පාඨක අදහස්

මෙම කොටසින් ඔබට ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කළ හැකි ය. ඔබ මෙහිදී ඉදිරිපත් කරනු ලබන අදහස හෝ විවේචනය මෙම බ්ලොගයේ කුමන කොටසක් හෝ මෙහි සඳහන් කුමන පුද්ගලයෙකු සම්බන්ධව සිදු කරන්නේ දැයි පැහැදිලිය සඳහන් කරන ලෙස කාරුණික ඉල්ලා සිටින අතර පදනම් විරහිත තර්ක හා චෝදනා ප්‍රසිද්ධ නොකරන බව දැනුම් දෙන්නෙමු. ඔබගේ අදහස් ප්‍රසිද්ධ කිරීමට අපහට යම් කාලයක් අවශ්‍ය වන බැවින් ඒ පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

සැ.යු. මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ඔවුන්ට ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.

සැ.යු.
ඔබ ඉදිරිපත් කරනු ලබන අදහස් හැකි තරම් ප්‍රබුද්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන්න.

283 comments:

«Oldest   ‹Older   201 – 283 of 283   Newer›   Newest»
Anonymous said...

ඔබතුමන්ට ආයුබෝවේවා !!!

මුලින්ම මාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම වෙනුවෙන් ස්තූතිය පළකර සිටිනවා.

1.සැබෑ අන්ගම් ශිල්පයෙහි මායා අන්ගම් පුහුණුවීම සදහා කිසියම් විශේෂිත නිල ඇදුමක් තිබේද?
2.අන්ගම්පොර වැනිම වෙනත් එවැනි දේශීය සටන් කලාවක් ශ්‍රි ලන්කාවෙහි පැවත ඇත්තේද?
3.රණව්බෙර වාදනය සදහා යොදාගන්නා බෙරවර්ග මොනවාද?එහිදී කිසියම් විශේෂ බෙරපද වර්ගයක් තිබේද?
4.ඌරා ළිදෙහි නිරායුද හරඹ මෙන්ම ආයුධ සන්නද්ධ සටනුත් පැවැත්වේද?එමෙන්ම ඉලන්ගක්කාරකම් පුහුණුවීම/එම ශිල්පීන්ගේ දක්ෂතා උරගාබැලීම සදහාද ඌරා වළ යොදාගනීද?
5.පසුගිය 2012 වසරෙහි පැවැති දැයට කිරුළ සම්මේලනය සදහා ඉදිරිපත්වූ අන්ගම් ශිල්පීන් ගැන ඔබට යමක් කිවහැකිද?
6.අජන්ත ගුරුතුමන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන රන් කඩු පූජෝත්සවය ගැන ඔබතුමන්ගේ මතය කුමක්ද?
7.ඔබතුමන්ගේ පෙළපත ගැන යමක් කීමට හැකිනම් ඔබට බොහෝ පින්.(ඔබ කැමතිනම් පමණක් මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.)
8.සැබෑ අන්ගම් ශිල්පීන් සහභාගී වන අන්ගම්පොර සන්දර්ශන වර්තමානයේ පැවැත්වේද?
(ඔබට හැකි ඉක්මනින්ම පිළිතුරු ලබාදෙන්න.)

තෙරුවන් සරණයි!

හරිදු සේනාරත්න

Unknown said...

ආයුබෝවන් !

ඔබගේ පරම්පරාවෙහි තොරතුරු ඇසූ ප්‍රශ්නයට ඔබ කැමතිනම් පමණක් මගේ පිලිතුරු දෙන්න.මෙම බ්ලොග්කරණයට පරම්පරාවන් කිහිපයක් දායකත්වය දක්වයිද? ඔවුන් වාසය කරන්නේ කුමන පෙදෙස්වලද?

ඔබට කැමතිනම් පමණක් එම ප්‍රශ්නවලට පිලිතුරු මාගේ ඊමේලයට එවන්න.

Anonymous said...

ආයුබෝවන් ඔබතුමන්ට!

ඔබගේ කාර්යබහුල ජීවිතයෙන් මෙම ප්‍රශ්න සදහාද පිලිතුරු සැපයීමට සුළු කාලයක් වෙන්කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

1.අන්ගම් ශිල්පය හදාරන්නන් සදහා දිවුරුම් ලබාදීමෙන් අපේක්ෂා කෙරෙන්නේ කුමක්ද?
2.අතීතයේදී අන්ගම් ශිල්පීන් බහුලව වාසය කළේ ශ්‍රි ලන්කාවේ කුමන පෙදෙස්වලද?
3.දේශීය යෝගක්‍රමයෙහි යෝගාසන,භාවනා අභ්‍යාස මෙන්ම ප්‍රාණයාම හා ශ්වසන අභ්‍යාස වැනිදෑ අඩන්ගු වෙනවාද?එවැනි දේවල් අන්ගම් ශිල්පය හා බද්ධ වූයේ කෙසේද?
4.සුළු වශයෙන් විනිවිද පෙනෙන ලේන්සුවකින් ඇස් බැද කරනු ලබන සටන් අන්ගම් ශිල්පයෙහි තිබෙනවාද? තමාගේ අත රැදි ලේන්සුවක් භාවිතයෙන් ආයුධ සන්නද්ධ ප්‍රතිවාදියෙකු විසින් එල්ල කරන පහරවල් ක්‍රමානුකූලව වළක්වා සතුරා බිමහෙළාගැනීමට ක්‍රමවේද අන්ගම් ශාස්ත්‍රයේ තිබේද?
5.යක්ෂ ගෝත්‍රිකයන් බොද්ධයන් වීමට පෙර(කාශ්‍යප බුදුන්ගේ යුගයට පෙර )අන්ගම් ශිල්පය පිටරටවල්වලට හෝ අන්න්‍යාගමිකයන් වෙතට ලබාදී තිබේද?
(පිළිතුරක් ලබාදෙන්න )

ස්තූතියි ඔබට !

හරිදු සේනාරත්න

Unknown said...

කාලේ හැටියට මෙම ශාස්ත්‍රය ප්‍රසිද්ධියට ගෙනාවොත් හොදා.නැතහොත් මෙම ශාස්ත්‍රයේ පරිහානිය සිදුකරන බව ඔබට මතක් කරන්න කැමතියි.ඉලන්ගක්කාරම් වැනි රහසිගත නිච සටන් ක්‍රමයක් වර්තමානයට නම් ගැළපෙන්නේ නැතිබවයි මගේ අදහස.එම නිසා ඔබලා ප්‍රසිද්ධියට පැමිණ සටන් පුහුණුකළොත් හොදා මෙය වියැකී යන්නට කලින්,මන්දයත් එසේ වුවහොත් ඔබලා අතින්ම මෙය විනාශවන නිසා ඔබලාටමයි එහි ඵලවිපාක වැඩිපුර විදින්නට සිදුවන්නේ.කරුණාකර මාගේ අදහස් පිළිබදව බුද්ධිමත්ව විමසාබලා ඔබද යම් අදහසක් පළ කරොත් හොදයි.මේ කාලේත් ඉතින් වචීපරමයන් සිටින කලියුගයනේ.ඒ නිසා මොනව වුණත් මේ අති උතුම් ශිල්පය රැකගැනීමේ අයිතිය පැවරිලා තිබෙන්නේ ඔබලාටමයි.

Anonymous said...

මහත්මයා , මට පහත ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න පුලුවන්ද ?
1)ගුරුලඩිය යනු අංගම්පොර සටන් කලාවට කියන වෙනත් නමක්ද ? නෙතිනම් අංගම්පොර සටන් කොටසක්ද?
2)අංගම්පොර උඩරට ට පමණක් ආවේනික සටන් කලාවක්ද ? මෙය පහතරට හා උඩරට වශයේන් කොටස් 2 ක් තිබේ ද ?

Anonymous said...

ඔබට ආයුබෝවන්!

මට අන්ගම්පොර ඉතිහාසය හා සම්බන්ධ රජවරු කිහිපදෙනෙකු ගැන හා වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඇත.

