සාම්ප්‍රදායික සටන් ශාස්ත්‍රයේ මලගම

Angampora




සිහගිරි සිරස ඉරහඳ පිබිදෙන            තුරුම
ලංකා පුර නුවර යලි පෑදෙන             තුරුම
අන්තිම සිහල ලේ බිඳ වෑහෙන          තුරැම
හෙළ රණ කෙළිය සුරකිමි දිවි ඇති    තුරැම


අංගම් චෞරයින් පර දේසක්කාරයින්ට  
අංගම් ශාස්ත්‍රය පාවා දෙයි
වැඩි විස්තර
ඕනෑම ශාස්ත්‍රයක්විනාශ වීම ක්‍රම දෙකකට සිදු විය හැකි ය. ඉන් පළමු වැන්න බාහිරින් එල්ල වනවිවිධ ආක්‍රමණයි. එහිදී එම ශාස්ත්‍රය දන්නා අය හා එර් සම්බන්ධ පත පොත ආදිය විනාශ කිරීම සිදු වෙයි. එයින් එම ශාස්ත්‍රය භෞතික ආකාරයෙන් විනාශයට පත්‍ වෙයි. දෙවැන්න ආධ්‍යාත්මික විනාශය හෙවත් සංස්කෘතික ආක්‍රමණය යනුවෙන් හඳුන්වන ආක්‍රමණය ආක්‍රමණයක් වශයෙන් හඳුනා ගැනීම අතිශයින අසීරැ ය. එය වඩාත්නිවැරදි ලෙසට හඳුන්වා දෙන්නේ නම් ගසක වැඩෙන පිළිලයක් බඳු ය. ගසක වැඩෙන පිළිලය එම ගස විනාශ කරමින් එම ගසෙහි සාරය උරා බොමින් සෙමින් සෙමින් වැඩෙයි. අවසානයේ දී එම ගස ද පිළිලයද විනාශ මවමින් එම කාර්යය අවසන් කරනු ලබයි. මතු පිටින් මෙම ක්‍රමය හඳුනා ගැනීම අතිශයින් දුෂ්කර වන අතර ඒ බව වටහා ගත හැකිවන්නේ අවසාන අවස්ථාවේ දීය. ඒ වන විට හානිය සිදු වී අවසන් ය. එඩාත් දරැණු හා සාර්ථක ක්‍රමය වන්නේ මෙම ක්‍රමයයි.

Angampora

මෙවන් පදනමක් යටතේ සාම්ප්‍රධායික සටන් ශාස්ත්‍රය හෙවත් වඩාත් නිවැරදි ලෙසට නම් අංගම් හරඹ (මෙය සටන් ශිල්පීන් අතර භාවිතා වන සටන් ශාස්තය හැඳින්වෙන නාමයයි)ග එසේත් නැතිනම් අංගම් පොර සටන් ශාස්ත්‍රයේ අද පවතින තත්ත්වය අතිශයින් ශෝකජනක ය. මෙම සටන් ශාස්ත්‍රය විනාශ කිරීමේ පළමු ක්‍රමය එසේත් නැත්නම් සටන් ශිල්පීන් දඒහාසම්බන්ධ දැනුමද විනාශ කර සටන් ශාස්ත්‍රය විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් විසින් අංගම් මඩු ගිනි තබමින් අංගම් ශිල්පීන් මරාදමමින් සදු කරන ලද එම හානිය හමුවේ කිසි දිනක පසු නොබසින ලපද ශිල්පීන් විසින් එම ශාස්ත්‍රය තම ජීවිත පරිත්‍යාගයෙන් කෙසේහෝ ආරක්ෂා කරගෙන  මෙ ‍වන තෙක් සුරැකිව පවත්වාගෙන එනලදී. එසේ කිරීමෙන් දවිනාශ කළ නොහැකි වූ එම ශාස්ත්‍රය දැන් දෙවැනි ක්‍රමය යටතේ එනම් ශාස්ත්‍රයේ පවතින සංකල්පයන් හා එහි උත්තරීතර භාවයන් කෙළෙසමින් එය විනාශ කිරීම මගින් සිදු වෙමින් පවති.

