අංගංපොර යනු ඉපැරණි හෙළ රණ කෙලිය වන අතර නූතනයේ අංගම්පොර යයි කියා ගන්නා සැබෑ අංගම්පොර ඉතිහාසයට උරැමකම් නොකියන 'අංගංහොරු' බිහිවී ඇත. මෙයින් ඇතමුන් දකුණු ඉන්දියාවෙන් පැමිණි චීනඩි, කලරි වැනි ද්‍රවිඩ සටන් ක්‍රම හදාරණ ලද්දන් වන අතර ඇතමෙක් කුන් ෂූ වැනි චීන හෝ ජපන් සටන් ක්‍රම අධ්‍යයනය කරන ලද්දෝ වෙති. මොවුන් මෙසේ මෙම උත්තරීතර ශිල්පීය සම්ප්රදාය කෙලසනු ලබන්නේ හුදෙක් ඔවුන්ගේ බඩ වියත රැක ගැනීම උදෙසාම වේ. මොවුන්ගේ සැබෑ ස්වරෑපය ලොවට හෙලි කිරීම මෙම බ්ලොගයේ අරමුණයි.