1.අන්ගම් ශිල්පයෙහි පුරෝගාමීන්වූ මහා සම්මත මනු රජු සහ රාවණා රජු සිටියබවට ඔප්පු කළ හැකි පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යාත්මක සාක්ෂි කවරේද?(ඒ බව ඔප්පු කළ හැකි ස්ථාන,සෙල්ලිපි,පුරාවුර්ත තිබේද?)
2.ලන්කාවතාර සූත්‍රය දේශනා කරන ලද්දේ කුමන බුදුවරයෙකු විසින්ද?එය මහායාන බුදුදහමට අයත් සූත්‍ර දේශනාවක් නොවේද?
3.භාවනාව හරහා ශ්‍රි ලන්කාවේ සැබෑ ස්වදේශික ඉතිහාසය සොයාගත හැකිද?
4.ඌරා වළේ සටන් ඉතිහාසය පිළිබදව යමක් දැනගැනීමට කැමතියි.
5.රාවණ රජ පරපුර සැබෑවක් බව සනාථ කිරීමට එම පරපුරෙන් පැවත එන අන්ගම් සටන්කරුවන් අදටත් වෙසේද?
6.බුදුරදුන් ලක්දිවට වැඩි සමයේ සිටි අන්ගක්කරුවන්(යක්ෂ ගෝත්‍රිකයින් ) බුදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වූ අයද?
7.ආටානාටිය සූත්‍රය බුදුරදුන් විසින් දේශනා කරන ලද්දේ හෙළ අන්ගක්කරුවන්ටද?(වෙසමුණි ආදී යකුන්)

(පිලිතුරක් බලාපොරොත්තු වන්නෙමි.

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

201 ට පිළිතුර

1. නැත. නමුත් යම් යම් ගැඹුරු භාවනා ආදියේදී පේවීම් හා ආරක්ෂාවට යම් යම් දේ මතුරා ළඟ තබා ගැනීම ආදිය සිදුවේ

2. අතීතයේ තිබූ රාක්ෂස අංගම් වැනි කොටස් කිහිපයක එකතුවට එනම් සිංහලයන්ගේ යුධ කලාවට අංගම්පොර ව්‍යවහාර වේ. මෑති කාලයේ චීනඩි දේශීය සටන් කලාවක් ලෙස හඳුනාගැනේ. නමුත් එය යුධ කලාවක් නොවේ.

3. දේශීය බෙර වර්ග කිහිපයක් භාවිතා වේ. විශේෂිත බෙරපද වේ.

4. අංගම් හා ඉලංගම් යන දෙකම ඌරා ළිඳේ පැවැත්වේ. සටන් හැකියාව උරගා බැලීමටද ඌරා ළිඳ භාවිතා වේ.

5. අප දන්නා පරිදි දැයට කිරුළට ආවේ සිව්හෙළ අංගම් සම්මේලයයයි. ඔවුන් ගැන හා ඔවුන්ගේ දැයට කිරුළ ගැන අපේ අදහස සිව්හෙලය නොදන්නා සිව්හෙළු අංගම් සම්මේලනයේ ප්‍රදර්ශන කුටිය යන ලිපිය හා එම බ්ලොගයේ ඇති අනෙක් පිටුවලින් විස්තර කොට ඇත.

6. වැඩියමක් කිව නොහැකිය. නමුත් රාසිං දෙවියන් විසින් රන් කඩු පූජාකිරිමක් ගැන රාජාවලියේ සඳහන් වේ.

7. අප එක පරම්පරාවක් නොව පරම්පරා කිහිපයක පිරිසකි. වැඩි යමක් කිව නොහැකිය.

8. නැත

202 ට පිළිතුර
ඉහත පිළිතුරට වඩා යමක් ලබා දිය නොහැකියි.

අංගම්පොඩි said...

203 ට පිළිතුර

1. ශාස්ත්‍රයේ රහසිගතභාවිය හා ගෞරව ආරක්ෂා කර ගැනීම හා වැරදි ලෙස ශාස්ත්‍රය භාවිතය වැලැක්වීම

2. සෑම ප්‍රදේශයකම අංගම් ශිල්පීන් වාසය කලේය. කාලයෙන් කාලයට එහි අඩු වැඩි භාවිය රාජ්‍යත්වය මත වෙනස් වී ඇත.

3. අංගම් ශිල්පියාගේ ශරීරය මැඬිම නොහොත් සටන් ශිල්පියෙකුට ගැලපෙන පරිදි සකස් කිරීම යෝගාත්‍රවලින් බලාපොරොත්ත වේ.

4. ඇස් බැඳගෙන සටන් කිරීම රාත්‍රියේ සටන් කිරීමට පුහුණු කරවීමේ ක්‍රමවේදයකි. නමුත් එය දුහුල් රෙද්දක් නොවේ. තම අඹුඬය හෝ වඩා ඝණකම රෙද්දකින් පොටවල් කිහිපයක් දමා ගෙනය. තම ලේන්සුවෙන් සටන් කිරීමේ ක්‍රමයක් අංගම් ශාස්ත්‍රය රහසිගත වූ යුගයේ දියුණු කර ඇත.

5. බෞද්ධ වීමට පෙර කෙසේවත් එවැන්නක් සිදුවූයේ නැත. මන්ද ඔවුන් යක්ෂ ගෝත්‍රයට දැඩිව ඇලුම් කළ තම රහස් පිට නොයැවූ පිරිසකි.

අංගම්පොඩි said...

204 ට පිළිතුර

කාලේ හැටියට කළ යුතු දේ තීරණය කරන්නේ අංගම් ශිල්පීන් මිස එම ශාස්ත්‍රය පිටින් දැක අදහස් දක්වන අය නොවේ. ඉලංගක්කාර සටන් ක්‍රම නීච සටන් ක්‍රමයක් ලෙස හැඳින්විය නොහැකිය. එය අද දිගදුර මෙහෙයුම් බලකාය මෙන් විශේෂ රාජකාරි (උදා- විදේශීය රජෙකු රහසිගතව මා දැමීම) සඳහා යොදා ගත් ක්‍රමයකි. එසේම ඔවුන් ක්ෂණිකව මරණය ගෙනදීමට සමත් විශේෂ හා මාරාන්තික නමුත් සංයමයකින් යුතුව තම රට ජාතිය වෙනුවෙන් රාජකාරි කළ දේශමාමකයන්ය. අංගම් ශාස්ත්‍රය විනාශ වීම නැවැත්වීමට අප කළ යුතු දේ අප කරනවා. එය තීරණය කිරීමට ඔබ වැන්නෙකු කවුද? අප එය අපේ ක්‍රමයට කරනවා. බය වෙන්න එපා අන්තිම සිංහලයා දක්වා මේ ශාස්ත්‍රය පවතිනවා.

අංගම්පොඩි said...

205 ට පිළිතුරු

1. ගුරුලාඬිය යනු අංගම් ශාස්ත්‍රයේ කුඩා කොටසකි. සරළව කිවහොත් සටන් ඉරියව්වකි. ඇත්තඩි මෙවැන්නකි. අයෙක් තමා ගුරුලාඩිය දන්නා බව අන්තර්ජාලයේ ප්‍රකාශ කර තිබුණා අප දැක තිබේ. ඔහු නම් ග්‍රේෂන් ප්‍රනාන්දු නම් චීනඩි ශිල්පියාගේ ගෝලයෙකි.

2. අංගම්පොර යනු එකකි. එය උඩරටට හෝ පහතරටට අයත් දෙයක් නොවේ. සිංහලයන්ට අයත් දෙයකි. උඩරට පහතරට බෙදුනේ පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසුව පහතරට විදේශික ග්‍රහණයට යන වීම නිසාය. ඊට පෙර තිබුනේ රුහුණු රට, මායා රට හා පිහිටි රට යනුවේ. ඇතැම් අංගම්පොර නමින් ප්‍රසිද්ධ වීමට උත්සාහ දරන චීනඩි ශිල්පීන් අද පහරට අංගම් යනුවෙන් අමුතුම එකක් සාදා ගැනීමට උත්සාහ ගන්නා තමන්ගේ චීනඩි ඉතිහාසර වසා ගැනීමටය.

Anonymous said...

වැදගත් ප්‍රශ්න කිහිපයක් නිසා ඉක්මනින් පිළිතුරු දෙන්න.ඔබගෙන් ප්‍රශ්න කිරීම ගැන සමාවෙන්න.

1.සටන් කලාවක් ලෙස ලෝකයේ ඇති අනෙකුත් සටන් ක්‍රමයන් සමග ගත්කල අන්ගම් ශිල්පයේ ඇති සුවිශේෂත්වය කුමක්ද?
2.පටිස්ථාන හරඹය යනු කුමක්ද? එය ආයුධ හරඹ ක්‍රමයක්ද?
3.කුරුවිට රාළ,එදිරිල්ලේ රාල,කුරුප්පුආරච්චි,කිවුලේගෙදර මොහොට්ටාල වැනි අය දක්ෂ අන්ගම් ශිල්පීන්ද?
4.මීට සති කිහිපයකට පෙර තිබූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් සවිධානය කොටට තිබූ අන්ගම්පොර සන්දර්ශන ගැන ඔබගේ මතය කුමක්ද?(ජනකලා කෙන්ද්‍රයේ)

ඔබතුමන්ට නිවන් සුව පතමි!

අංගම්පොඩි said...

206 ට පිළිතුරු

1. මහා සම්මත මනු රජු ගැන පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ නැහැ. නමුත් රාවණා රජු, කතරගම මහසෙන් රජු වැනි නායකයින් ගැන පුරාවිද්‍යාත්මක සාධක හමුවෙනවා. මේ සියලුදෙනා සම්බන්ධව වර්ගපූර්ණිකා (මානෑවේ හිමියන් සතුව පවතින)පුස්කොළ පොත වැනි තවත් බොහෝමයක් සාහිත්‍යාත්මක සාධක හමුවෙනවා.

2. මාගේ මතකය නිවැරදි නම් ලංකාවතාර සූත්‍රය දේශනා කළේ කාශ්‍යප බුදුන් සමයේය. එය මහායානයට සම්බන්ධ කෘතියක් වුවද ලංකා ඉතිහාසය ගැන කියැවෙන්නක් බවට සැලකේ.

3. ඉතිහාසය සෙවීමට භාවනාව භාවිතා කළ හැකිය.

4. ඌරා ළිඳේ ඉතිහාසය ගැන සාධක හමුවෙනවා. ග්‍රාම නාම, සාහිත්‍යාත්මක සාධක හා ජනවහර ඒවායින් ප්‍රධාන වෙනවා.

5. රාවණා රජ පරපුර මේ බොහෝ කාලයකට අවසන් වූ බවට විශ්වාස කෙරෙනවා.

6. බොහෝ අය බුදු රදුන්ගේ බණ අසා සෝවාන් ඵලයට මෙන්ම නිවනටද ගියා.

7. ඒ පිළිබඳව මගේ දැනුම ප්‍රමාණවත් මදි නිසා පිළිතුරු දිය නොහැකියි.

අංගම්පොඩි said...

211 ට පිළිතුරු

1. අංගම් ශාස්ත්‍රය යුධ කලාවක් වීම ප්‍රධාන සුවිශේෂීත්වයක්. කරාතේ වැනි අද ප්‍රසිද්ධ සටන් කලා යුධ කලාවන් නොවේ. අංගම් ශාස්ත්‍රය යනු යුධ කලාවකටත් වඩා යුධ සම්ප්‍රදායකි. මිනිසෙකුට ජීවිත කාලයෙන් භාගයකටත් වඩා වැයකොටවත් නිම කළ නොහැකි තරම් ගැඹුරක් පවතී. මෙය වෙනත් කිසිදු ජාතියකින් උරුම වූ දෙයක් නොව ලංකාවේම උපන් දෙයකි. එසේම ලොව දීර්ඝතම ඉතිහාසයක් වසර 38000කට ආසන්නව හමුවේ. ඉරියව්, සටන් උපක්‍රම ආදිය අනන්‍යය. මෙයට අමතරව සිංහල සංස්කෘතිය හා බද්ධව පැවතීම වැනි සුවිශේෂීතා බොහෝමයක් පවතී.

2. පටිස්ථානය යනු හෙල්ල විශේෂයකි. ඉහළ කුළවල කුමාර කුමාරිකාවන්ගේ ආයුධයක් ලෙස සැලකේ. එයින් කරන හරඹ පටිස්ථාන හරඹ ලෙස දැක්විය හැකිය.

3. කුරුවිට රාළ සම්බන්ධව ගැටලුවක් ඇත. මන්ද ඇතැම් සාධකවලට අනුව කුරුවිට රාළ යනු පෘතුගීසී අයෙකු බවට මතයක් ඇත. අනෙක් අයට පිළිතුර ඔව්.

4. අපට එය නැරඹීමට ලැබුණේ නැහැ. එමනිසා වැඩි යමක් කිව නොහැකියි. නමුත් ජනකලා කේන්ද්‍රයේදී නම් සිව්හෙළ අංගම් යනුවෙන් පෙනීසිටින චීනඩි කරුවන් සමූහර විය යුතුය.

Anonymous said...

මෙය හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පැවැත්විය හැකි ශාස්ත්‍රයක් නොවේ.

Anonymous said...

ඔබට සුබ දවසක් !

මාගේ කලින් පැනවලට පිළිතුරු ලබාදීමට බොහෝම ස්තූතියි.

1.ඉන්දියානු සටන් ක්‍රම සිය ගණනක් ඇත.එම ඉන්දියානු සටන් ක්‍රම සහ ශ්‍රි ලන්කාවේ සටන් කලාව අතර ඇති වෙනස කුමක්ද?එය සුළු වශයෙන් හෝ සමානකම් දක්වයිද?
2.අන්ගම් සටන් ශිල්පයේ දුනු හරඹ තිබේද? සාමන්‍යයෙන් දුනු වර්ග කොපමණ සන්ඛ්‍යාවක් මෙම ශිල්පයට අදාළව ඉගැන්වේද?
3.රහසිගත යුගයේ සටන් පුහුණුකළේ කෙසේද?(අන්ගම් මඩු,ඉලන්ගම් මඩු,ගල් ලෙන් )
4.යක්ෂ ගෝත්‍රිකයින් යනු මස්මාශ ආදිය අනුභව කර විවිධ යාගහෝම,බිලි පූජා ආදිය පැවැත්වූ අය බව මා එක ඉතිහාස පොතක දැක ඇත.එසේනම් ඔවුන් නිර්මාශ වූයේ කෙසේද?
5.සින්හල භාෂාවේ ආරම්භය ඔබ දන්නා තරමින් සිදුවූයේ කෙසේද?එය හෙල යකුන්ගේ නිපැයුමක්ද?
6.ඌරා ළිදේ ද්වන්ද සටන් මෙන්ම සටන්කරුවන් හතරපස්දෙනෙක් සහභාගී වන සටන් සිදුකෙරේද?
7.වැදි ජනයන් අතර අන්ගම් ශිල්පය පැවත එන බව මා අසා ඇත.සැබැවින්ම එහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?
8.අන්ගම් ශිල්පයෙහි අවි-ආයුධ හරඹ හැදෑරීමට නම් වයස අවුරුදු 16 ක් සම්පූර්ණ වියයුතු බවට මතයක් මා එක්තරා වෙබ් අඩවියක දැක ඇත.එය නිවැරදිද?

හැකි පමණින් පිළිතුරු දෙන්න.

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

1. ඉන්දියානු සටන් ක්‍රමයන් ලංකාවේ හෙළ සටන් ශාස්ත්‍රය සමඟ සමානකමක් නැත. නමුත් කලරි සටන් කලාවේ ඇතැම් කොටස් බැලූ බැල්මට සමානකමක් පෙනුනද නිල තෙරපීම කරන ආකාරය, මරු නිල ශාස්ත්‍රය භාවිතා කරන විධික්‍රමය ආදිය අසමාන වේ. පිටින් බැලූ අයෙකුට ඇතැම් කොටස් සමාන යයි පෙනිය හැකිය.

2. හේවා අංගම්වල ප්‍රධාන කොටසන් ලෙස දුණු හරඹ හඳුනාගැනේ. දුණු ප්‍රමාණය කිව නොහැකිය.

3. නර්තනය උගන්වන ඉලංගම් මඩු තුළ නර්තනය සමඟ සටන් ශාස්ත්‍රය ද ඉගැන්වීය. එම නිසාම සටන් ශාස්ත්‍රය තුළ ඇති ඇතැම් ඉරියව් නර්තනයට මුසු වී ඇත.

4. මස් මාංශ භාවිතයෙන් කටයුතු කළේ ඉන්දියානු බමුණන් මිස යක්ෂ ගෝත්‍රිකයන් නොවේ. යක්ෂ ගෝත්‍රිකයන් එදා සිටම නිර්මාංශිකය. එයට හොඳම උදාහරණය වන්නේ කාලි මැණියන්, කතරගම මහසෙන් දෙවියන්, රාවණා දෙවියන් ආදි යක්ෂ ගෝත්‍රික දේවතාවන් අදහන විට නිර්මාංශව පේ විය යුතුය යන්නයි.

5. හෙළ භාෂා හතරක් දුරාතීතයේ තිබී ඇත. ඒවායින් සිංහල භාෂාව නිර්මාණය විය. බොහෝ ඈත අතීතය (මහාසම්මත මනු රජු) දක්වා භාෂා භාවිතය හමුවේ.

6. සාමාන්‍ය භාවිතය වන්නේ ද්වන්ධ සටන් සඳහා පමණි. එක් පුද්ගලයෙක් දෙදෙනෙකුට එකවර ඌරා ළිඳේ සටන් කිරීමට අභියෝග කිරීමක් වැනි දුර්ළභ අවස්ථාවලදී මුහන්දිරම්ගේ අවසරය මත සමූහ සටනක් සිදුවිය හැකි වුවද එය නොසැලකිය යුතු මට්ටමක පවතී.

7. වැදි ජනයා යනු යක්ෂ ගෝත්‍රිකයන් නොවේ. කවලම් ජන කොටසකි. ඔවුන් තුළ සතුන් දඩයම් කිරීමට හා සතුන් හා සටන් කිරීමට උපක්‍රම භාවිතා වුවද ඒවා අංගම් ශාස්ත්‍රය නොවේ. අංගම් ශාස්ත්‍රය ඔවුන් තුළ නොපැවතියා යන්නට මූලිකම සාධකය වන්නේ ඔවුන්ගේ භාෂාව හෝඩියක් නොමැති භාෂාවක් වීමයි. එවන් භාෂා භාවිතයකින් අංගම් ශාස්ත්‍රය වැනි ගැඹුරු ශාස්ත්‍රයක් හැදෑරිය නොහැකිය.

8. පූර්ණ වශයෙන් වැරදියි. එය එසේ නම් ටිකිරි කුමාරයාට කඩුවක් ගෙන වයස 11දී යුද්ධයට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

Anonymous said...

අංගම්පොර යනු වේගවත් සටන් කලාවක්ද .ප්‍රදර්ශන වලදී දැක ගත හැක්කේ ඇල්මැරුණු සටන් විලාශයකි .බොහොම ස්තුතියි

අංගම්පොඩි said...

අංගම් ශාස්ත්‍රය යනු අතිශයින් වේගවත් සටන් කලාවකි. සැබවින්ම කිවහොත් එය ප්‍රදර්ශනය කළ වාහළ ඉලංගමේදී සියලුම උපක්‍රම භාවිතා නොකලේය. අද අංගම්පොර නමින් යම් යම් අය කරන විගඩම් නිසා ඔබට අංගම් ශාස්ත්‍රය යනු තාක්ෂණයෙන් දුර්වල සටන් ක්‍රමයක් ලෙස පෙනීම ගැන අප කළබල වන්නේ නැත. නමුත් කිව යුත්තේ මෙයයි. ඔබ තවමත් අංගම්පොර දැක නැතිවාට සැක නැත.

මා පැහැදිලි කිරීමට උත්සාහ කරන කාරණය සනාථ කිරීමප පහත උදෘතය ප්‍රමාණවත් යයි සිතේ.

"ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති...."

Anonymous said...

මේ විශ්වයේ අතීතයේ පටන් තිබුණු රහස් ,ශිල්ප තවමත් නොනැසී ඇති බව මම අසා ඇත.එබැවින් සමථ භාවනා මගින් සිත දියුණු කරගත් විට අංගම්පොර ගැන දන්නා අදෘශ්‍යමාන ගුරුවරයෙක්ගෙන් එම ශ්‍රේෂ්ට කලාව ඉගනගත හැකි වේවිද .ඔබතුමා එය විය හැකි බව විශ්වාස කරනවද (ජීවක වෙදදුරුට සක්‍ර දෙවියෝ උදවු කලා මෙන් ).බොහොම ස්තුතියි

Anonymous said...

රාවණ රජුගේ උඩ්ඩීස තන්ත්‍රය යනු අංගම්පොර පිළිබද රහස් ඇතුලත් පොතක් නේද .නුගේගොඩ modern පොත් සමාගම එම පොත මුද්‍රණය කර ඇති බව සත්‍යක්ද

Anonymous said...

සුබ දවසක් ඔබතුමන්ට !

නොදන්නා දේවල් මාහට තේරුම් කරදුන්නාට ඔබට බොහෝ පින්.ඔබට බාධාවක් නොමැතිනම් මාහට මතුවූ තවත් ගැටලු කිහිපයක් ඔබවෙත යොමුකරන්න කැමතියි.

1.ළමා කතා,ජනප්‍රවාද ආදියෙහි සදහන් වන්නාවූ සූර සරදියෙල් දක්ෂ අන්ගම් සටන් කරුවෙක්ද?
2.වේග රිද්ම නැටුම්,ක්ෂණිකව මාලක්කම් ගැසීම ආදිය නර්තනයට මුසුවී ඇත්තේ අන්ගම් ශිල්පයේ අභාෂය නර්තනයට මුසුවූ පසුද?
3.සන්දර්ශනයක් තුලදී සටන් ඉරියව් ආදිය නරඹන්නන්ට මතක නොසිටින ලෙසට 'වේගවත් ලෙස හා ක්ෂණිකව සටන් කිරීම නිවැරදි අන්ගම් ශිල්පියෙකු හදුනාගත හැකි නිර්නායකයක්ද?' මා එක්තරා වෙබඩවියක් තුල එවැනි දේවල් තිබෙන වීඩියෝ දැක ඇත.
4.දැරණියගල මහතා විසින් රචනා කරනලද 'සිහල ත්‍රාසජනක ක්‍රීඩා'යන කෘතිය පිළිබදව ඔබතුමන්ගේ අදහස කුමක්ද?
5.එකම සන්දර්ශනයක් සදහා විවිධ අන්ගම් සටන් ශිල්පීන් විවිධාකාරයේ ඇදුම් ආයිත්තම් භාවිතා කරයිනම් එයින් එළඹිය හැකි නිගමනය කුමක්ද? එමෙන්ම අන්ගම් ශිල්පයේ මල්ලවයාගේ ශාස්ත්‍රීය මට්ටම අනුව පළදින ඇදුම් ආදිය එකිනෙකට වෙනස් වේද?
6.හෙනරාජ තෙල, විෂ්ණු තෙල ආදිය හෙළ වෙදකමෙහි(නිල වෙදකමෙහි ) ඇති තෙල් වර්ගද?

මෙම කරුණු කිහිපය පහදාදෙන්න.

තෙරුවන් සරණයි !

හරිදු සේනාරත්න

Anonymous said...

මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් අන්ගම් ශිල්පය ගැනට බොහෝ තොරතුරු සෙවීමට කාලය ඇත.ඒ සදහා ඔබ ලබාදුන් සහයෝගයට ස්තූතියි !

හරිදු සේනාරත්න

Anonymous said...

රාවණ රජතුමන් විසින් රචනා කරන ලද 'මුෂ්ටි ප්‍රහාර තන්ත්‍ර' ග්‍රන්ථයෙහි සදහන් වන්නේ කුමන කරුණුද?

Anonymous said...

වර්තමාන චීනයේ පවතින්නාවූ ෂාඔලින් කුන්ෆු,නින්ජුට්සු ආදී සටන් කලාවන් මෙම දේශිය සටන් ශාස්ත්‍රයට අභියෝගයක් නොවන්නේද? ෂාඔලින් ආරාම වැනි යමක් සාදා මෙම කලාව ප්‍රගුණ කරවීමට අදහසක් ඔබලා සතුව නැතිද?නැතහොත් ජපානයේ සමුරාසිවරුන්ට සිදුවූ දෙය අපිටද සිදුවිය හැකි බව ඔබට මතක් කරන්න කැමතියිමි.අදටත් මෙම සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කරන අය අප්‍රසිද්ධියේ සිටින බව අප දන්නවා.එම නිසා නූතන තාක්ෂණයට ගැළපෙන අයුරින් මෙය වෙනස්කොට මෙහි උපයෝගීතාවය වැඩිදියුණු කරන්න භාවනානුයෝගී ඔබලාටවත් නොහැකිද? මෙයින් මා කියන්නේ නැහැ මෙය විකුණාගෙන කන්න කියා.'තැනේ හැටියට ඇනේ ගහන්න ඕනෑ' කියා අපේ ආදී මුතුන් මිත්තන් කීවේ ඒහෙයිනි.එම නිසා බුද්ධිමත් ඔබතුමා මේ ගැන සලකාබලන ලෙස ඉල්ලමි.

Anonymous said...

ඊරි තදන්ග හා තදන්ග නිල ශාස්ත්‍රය යනු කුමක්ද?ආචාර්ය නිලන්ත හෙට්ටිගේ මහත්තයාගෙ 'සටන් කලාව' නැමැති ග්‍රන්ථයේ එය පිළිබදව විස්තරයක් තිබුණා.එය ඉන්දියානු ආභාෂයෙන් ලද්දක් බවයි එහි සදහන්කොට තිබුණේ.

අංගම්පොඩි said...

219 ට පිළිතුර

ඔබ නිවැරදියි බුදු දහමට අනුව සමථය ලෙස පිළිගැනෙන යක්ෂ ගෝත්‍රික භාවනා ක්‍රමවේද තුළින් අතීතයේ සිටි සටන් ශිල්පීන්ගෙන් යම් යම් දැනුම් ලබා ගත හැකියි. නමුත් එය හිතන තරම් පහසු කාරණයක් නම් නොවෙයි.

220 ට පිළිතුර

උඩ්ඩීෂ ත්න්ත්‍රය තුළ සටන් ශාස්ත්‍රය ගැන කියවෙන්නේ නැත. එසේ කවුරුන්හෝ කියනවා නම් ඔහු සටන් ශාස්ත්‍රය ගැනත් උඩ්ඩීෂ තන්ත්‍රය හෝ ක්‍රය උඩ්ඩීෂ තන්ත්‍රය ගැනත් දන්නේ නැත යන්න නිගමනය කළ හැකිය.

221 ට පිළිතුර

1. සරදියෙල් යනු සොරෙකි. මුස්ලිම් ගැහැණියක සමඟ නොමනා සබඳතා පැවැත්වූ පුද්ගලයෙකි. ඔහු අංගම් ශිල්පියෙක් නොවේ. අංගම් ශිල්පීන් සොරකම් කරන්නේ නැත.

2. අද අප හඳුනාගන්නා උඩරට නර්තනයේ එන ගජගා වන්නමේ තුළ සිංහාඩි ද නයියඩි වන්නම තුළ නයියඩි සටන් ඉරියව්ද පහත රට සම්ප්‍රදායේ බොහෝ කොටස් තුළද (බඹරය) සටන් ශිල්පයේ ආභාෂය දැක ගත හැකිය. ගැඹුරින් අධ්‍යයනය කරන අයෙකුට එය මොනවට පැහැදිලි වෙයි.

3. ක්ෂණිකව සටන් කිරීම අංගම් ශාස්ත්‍රය තුළ මූලිකාංගයකි. නමුත් කවුරුන්හෝ එසේ සටන් කළ පමණින් එය අංගම්පොර වන්නේ නැත. මන්ද කපුවේරා වැනි සටන් ක්‍රමවේද තුළද ක්ෂණිව පිනුම් ගසමින් සටන් කිරීම දැක ගත හැකියි.

4. සිංහල ත්‍රාස්‍යජනක ක්‍රීඩා පොතේ ඇති බොහෝ කරුණු 100%ක් නිවැරදි නොවේ. නමුත් සටන් ශාස්ත්‍රය ගැන මූලික උරුවක් දක්වා ඇති ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය.

5. අංගම් ශාස්ත්‍රය තුළ ශාස්ත්‍රීය මට්ටම අනුව විවිධ ඇඳුම් ආයිත්තම් පැළඳිය හැකිය. මොහන්දිරම් වරයෙකු හා පනික්කිවරයෙකු අඳින ඇඳුම එකිනෙකට වෙනස්ය. නමුත් ඒවා කලිසම් හෝ බැනියම් විය නොහැකිය. අප ඇඳුම් පැළදුම් ගැන දැන ගැනීමට අංගම් සටනේ ඇඳුම් ආයිත්තම් සම්ප්‍රදාය නම් ලිපිය කියවන්න.

6. හෙනරාජය වැනි තෙල් වර්ග යුද්ධයට භාවිතා කළ තෙල් වර්ග වුවද ඒවා වෙදකම හා මන්ත්‍ර ශාස්ත්‍රය තුළද භාවිතා වෙයි. සරළම තේරුම් කරන්නේ නම් වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය, දේහධර්ම විද්‍යාව හා සටන් ශාස්ත්‍රය යන මේ සියල්ල එකම සම්ප්‍රදායකි. මේවා එකිනෙකට ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් බැඳී පවතී

223 ට පිළිතුර

මුෂ්ටි ප්‍රහාර තන්ත්‍රය යනුවෙන් යමක් අප දැනුම් පරාසය තුළ නැත.

අංගම්පොඩි said...

224 ට පිළිතුර

චීන සටන් කලාවන් ගැන වැඩි යමක් අප දන්නේ නැත. නමුත් වීඩියෝ ආදියෙන් දැක ඇති පරිදි නම් අභියෝගයක් ලෙස දැනෙන්නේ නැත. කෙසේවෙතත් එදා සිට අද දක්වාම අංගම් ශිලිපියෙක් කිසිදු සටන් ශිල්පියෙකුට ද්වන්ධ සටනකදී පරාජය වී නැත. චීනයේ ෂැවොලින් හැදුව පමණින් අප එවැන්නක් කළ යුතු නොවේ. මන්ද අපට අපේම සම්ප්‍රදායක් ඇත. කරනවානම් කළ යුත්තේ අපේ වාහළ ඉලංගම නැවත නගා සිටුවීමයි. ‘තැනේ හැටියට ඇනේ ගහන‘ එක දැනටත් ආරම්භ වී හමාරයි. අවශ්‍ය දේ අවශ්‍ය කාලයේදී නිසි අයුරින් සිදුවේවි. බය වෙන්ට කාරියක් නැත. අන්තිම සිංහලයා දක්වා මෙය පවතිනු ඇත.

225 ට පිළිතුර

රීරි කොළස රීරි තදංග ආදිය යක්ෂ ගෝත්‍රික වචනය. ඒවා ඉන්දියාවට භාරදිය නොහැකිය. ඉන්දියාවේ යක්කු සිටියේ නැත. යක්කු හිටියෙත් ඉන්නෙත් ලංකාවේය. නිලන්ත හෙට්ටිගේ යනු අංගම් ශාස්ත්‍රය ගැන අබමල් රේණුවක් වත් නොදන්නා අයෙකි. ඔහුගේ මෙම කෘතිය ගැන වංචාවල නිලන්තගේ වංචා සහගත “සටන් කලාව“ නම් ලිපියේ සඳහන් වේ.

Anonymous said...

ඔබතුමා සදහන් කරන්නේ ශාඔලින් ආරාමයේ සටන් කලාවට වඩා අංගම්පොර වේගවත් ,ක්‍රමානුකුල ,විවිධත්වයෙන් යුතු සටන් සම්ප්‍රදායක් බවද.එසේ නම් එම සටන් ශිල්පීන්ට වඩා අරුම පුදුම හොද සටන් ශිල්පීන් අද ලංකාවේ සිටීද.එය නම් සිංහලයන් සියලුම දෙනා ඇසීමට කැමැති දෙයක් වන බවට සක නැත .

අංගම්පොඩි said...

අපිට තරම් සටන් සම්ප්‍රදායක් ලෝකයේ කිසිම රටකට නැහැ. අපේ රටේ තරම් යුධ වීරයොත් නැහැ. මහාවංශය, සීතාවක හටන, උඩරට මහ කැරැල්ල වැනි පොත්පත් කියවන විට එය පැහැදිලි වෙනවා. චීන චිතපටවල කේබල් යොදා කරන පියඹා යෑම් හා පාවීම් නම් මිනිසුන්ට කරන්න බැහැ. නමුත් තුන් පිණුමක් උඩ කරණම් ගසා පහර දිය හැකි අය අදටත් ඉන්නවා. නිල විද්‍යාව හා මර්ම විද්‍යාව අපේ ශාස්ත්‍රය තරම් දියුණු කිසිම සටන් කලාවක් ලොකයේ නැහැ. ප්‍රායෝගික සටන් ශිල්පීනුත් නැහැ. ප්‍රායෝගික සටන් ශිල්පීන් නොවී අංගම් ශාස්ත්‍රය උගත නොහැකියි. එමනිසා ඔබේ ප්‍රශිනයට දිය යුතු පිළිතුර වන්නේ ඔව් යන්නයි.

Anonymous said...

http://www.youtube.com/watch?v=7qHL2PSpecI


http://www.youtube.com/watch?v=5zvzxM24DBA

මෙම ලින්කු වල ඇත්තේ ශාඔලින් සටන් පිලිබදවයි .කරුණාකර මෙම හැකියා වලට සමාන හැකියා ඇති සටන් කරුවන් දැන් ලංකාවේ අංගම් සටන් කරුවන් අතර ඇතිදැයි පවසන්න

අංගම්පොඩි said...

මෙවැනි වීඩියෝ සමුදායක් අප විසින් දැක ඇත. මේවායේ ඇති ගඩොල් කැඩීම, පොලු කැඩීම, තුනී ගල් කැඩීම ආදිය සැබවින්ම අංගම් සටන් කරුවෙකුට සරළ කාරණාය. මන්ද අංගම් සටන් කරුවා පොල්ගසට මිටියෙන් ගුටි ගසා ගස සෙලවීමට හා පොල්ඇට්ටි වැටෙන සේ ගසට පයින් පහර දීමට පොලු දහයකට ආසන්න ප්‍රමාණයක් දක්වා පොලු කැඩීම නම් අභ්‍යාසයේදී පයින් ගසා පොලු කැඩීමට පුහුණු විය යුතුය. හිසෙන් පොල් ගසට ගසා හිස ශක්තිමත් කළ යුතුය. මේවා අදටද අප විසින් පුහුණු වන මූලික හරඹ කොටස්ය. පොල් ගෙඩිය අතින් ලෙලි ගැසීම, පොල් ගෙඩිය අතින් බිඳීම ආදියද එයට ඇතුළත් වේ. මෙහි කිව නොහැකි තව බොහෝ කාරණා ඇත. එම නිසාවෙන් මෙයට වඩා ශරීර ශක්තියක් අද පවා මනාව පුහුණුවූ සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ට ඇති බව පමණක් පසක් කළ හැකිය.

Anonymous said...

ශාඔලින් සටන් කලාව මෙතරම් අලංකාර නම් ඔබතුමාගේ පැහැදිලි කිරීම් අනුව අංගම් සටන් කෙතරම් අලංකාර දැයි සිතාගත නොහැක .කවදා හෝ ඒවා දැකගැනීමට අපටත් වාසනාව උදාවේවා යන්න මාගේ පැතුමයි.ඔබතුමන් ඇතුළු අංගම්පොර රක්ෂා කරන උදවියට දළදා සමිදු පිහිටයි

Anonymous said...

ඔබ නිවැරදියි මහත්මයා.ශ්‍රී ලOකාව තරම් දිර්ඝ යුධ ඉතිහාසයක් සහිත රටක් ලෝකයේ නැති බව නම් සක්සුදක් සේ පැහැදිලියි.නමුත් ජපානයේ විසූ සමුරාසිවරුන් සමග සටනක් කොට ජයගැනීමට ප්‍රමාණවත් සටන් තාක්ෂණයක් මෙම අOගක්කරුවන් සතුව පවතින බව අද දකිනා ප්‍රදර්ශන,සන්දර්ශන ආදියට අනුව නම් මට කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ. 2012 දී අජන්තගේ ගුරුන්නාන්සේගේ කඩු පූජාව නම් මමත් නරඹා තිබෙනවා.ඔහුගේ නිවැරදි වූවද නොවූවද ඔහුගේ සටන්නම් ඉතා විශ්මයජනකයි. චිත්‍රපටවල මෙන් අහසේ පාවීමට නොහැකිබව නම් සැබෑව.නමුත් ගුප්ත ශාස්ත්‍රයෙහි මහිමයෙන් තම කුණ්ඩාලිනී ශක්තිය වැඩිදුයුණු කර විස්මිත දේවල් කිරීමට අපට නොහැකිද? එමෙන්ම මානසික ශක්තිය මගින් සටන් කිරීම අOගම් ශාස්ත්‍රය තුලින් විද්‍යමාන නොවේද?

Anonymous said...

එතකොට පින්වත් මහත්මයා, අOගම්පොර හැරුණු විට ලෝකයේ ප්‍රබලතම සටන් කලාව ලෙස ඔබ සිතන්නේ කුමක්ද? මා සිතනා පරිදි එය බොහෝවිට නින්ජුට්සු විය හැක.ශ්‍රි ලOකාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුධ ඉතිහාසයක් බව ඔබ කියනා කරුණුවලින් මනාවට පිළිඹිබු වේ.නමුත් හෙළ අOගක්කරුවන් ජපානයේ සමුරාසිවරුන් සමග ද්වන්ධ සටනක් කොට ජයගෙන ඇති බවට ඉතිහාස සාක්ෂි පවතීද? ඒ මොනවාද යැයි මට දැනුම් දෙන්න.

අංගම්පොඩි said...

233 ට පිළිතුර

ඔබ කියනා කාරණය තමයි අද මේ ශාස්ත්‍රයට තිබෙන ලොකුම ගැටලුව. මා හිතන්නේ මෙය බෘස්ලී වැනි අය කුන්ෆූ කියා වැරදි යමක් ලෝකයට ගෙන යන විට චීන සටන් කලාවටද එදා ප්‍රශිනයක් වුණා. ඒ බෘස්ලි දිහා බලාගෙන චීනයේ සාම්ප්‍රදායික සටන් කලාවට වන හානිය ගැන නොබලා හිටපු අපිට අද අත්දකින්න වෙලා තියෙන්නේ එදා චීන සාම්ප්‍රදායික සටන් කරුවන් විඳි අත්දැකීමමයි. කොහොම වුණත් මේවායින් සිදු වන්නේ අංගම්පොර යනු ලාබාල සටන් ශාස්ත්‍රයක් හෝ නොමැතිනම් නර්තනයක් ලෙස ලෝකප්‍රසිද්ධ වීමයි. අපේ මේ උත්සාහය මෙම කාරණය ලොවට තරමකට හෝ තේරුම්කර දීමටයි. ඇත්ත වශයෙන්ම අපගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් මදි මෙම බ්ලොග් අඩිවි ඉංග්‍රීසි පරිවර්තන දෙන්න. ඉදිරියේදී එයත් හැකි වුවහොත් කරනවා. චීනයේ අය චී ශක්තිය ගැන කියනකොට අපේ අය දන්නේ නැහැ. අපේ කුණ්ඩලීණී ශක්තිය වැනි යමක් තමයි ඔවුන්ද කියන්නේ කියන එක. අපිට එදා තිබුණු දේවල් අදටත් ඒ විදියටම කරන්න අවශ්‍ය මානසික ශක්තිය වඩා ගැනීම සැමදෙනාටම තරමක් අපහසු වුවත් එම හැකියාවන් තිබෙන අය අදටත් ඉන්නවා. නමුත් ඔවුන් ප්‍රසිද්ධියට එන්නේ නැහැ. මානසික ශක්තිය භාවිතයෙන් ශාරීරික ශක්තිය දියුණු කිරීම අංගම් ශාස්ත්‍රය තුළ තිබෙන මූලිකාංගයක්.

අංගම්පොඩි said...

234 ට පිළිතුර

අංගම්පොරවලින් පසුව ලොව ප්‍රභලතම සටන් කලා කිහිපයක් හඳුනාගත හැකියි. ජපානයේ සමුරායි හා චීන සටන් කලාවන්. මේවායේ යම් ගැඹුරක් තිබෙන බව පෙනෙනවා. කරාතේ, වින්ග් චුන් වගේ සටන් කලාවන් නම් යුධ කලාවන් නොවන නිසා සැසඳීමටවත් යෝග්‍ය වන්නේ නැහැ. හෙළ අංගක්කරුවන් ඉන්දියානු කලරි සටන් කරුවන් සමඟ සටන් කොට ජයගත් අවස්ථා හා පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් සමඟ ද්වන්ධ සටන්වලින් ජයගත් අවස්ථා එමට ඇති නමුත් සමුරායිවරුන් ගැන සාධක හමු නොවේ.

Anonymous said...

උඩ්ඩීස,මහෞෂධ,ජනනී ,විශුද්ධි ලෙස හැදින්නුවේ අංගම්පොරමද(රිටිගල සුමේධගේ රිටිගල අංගම් කෘතියේ එලෙස දක්වා ඇත)

අංගම්පොඩි said...

පළමු කාරණය රිටිගල සුමේධ යනු අංගම්පොර ගැන කිසිම දෙයක් දන්නේ නැත. ඔහු ගැන රිටිගල සුමේධ නම් ව්‍යාජ අංගම්පොර ගුරුවරයා නම් බ්ලොගයේ කරුණු පැහැදිලි කොට ඇත.

එම වචන හතර ගැන කියනවා නම් උඩ්ඩීෂ යනු තන්ත්‍රයක නමකි. රාවණාගේ එම ග්‍රන්ථයෙන් කියවෙන්නේ මධ්‍යසාර (අරිෂ්ට) සාධන අයුරු ආදියයි. එම වචනය හැර අනෙක් වචන හතරම පාලි වචනය. පාලි වචන සිංහලයන්ගේ ශාස්ත්‍රයක තිබිය නොහැකිය. මහෞෂධ යනු ජාතික පොතේ ජාතකයකි. එහි තේරුම මහා+ඖෂධ යන්නයි. ජනනී යනු නැවත ඉපදීම යන්නයි. විශුද්ධි යනු මනා ශුද්ධිය හෙවත් සුපිරිසිදු යන්නයි. මේවා අප සංස්කෘතියේ (බෞද්ධ සංස්කෘතියේ මිස පැරණි හෙළ සංස්කෘතියේ නොවේ) වචන කිහිපයක් මිස සටන් ශාස්ත්‍රයට අබමල් රේණුවකවත් සම්බන්ධයක් නැති වචන යන්න පමණක් කිව යුතුයි.

Anonymous said...

හිතවත් අන්ගම්පොඩි !

නැවත ඔබව මුණගැසීම මට ලොකු සතුටක්.නමුත් අන්ගම් ශිල්පය ගැන ලියවී ඇති පොතපත පරිශීලනයේදී මාහට මතුවූ ගැටලු කිහිපයකට ඔබෙන් පිළිතුරු ලබාගැනීමට කැමතියි.

1.ඌරා ළිදේ සටන් සදහා මායා අන්ගම් කියන කොටස භාවිතා කෙරේද?
2.රාවණ්නා අඩවිය යනු කුමක්ද?
3.අන්ගම් ශිල්පය ප්‍රායෝගිකව යොදාගත හැක්කේ ද්වන්ධ සටන් සදහා පමණද?
4.මෙම ශිල්පය තව කොපමණ කාලයක් පවතියිද? ඔබට හැකි පමණින් නිගමනය කරන්න.
5.මෙම ශිල්පය අනාගතයට ගැළපෙන අයුරින් වෙනස් කිරීමට සමත් ඇදුරන් අදටත් වෙසේද? ඔවුන් අප්‍රකටව සිටින භාවනානුයෝගී පුද්ගලයින්ද?
6.තුන්මුල්ල පැනීම,දොළොස් අඩිය,කතිර පුඩිම,විසි අඩිය ලෙස හදුන්වන්නේ අන්ගම් ශාස්ත්‍රයෙහි මූලික අඩිමාරු ක්‍රම බව විකීපීඩියාහි තිබුණි.එය නිවැරදිද? ස්වස්ථිකය යනු කුමක්ද?
7.'නීල ස්වස්ථී දැහන'භාවනාව යනු කුමක්ද?එයින් කුණ්ඩාලිනී ශක්තිය තියිණු කර හැකිබව මා අසා ඇත.
8.'බෙහෙත් පහරවල්' යනු කුමක්ද? මම සිතනා පරිදි නම් එය කිසියම් නිල තෙරපුමක් වියයුතුය.
9.නිවැරදි අන්ගම් ශිල්පියෙක් අතපය බැද සටන් කිරීමටද පුහුණුවියයුතුද?
10.මුයිතායි සටන් කලාවෙහි ඇතැම් කොටස් හෙළ අන්ගම් ශිල්පයෙන් කැඩී ගොස් එයට එකතුවූ ඒවාද?එය නිවැරදි නම් ඒ දෙක අතර කිසියම් සබදතාවක් පැවතිය යුතුය.
11.'මහා වාසල ගැටපූට්ටුව' යනු කුමක්ද? එමෙන්ම 'රාවණා තාක්ෂණය' නම් පොතට අනුව අන්ගම් ශාස්ත්‍රයෙහි ගැටක්‍රම 52ක් තිබේ.මෙවන් වූ යුධ සම්ප්‍රදායක ගැටක්‍රම 52ක් ප්‍රමාණවත්දැයි මට ප්‍රශ්නයක් පැන නැගුණි.
(ඔබෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි )

ස්තූතියි !

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

1. භාවිතා කළ හැකියි. නමුත් සාමාන්‍ය සටන් වලදී මායා අංගම් භාවිතා කරන්නේ නැහැ.

2. අඩවිය යනු බලප්‍රදේශය යන්නයි. රාවණ්නා අඩවිය යනු රාවණාගේ බල ප්‍රදේශය යන්නයි. නමුත් මෙවැන්නක් අංගම් ශාස්ත්‍රයට අදාල නැත.

3. ද්වන්ධ සටන්, යුද්ධ, සමූහ සටන් සරළව කිවහොත් ඕනෑම සටනකට මෙම ශාස්ත්‍රය ප්‍රායෝගිකව භාවිතා කළ හැකියි.

4. අන්තිම සිංහලයා දක්වා පවතීවි.

5. මීට වසර 400කට පමණ පෙර මෙම ශාස්ත්‍රය වෙනස් වුණා. එය ඉංග්‍රීසීන්ගේ තහනමත් සමඟ යම් යම් රහසිගත සටන් උපක්‍රමද දියුණු වුණා. අපේ පිළිගැනීම මෙය අදට 100%ක්ම ගැලපෙනවා. වෙනස්කට යුතුයි නම් ඒවා අදාල කාලවලද අදාල අයුරින් සිදු වේවි.

6. තුන්මුල්ල පැනිඩ, පුඩි ආදිය මේවා චීනඩි භාරිභාෂිතයන් මිස අංගම්පොර නොවේ. ස්වසර්ථිකය යනු යක්ෂ ගෝත්‍රිකයන්ගේ සංකේතයකි.

7. එවැනි භාවනා ක්‍රමවේද තිබෙනවා. වචන පැවසිය නොහැකියි.

8. යමෙකුට නිලස්ථානයකට පහරක් එල්ල වී අඩපණ වී හෝ සිහිසුන් වී ඇති විට හෝ වෙනත් ආබාධිත තත්ත්වයකට පත්ව ඇතිවිට එය ප්‍රකෘති තත්ත්වයට ගෙනීමට ගහන තවත් පහරකි. එය හුදු නිල තෙරපුමක් නොවේ. නිල අල්ලා පහරදීමක්ය.

9. ඇතැම් පුහුණුවීම් තුළ අතපය බැඳ තබා යම් යම් සටන් කෙරෙනවා.

10. ඇත්තඩි නම් හෙළ සටන් ක්‍රමයේ කොටස ඔවුන් සතුව ඇති මුවායි තායි හා බොහෝ දුරට සමාන බව පෙනී යනවා. එය නුවර යුගයේදී ආභාෂය වූ බවක්ද පැවසෙනවා. වෙනත් සම්බ්දධතාවක් හමුවන්නේ නැහැ.

11. නමස්කාර ගැටයක් මෙනමින් හැඳින්වේ. එය සටන් ගැටයක් නොවේ. ගැට ක්‍රම 52ක් නොව එයට වඩා බොහෝ ඇත. පොත්පත් ලියාන්නේ බොහෝ විට ශාස්ත්‍ර මතුපිටින් අතගාන අය නිසා සාවද්‍ය තොරතුරු ග්‍රන්ථකරණය වී ඇති බව මතක තබා ගන්න.

Anonymous said...

ආයුබෝවන් වාසනාවන් !

කලින් ඉදිරිපත් කළ ගැටලුවලට පිළිතුරු සැපයීම වෙනුවෙන් ස්තූතියි! තව ඇසීමට නම් ගැටලු රාශියක් ඇත.නමුත් එයින් කිහිපයක් පමණක් මේ මොහොතේදී සදහන් කරමි.

1.පතුරු කඩු හරඹය යනු කුමක්ද?
2.කඩු පලිහ වාහල නැටුම යනු නර්තනයක්ද නැතහොත් සටන් ක්‍රමවේදයක්ද?
3.අතීතයේදී සාමන්‍යෙන් කඩුවක් සෑදීමට භාවිතා කළ ලෝහවර්ග මොනවාද?(යකඩ,වානේ )
4.අන්ගම් ශිල්පයේ අඩවි 21 ම අවසන් කළ කෙනෙකු හට ඉන්පසුවද තවත් ඉගෙනීමට විශේෂ සටන් අභ්‍යාස පවතීද?
5.අන්ගම් ක්‍රීඩාවෙහි නිරිතවී සතුරා මරණයට පත්කිරීම බුදුදහම අනුව නම් පැහැදිලිවම පාපකර්මයක් බව මම දනිමි.හෙළ සාස්කෘතිය අනුව එය සැළකෙන්නේ කෙසේද? සාමන්‍යෙන් අන්ගම් ශිල්පියෙකුට ලොව ඕනෑම ස්ථානයක(ගල්,බොරළු,මඩ,අයිස් වැසිම,කදු ප්‍රදේශ )සටනක් සමබරව කළ හැකිද?
6.නිලන්ගම් යනු කුමක්ද?
7.නිලස්ථානවලට පහරදීම පුහුණුකරවීමට විශේෂ අභ්‍යාස පවතීද? ඔබට හැකි නම් කිහිපයක් සඳහන් කරන්න.
8.'සින්හල ත්‍රාසජනක ක්‍රීඩා' කෘතියේ ඇති පරිදි මිටි ගුටිය,තල්ලු පහර,රිටි පහර ආදී ගුටික්‍රම 22ක් අන්ගම් ශාස්ත්‍රයේ පවතී.එය නිවැරදි නොවේද?
(පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි )

තෙරුවන් සරණයි !!!

Harindu Senaratne

Anonymous said...

නමෝ බුද්ධාය !!! වර්තමානයේ දකිනා සන්දර්ශනවලට අනුව නම් අපේ හෙළ සටන් කලාව කුන්ෆු ජූඩො තරම්වත් ප්‍රබලබවක් වැටහෙන්නෙ නැහැ.මන්දයත් වගීෂ බණ්ඩාර,රාජ වික්‍රමාරච්චි වැනි අය කරන මගඩි සෙල්ලම් දකින අපට නම් හිතෙන්නේ අපගේ යුධ හමුදා මල්ලවපොර කණ්ඩායමේ ආධුනික අයෙකුට වුවද මොවුන් සමග නිරායුධව සටනක් කොට පහසුවෙන් ජයගතහැකි බවයි.මේ වගේ අයට ඉතින් මෙත් සිතින් අනුකම්පා කිරීම හැරෙන්න වෙනත් කිසිම දෙයක් සිදුකරන්න බැහැ.මොවුන්ගේ සතර අපායේ දොරටු එහෙම දැනටමත් විවෘතවෙලා ඇති කියල අපි හිතනවා.මොවුන්ට නීතියෙන් දඬුවම් නොදුන්නත් මොවුන්ට කලකම් පලදෙනවා නියතයි.එම නිසා මෙම ශාස්ත්‍රයේ නියම අයිතිකරුවන් වන ඔබලාටමයි මොවුන්ට විරුද්ධව යමක් කළහැක්කේ.

අංගම්පොඩි said...

241ට පිළිතුර

1. පතුරු කඩුව යනු නම්‍යශීලී දෙපැත්ත කැපෙන තනි පටියක් සහිත කඩු විශේෂයකි. එයින් කරන හරඹයක් පතුරු කඩු හරඹය ලෙස දැක්විය හැකිය.

2. සටන් උරුවක් ඇති, රාජසිංහ රජු සිහිවීම සඳහා පහතරට නටන නර්තනාංගයකි.

3. කඩු සෑදීමට වානේ භාවිතා කරයි. එවායින් සුදු වානේ බොහෝ උචිතය.

4. අඩවි විසි එකින් පසුවද සටන් අභ්‍යාස ඇත. ඒවා බොහෝ දුරට කුණ්ඩලීනී අභ්‍යාසයන්ය.

5. අංගම් යනු ක්‍රීඩාවක් නොවේ. සටන් සම්ප්‍රදායකි. සටන් ශාස්ත්‍රය යනු බුදු දහම නොවන නිසා සටන් ශාස්ත්‍රය තුළ මිනිසුන් මරණයට පත් කිරීමේ ක්‍රමවේද උගන්වයි. සටන් කරුවා කරනු ලබන ප්‍රභල කුණ්ඩලීනී අභ්‍යාස තුලින් ලොව ඕනෑම පෘතුලයක සටන් කළ හැකිවාට සැක නැත.

6. නිලංගම් යනුවෙන් යමක් අංගම් ශාස්ත්‍රය තුළ නැත. ඉලංගම් යනුවෙන් යමක් නම් ඇත.

7. නිලස්ථානවලට පහරදීමට විශේෂ ව්‍යායාම හා සටන් අභ්‍යාස පවතී. නම් සඳහන් කළ නොහැකිය.

8. සිංහල ත්‍රාස්‍යජනක ක්‍රීඩා පොතේ ඇති ගුටි බොහෝමයක් සාවද්‍ය ඒවාය. ගුටි 22කට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් ශාස්ත්‍රය තුළ ඇත.

Anonymous said...

සුබ නව වසරක් ! මේ පිළිබඳව වැඩිදුර සමාජය දැනුවත් කිරීමට රූපවාහිණී වැඩසටහනක් එහෙම පවත්වන්න අදහසක් ඔබලා සතුව ඇත්තෙම නැද්ද? මොකද මම දකින විදිහට නම් මේක ශාස්ත්‍රයට කරන ලොකු විනාශයක්.

Anonymous said...

අනෙක් කරුණ වනුයේ තමුන්වහන්සෙලාට පුළුවනි මේක රටට උගන්වන්න.ඇයි එහෙම කරන්නෙ නැත්තෙ? අප සටන් ශාස්ත්‍රයේ ප්‍රබලත්වය ලොවට කියාපාන්න ඔබලාට පුළුවන්.

Anonymous said...

සැබෑ සටන් ක්‍රම උගත් දේශප්‍රේමීන් වන ඔබලා අධමයන් කිසිවෙකුටත් බියවී සැඟවී සිටිය යුතු නැහැ.එම නිසා කාලයට ගැළපෙන පරිදි මෙය තෝරාගත් පිරිසකට උගන්වන්න බලන්න.මේ ශාස්ත්‍රය විනාශවෙයි යන බිය මාගේ සිත තුල ඇඳෙන විට නම් කෙසේ ඉවසන්නද? ඔබලා රහසිගතව හා වනගතව වෙසෙන්නේ සමාජයට මුහුණදීමට ඇති බිය නිසාද? එහෙම බියවන්න දෙයක් නැහැ.වැරදි කරන අයට දඬුවම් නිසි කාලෙදි ලැබෙයි යාළුවා.ඔබ කෙසේ කීවත් එම ශාස්ත්‍රය ඉගෙනීමට මම වැනි කෙනෙක් නම් සුදුසු නැත යන්න මට කිව හැකියි.එයටත් පෙර පිනක් තිබිය යුතු යැයි මට හැඟෙනවා.

Anonymous said...

ඔබට ආයුබෝවන් අන්ගම්පොඩි !

සුබ අලුත් අවුරුද්දක් වේවා.පිලිතුරක් ලබාදුන්නාට බොහෝම ස්තූතියි.ඒ සදහා ඔබටත් ඔබගේ කණ්ඩායමේ සියලු හෙළයන්ටත් ස්තූතිය පළකරමි.අවසන් වතාවට දැනගැනීමට කරුණු කිහිපයක් ඇත.

1.සතර ඉලන්ගම යනු කුමක්ද?
2.ඇස් බැද කරනු ලබන සටන් පුහුණුවීම සදහා විශේෂ භාවනා ක්‍රමවේද,සටන් අභ්‍යාස ආදිය පවතීද?
3.හෙළ අන්ගම් සටන් කලාවට වඩා ප්‍රබල සටන්ක්‍රම අනාගත ලෝකයේ බිහිවෙයි යැයි ඔබලාට උපකල්පනය කළ හැකිද?
4.වර්තමානයේ සිටින සින්හල සටන් ශිල්පීන්ට නින්ජාකරුවන් සමග සටනක් කිරීමට ප්‍රමාණවත් සටන් තාක්ෂණයක් පවතීද? එමෙන්ම ඔබට හැකි පරිදි ඉලන්ගක්කරුවන් සහ නින්ජාකරුවන් අතර පවතින වෙනස පහදාදෙන්න.
5.මෙම සටන් ශාස්ත්‍රය ඉසිවරුන් විසින් නිර්මාණය කරන ලද්දක් නම් එය අනිවාරයෙන්ම ලොව අනෙකුත් සටන් කලාවලට වඩා ප්‍රබල වියයුතුය.ශිව යනු යක්ෂ ගෝත්‍රික ඉසිවරයෙක්ද?
(පිළිතුරු දෙන්න )

දැනටනම් මා බලාපොරොත්තුවූ දැනුම යම්තරමකට ලැබී ඇත.ඒ සදහා පාසල් නිවාඩු කාලය පුරාවටමත් ඊට පෙර සිටත් ඔබතුමා මට ලබාදුන් සහයෝගයට ගෝඩාක් ස්තූතියි.පසුව අවශ්‍ය වුවහොත් තවත් දේවල් ඔබගෙන් අසා දැනගන්න කැමතියි.

ඔබට නිවන් සුවම පතමි !

Harindu Senaratne

අංගම්පොඩි said...

සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉංග්‍රීසි කාරයන්ගේ අවුරුදු දා අප සුබපතන්න උත්සාහ කරන ