලබාදෙන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

1.නිරායුධව සිට සතුරාගේ පොලු පහර වළක්වා සතුරා අඩපණ කර බිමහෙලාගන්නා ක්‍රමයක් අන්ගම් ශාස්ත්‍රය තුල පවතියිද?පොලු වර්ග කීයක් මෙම සටන් කලාවට අදාළද?(ආසන්න වශයෙන්)
2.විසුද්ධි හරඹ යනු කුමක්ද?එය නිවැරදි ශාස්ත්‍රයට අදාළ කරුණක්ද?
3.අන්ගම් ශිල්පියෙකුට වෙනත් සටන් කලාවක් හැදෑරීම කැපද?
4.කඩු පලිහ සටන් සදහා යොදාගන්නා කඩු වර්ග මොනවාද?
5.ඇත් අඩි,හත් අඩි,පොල් අඩි,රකුස් අඩි, රකුන්සැරය යනු හෙළ සටන් කලාවෙන් බිදීගොස් පසුව් වෙනත් සටන් කලාවල කොටස් සමග මිශ්‍රවී අන්ගම් ශාස්ත්‍රයට එකතුවූ කොටස්ද?

ඔබට ස්තූතියි !

හරිදු සේනාරත්න

Anonymous said...

මේ රට දැය ආරක්ෂාකිරීමට ඔබතුමන් කරනා දෙය වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.කලින් අසන ලද ප්‍රශ්නවලට කිසියම් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ඔබට බුදු සරණයි!

හරිදු සේනාරත්න ශිෂ්‍යයා

අංගම්පොඩි said...

187 ට පිළිතුරු

1. එම කෘතිය තවමත් අප අතට පත්වී නැහැ. එමනිසා ඒ ගැන යමක් කිව නොහැකියි. පොත්වලින් අංගම්පොර උගැන්විය නොහැකි බවද මතක් කරමි.

2. ඉලංගක්කාර නිල ඇඳුමේ එක් කොටසක් ලෙස මුඛවාඩම රාජසිංහයන් හඳුන්වා දුන්නේ ඉලංගක්කාරයින් යනු රහසිගත පිරිසක් වීම නිසාත් ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාවට විය යුතුය. කෙසේ වෙතත් එය සම්ප්‍රදායක්. අපි සම්ප්‍රදායන් හා ශාස්ත්‍රීය නීති අනවශ්‍ය පරිදි ප්‍රශ්න කරන පිරිසක් නොවෙයි.

3. ඔවුන් එය දිවි හිමියෙන් රැකීමට ලෙයින් දිවුරුම් දෙනවා.

4. කාලය කිව නොහැකියි. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර ඔව්.

5. වසර 40000කට ආසන්න කාලයක ඉතිහාසයක් හමුවෙනවා. නමුත් ඒ ආරම්භය යයි කිව නොහැකියි. ඒ මහසම්මත මනු රජුගේ කාලයයි.

6. නැහැ.

Unknown said...

ආයුබෝවන්!

එම ග්‍රන්ථය කියවා බලන ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.මා දැක ඇති අයුරින්නම් එය සටන් ශාස්ත්‍රයෙහි ඉතිහාසය,විස්තර හා වෙනත් කරුණු හැරුණවිට සටන් ශාස්ත්‍රය සමාජයට ඉගැන්වීමක් එයින් සිදුනොකෙරේ.කෙසේ වෙතත් එය අන්ගම් ශාස්ත්‍රය පිළිබදව කිසියම් අවබෝධයක් ලබාගැනීමට අප වැනි සිසුන් හට වුවද ප්‍රයෝජනවත් වනවා යැයි මම සිතමි.

ස්තූතියි ඔබට !

Unknown said...

අන්ගම්පොඩිතුමනි !

ඔබ වෙහෙසට පත්වී නැතිනම් ඉක්මනින්ම පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

1.මෙම සටන් ශාස්ත්‍රයෙහි සටන් පුහුණුවීම් සිදුකරන ස්ථාන මොනවාද?
2.අත් සෙල්ලම් හා පා පහරවල් කීයක් ඔබගේ දැනුමේ සතුවෙයිද?
3.යක්ෂ ගෝත්‍රික භාෂා ක්‍රමවේදයන් විවෘත සමාජයට නොගෙන ඒමට හේතුව කුමක්ද?
4.වර්තමානයේ සිටින් නිවරදි අන්ගම්පොර ගුරුවරුන් සමග සම්බන්ධකම් පැවත්විය හැක්කේ කෙසේද?අජන්ත ගුරුතුමන් නිවැරදි ගුරුවරයෙක් නොවේද?
5.අන්ගම්පොර සටන්ක්‍රමය අදටත් අප රටෙහි ප්‍රගුණ කළද,එය සටන් ක්‍රමයක් ලෙස භාවිතයට නොගැනෙන්නේ මන්ද?
(ඔබට හැකි ඉක්මනින් පහදාදෙන්න.)

අංගම්පොඩි said...

188 ට පිළිතුර

100% ක් ඒකඟයි. ඒම නිසයි අප තවදුරටත් නිහඬව සිටින්නේ.

189 ට පිළිතුර

1. නිරායුධ හරඹයක් රාශියක් තිබෙනවා. සටන් ශාස්ත්‍රයේදී පොලු වර්ග කියා යමක් නැහැ. මුගුරු වර්ග නම් තිබෙනවා. ප්‍රමාණය කිව නොහැකියි.

2. විශුද්ධි හරඹ යනුවෙන් යමක් අංගම් ශාස්ත්‍රයේ නැත. ඒ සුමේධ නම් අංගම් චෞරයා විසින් යොදාගත් නමකි. නිවැරදි අංගම් ශාස්ත්‍රයට අදාල නොවේ.

3. වෙනත් සටන් කලාවක් අංගම් ශිල්පියෙකුට හැදෑරීම තහනම් කොට නැහැ. නමුත් සාමාන්‍ය යෙන් අවශ්‍ය වන්නේ නැහැ.

4. සෑම කඩුවක්ම කඩු පළිහ සටන් සඳහා යොදා ගනී. කඩුවර්ග 30කට වැඩි ප්‍රමාණයක් පවතී.

5. ඇත් අඩි,හත් අඩි,පොල් අඩි,රකුස් අඩි ආදිය අංගම් ශාස්ත්‍රයේම කොටස් මිශ්‍ර මිශ්‍රවීමක් සිදුවී නැත. නමුත් සුළු සුළු අවස්ථාවල නර්තනයට වැනි අවස්ථාවලට මෙම සටන් ඉරියව් ආභාෂය ලබා ඇති බවට නම් සාක්ෂි ඇත. නයියඩි වණ්ණම නයි අඩි සටන් ඉරියව් දක්වයි.

අංගම්පොඩි said...

192ට පිළිතුරු

1. සටන් පුහුණු කරන ස්ථාන වලට අංගම් මඩු හෝ ඉලංගම් මඩු යන වචන භාවිතා වෙයි.

2. ප්‍රමාණයන් කිව නොහැකියි

3. යක්ෂ ගෝත්‍රිකයන් හා ඔවුන්ගේ ක්‍රමවේද අංගම් ශාස්ත්‍රය මෙන්ම විනාශ වීමේ අවධානම

4. නිවැරදි අංගම් ශිල්පීන් සමඟ සම්බන්ධතා පැවැත්විය නොහැකියි. මෙම පිටුවේ මුල්ම ඡේද කිහිපය කියවන්න. අජන්ත සම්බන්ධයෙන් අදහස ඔබට මෙම බ්ලොග් අඩවියෙන් බලා ගත හැකිය.

5. සටන් ක්‍රමයක් ලෙස භාවිතා වනවා යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක ආකාරයෙන් භාවිතයක්ද යන්න පැහැදිලි නැත.

Anonymous said...

ආයුබෝවන් අන්ගම්පොඩි!

නැවත නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඔබට බාධා කිරීමට සිදුවීම ගැන මම බෙහෙවින්ම කනගාටු වෙමි.එයට හේතුව මෙම සටන් කලාව පිළිබදව සෙවීමට මා තුල ඇති කුතුහලයයි.

1.එතුණු කඩුව,ළිහිණි කඩුව,හෙළ කඩුව ආදී විවද කඩුවර්ග හැසිරීම සදහා අන්ගම් ශාස්ත්‍රයෙහි විවිධ අඩි මාරු ක්‍රමවේද,මැණික් කටුව හැසිරවීමේ ක්‍රමවේද ආදිය පවතින බව මා අසා ඇත.සාමාන්‍යෙන් ආධුනිකයෙකුට මෙවැනි දේවල් ප්‍රගුණ කිරීමට කොපමණ කලක් ගතවේද?
2.කාලම්,පිල්ලි යන පාරිභාෂීත වචනවලින් හැදින්වෙන්නේ අන්ගම් ශාස්ත්‍රයේ කුමන කොටස්ද?
3.නායක්කාර්වන්ශිකයින් මෙම රට පාලනය කළ කලෙහිදී මෙම සටන් ශාස්ත්‍රය ඔවුන්ට ලබාදී තිබේද? එම යුගයේදී මෙම අන්ගම් ශාස්ත්‍රය දකුණු ඉන්දියානු ගුස්තික්‍රම,ගැටක්‍රම ආදිය සමග මිශ්‍රවී තිබේද?(කලරිපයාට්ටු වැනි ද්‍රවිඩ සටන්ක්‍රම )
4.අන්ගම් ශිල්පයෙහි දුනු හරඹ,ගුස්ති ක්‍රම,පිනුම්-කරණම් ආදිය පුහුණුකරවීමට වෙනත් ස්ථාන(අන්ගම්මඩු හැරුණුවිට ) තිබේද?
5.මර ගැට,මරු පොළවල් ආදී යමක් සැබෑ අන්ගම්පොරවල දක්නට ලැබේද?
(ප්‍රමාණවත් පිළිතුරක් ඉක්මනින් ලබාදෙන්න )

ඔබට ජය පතමි!

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

1. ගතවන කාලය තීරණය වන්නේ ආධුනිකයා විසින් සිදුකරන අභ්‍යාස හා භාවනා අභ්‍යාස මතය. නිශ්චිත කාලයක් කිව නොහැකි අතර සෑම කෙනාටම සෑම කඩු හරඹයක්ම පුහුණු කරවන්නේ නැත.

2. කාලම් පිල්ලි ආදිය අංගම් ශාස්ත්‍රය තුළ මායා අංගම් ලෙස හැඳින්වේ

3. නානායක්කාර වංශිකයන්ට අංගම් ශාස්ත්‍රය ලබා දුන්නේ නැත. දකුණු ඉන්දියානු සටන් ක්‍රමවේද හා මිශ්‍රවීමක්ද සිදුවී නැත.

4. සියල්ල පුහුණු කෙරෙනුයේ අංගම් මඩුවක් තුළ වන අතර ඒ ඒ ශිල්ප කොටස්වලට අදාල පිණුම් පිටිය, ගුස්ති පිටිය ආදී කොටස් අංගම් මඩුවේ අන්තර්ගත වේ.

5. ශාස්ත්‍රීය පාරිභාෂිතයන් කිව නොහැක. නමුත් එවන් දේ ඇති බව පමණක් කිව හැකිය.

Anonymous said...

ආයුබෝවන් !

මම මෙහිදී වැදගත් යැයි සිතෙන ප්‍රශ්න කිහිපයක් ඔබට යොමුකිරීමට කැමතියි.

1.අන්ගම් ශාස්ත්‍රයෙහි මූලික කොටසක් වන නිලවෙදකම කුමන කොටස්වලින් සමන්චිත වෙයිද? හෙළ වෙදකම හා ආයුර්වේදය යනු දෙකක්ද? එහි ආරම්භය සිදුවූයේ කෙසේද?
2.වර්තමානයේ සැබෑ අන්ගම් ශිල්පියෙකු ප්‍රසිද්ධියට පැමිණේන්නේ නම් ඔහුට/ඇයට සටන් ශිල්පයෙහි ඇති දිවුරුම් කඩකිරීමට සිදුවෙයිද?
3.සටන් පුහුණුකිරීමට දවස් නියමයක් පවතියිද? නැතහොත් ශිල්පියාගේ ජන්ම ශක්තිය අනුව සටන් පුහුණුකරන දවස් වෙනස්වේද?
4.අන්ගම්පොර ශිල්පයේ ආචාර ක්‍රමය කුමක්ද?
5.සාමන්‍යයෙන් ඌරා ළිදේ සටනක් පවත්වන්නේ කුමන නීතිවලට අනුකූලවද? එවැනි සටනක් අවසන් වන්නේ කෙසේද?
6.අන්ගම් ශිල්පීන් තම මානසික ශක්තිය සටන් සදහා යොදාගත් අවස්ථා ඉතිහාසයේ පවතියිද?
(පිලිතුරක් බලාපොරොත්තු වෙමි )

හරිදු සේනාරත්න

Unknown said...

ශ්‍රී ලංකාවේ සැබෑ අංගම්පොර ගුරැවරුන් කවුරැන්ද ?

අංගම්පොඩි said...

198 ට පිළිතුර

1. අංගම් ශාස්ත්‍රයට සම්බන්ධ නිල වෙදකම අංගම් ශාස්ත්‍රය හා සම්බන්ධ නිල හා මරු නිල හා බද්ධ වී පවතිනවා. හෙළ වෙදකම තුළදී නිල වෙදකම හෙළ වෙදකමේ කොටසක් ලෙස හඳුනාගන්නවා. හෙළ වෙදකම හා ආයුර්වේදය යනු පැහැදිලිවම වෛද්‍ය ක්‍රමවේද දෙකකි. ආයුර්වේදය යනු ඉන්දියානු ක්‍රමයක් වන අතර එය ලංකාවෙන් ගිය ඇතැම් කොටස් වලින්ද යුක්ත බවට පිළිගැනේ. හෙළ වෙදකම ආයුර්වේදයට වඩා ප්‍රභල 100% දේශීය වෛද්‍ය ක්‍රමයකි.

2. අංගම් ශාස්ත්‍රය යනු රහසිගත කලාවක් නොවුවද සුද්දන් විසින් තහනම් කිරීමෙන් පසුව එය රහසිගත විය. එමනිසා මෙම රහසිගත යුගයේදී ප්‍රසිද්ධියේ සටන් ශාස්ත්‍රය පුහුණු නොකිරීම දිවුරුමක් වේ. එමනිසාවෙන් එම දිවුරුම කඩකොට ප්‍රසිද්ධියට පැමිණීමට සිදුවේ.

3. ඒ ඒ සටන් කොටස් ලබාදෙන දින නියමයන් පවතී. එසේම භාවනා අභ්‍යාස කරන දින හා වේලාවන්ද පවතී. ශිෂ්‍යාගේ ජන්ම පත්‍රයට නොව ඔහුගේ ශාස්ත්‍රීය මට්ටමට අනුව මේවා වෙනස් වේ.

4. ආචාර ක්‍රම රාශියක් අංගම් ශාස්ත්‍රයේ පවතියි. ඒවා ආචාර කරන්නාගේ හා ආචාරය ලබන්නාගේ තත්ත්වය මත වෙනස් වේ.

5. නීති රීති කිහිපයක් තිබේ. මරණය තෙක් සටන් කිරීම, නිශ්චිත වේලාවක් තුළදී වැඩිම දක්ෂතාවයන්ට ජයග්‍රහණය කිරීම, සිංහල පැයක් සටන් කිරීම ආදිය තිබේ. අවසන් වීම තරඟය පටන් ගත් ආකාරය අනුව වෙනස් වේ.

6. මගේදැනුමට අනුව ලිඛිත ඉතිහාසයයේ එවැනි දේ නැත. නමුත් පෘතුගීසීන් සමඟ රාජසිංහ රජ්ජුරුවන් යුද්ධ කිරීමේදී පෘතුගීසීන්ගේ කාලතුවක්කුවල උණ්ඩ හිරවීමට මැතිරූ පව ඇතැම් මූලාශ්‍රවල කියවේ.

«Oldest ‹Older   1 – 200 of 283   Newer› Newest»