සැබෑ අංගම්පොර


සැබෑ අංගම්පොර සටන් සම්ප්‍රදායන් හා ශිල්පීන් හඳුනාගන්නේ කෙසේද?

මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ඔවුන්ට ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.

එමනිසාවෙන්ම අප මෙම බ්ලොගය තුළින් සැබෑ පුද්ගලයින් පෙන්වීම හෝ ඔවුන්ම වාණිජකරණය කිරීම සිදු නොකරන්නේ යයි දිවුරා ප්‍රකාශ කරමු. මෙය ඇතැමෙක් තර්ක කළ හැක්කේ එසේ ඔවුන්ව සඟවා තැබීමෙන් මෙම ශාස්ත්‍රය තවදුරටත් හානියට පත් වනවා යයි කියා ය. නමුත් අංගම්පොර සටන් ශිල්පය යනු පාරම්පරික සිංහල බෙෘද්ධයන්ගේ රහස්‍ය භාවගත ශාස්ත්‍රයක් වන බැවින් එහි රහස්‍ය භාවය තුළ එයට ලැබෙන ආරක්ෂාව එය ප්‍රසිද්ධ කිරීමෙන් නොලැබෙන නිසාවෙනි. තවත් අතකින් ඔවුන්ගේ ඉතිහාසය හා සාම්ප්‍රධායික බැඳීම් අප මෙහිලා හෙලි කළහොත් මෙම හොරුන් හෙට දවසේ එම කරුණු පිටපත් කොට තමන්ගේ ඉතිහාසයක් නිර්මාණය කර ගන්නවාට කිසිඳු සැකයක් නැත.

නමුදු සැබෑ ශිල්පීන් හඳුනා ගැනීමේදී ඔවුන්ගේ නීතිරීති හා සම්ප්‍රධායන් පහත පරිදි සඳහන් ‍කරමු.

සැ.යු.
මෙම කරුණු අංගම්හොරුන්හට පිටපත් කර හෙට දවසේ තම වාසියට හරවා භාවිතා කිරීම උදෙසා නොවේ.

  • සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වර, නම්බුනාම, හා ඉතිහාස කෘතිවලින් (මහාවංශය, රාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි පැවතීම
  • සිංහල බෙෘද්ධයින්ට පමණක් මෙම ශාස්ත්‍රය වේලාපත්කඩය අනුව ඉගැන්වීම
  • පැරණි රදල කුලයකින් අද වෙන තුරු පවතින පරම්පරාවක් වීම (පහත් කුලවල පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)
  • වෙනත් කිසිඳු සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ නොකිරීම හා මෙම ශාස්ත්‍රය දිවිහිමියෙන් ආගමානුකූලව හා ශාස්ත්‍රානුකූලව, නකත් ශාස්ත්‍රයට අනුව පමණක් තම ශිෂ්‍යයින්ට ඉගැන්වීම. (තම පරම්පරාවෙන් පිට ශාස්ත්‍රය දීම හෝ නොදීම අදාල නොවේ)
  • ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානය, පැරණි පොත පත අධ්‍යනය කර තිබීම, සිංහල භාෂා ඥානය, පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අවබෝධය ආදි ලක්ෂණ සතු වීම
  • පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු වීම හා ඒවා ආරක්ෂා කිරීම
  • අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් වැලකී සිටීම
  • රට, ජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් පැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීම
  • හෙළ (යක්ෂ, දේව, නාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන  නමුත් මනා පෙෘර්ෂය, සෘජුව කතා කිරීම, මනා හික්මීමක් තිබීම, හරක්මස් අනුභව නොකිරීම (බොහෝවිට නිර්මාංශික වීම), පන්සිල් ආරක්ෂා කිරීම, තේජාන්විත ලීලාව වැනි ලක්ෂණ තිබීම.
    සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ
  • මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස නොසැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස ගරු ගාම්භීරව පවත්වාගෙන ඒම
  • පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම
  • මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම
  • සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ඇඳුම් ආයිත්තම්, සංගීත භාණ්ඩ, ආයුධ ආදිය භාවිතා නොකිරීම
    සැ.යු. සාම්ප්‍රදායික ඇදුම් පැලඳුම් ආදිය පිලිබඳව අප හට කිව හැකි කරුණු අල්ප ය. එයට හේතුව ‍එම නම් පවා හෙට දවසේ පිටපත් කිරීමට සූදානම් අංගම්හොරුන් බිහිවී සිටින නිසාවෙනි.