අද සිදුවන්නේ එම දෙවැනි පියවර යි. අංගම් ශාස්ත්‍රයට කිසුදු සම්බන්ධකමක් නොමැති වෙනත් සටන් ක්‍රමයන් අංගම් යනුවෙන් හැඳින්වීම සහ ඉතිහාස කරැණු විකෘති කරමින් ජනමාධ්‍ය ආදිය ද විවිධ ප්‍රචාරක උපක්‍රම ද භාවිතා කරමින් මුදල් ලබා ගැනීමේ අරමුණින් සිදු කරනලදමෙම ක්‍රමයෙන් අංගම් ශාස්ත්‍රය අධ්‍යාත්මික වශයෙන් පහසුවෙන් විනාශ කළ හැකි ය. අංගම් ශාස්ත්‍රය අධ්‍යාත්මකි වශයෙන් පසුවෙන්  විනාශ කළ හැකි ය. අංගම් ශාස්ත්‍රය පුරා පැතිරී ගොස් ඇති මෙම පිළිලය මේ වන විට ශාස්ත්‍රයේ අධ්‍යාත්මය විනාශ කරමින් සිටී. නිවැරදි සහ සැබෑ දේ කුමක් ද යන්න නොදන්නා පිරිස් මෙම අසත්‍ය ප්‍රකාශ වලට ගොදුරැ වී තම ජාතියටම අපහාස කර ගනිති.

සංස්කෘතික අමාත්‍යාංශය මුස්ලිම්වරුන්ට 
අංගම් ශාස්ත්‍රය පාවා දෙයි
වැඩි විස්තර
අපගේ මුතුන් මිත්තන් විසින් ජීවිත පූජා කර ආරක්ෂා කරගන්නා ලද අංගම් ශාස්ත්‍රය එයට කිසිම සම්බන්ධකමක් නොමැති අය විසින් විකෘති කරන අවස්ථාවන දී එය නිවැරදි කිරීමේ යුත්‍රකමක් අප සතුව ඇතැයි විශ්වාස කරමු. අංගම් ශාස්ත්‍රයේ උත්තරීතරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අප හට ඒ පිළිබඳව දැනුවත් කිරීම යුතුකමක් කොට සලකා මෙම බ්ලොගයේ අනෙකුත් පිටුවල සඳහන් ලෙසට කරුණු ගෙනහැර දක්වමු.

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී ඉංග්‍රීසීන්ගේ දැඩි ‍මර්දනකාරී ප්‍රතිපත්තයෙන් පසුව 19 හා 20 ශත වර්ෂ වලදී චීනඩි නමින් ද ඉන්දීය කලාරි සටන් ශිල්පය හා සම්බන්ධව මලයාලම් නමින් ද සටන් ශාස්ත්‍ර කීපයක් හඳුනා ගත හැකි ය. විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර වෙරළ තිර ආශ්‍රයේ මෙම සටන් ශිල්පයන් පැතිරී තිබිණි. මෙම සටන් ක්‍රම වලට අංගම් ශාස්ත්‍රයේ යම් යම් කොටස් මතු පිටින් ග්‍රහණය කරගෙන එකතු කිරී‍මක් ද සිදු කර තිබුණි. මේ ආකාරයෙන් ප්‍රකට වූ මෙම සටන් ක්‍රමයන් අතර චීනඩි ශාස්ත්‍රය යම් තාක් දුරකට ප්‍රචලිතව පැවතිණි. චීනඩි පංති පවා පැවති බව පෙනේ. සමහර චීනඩිකාරයන් යනුවෙන් හැඳින්වූ මැරයන් ද සිටි බව පෙනේ. කෙසේ වෙතත් මෙම කාලයේ අංගම් ශාස්ත්‍රය පැවතියේ අතිශ‍යින් රහසිගතව බව සඳහන් කළ යුතු ය.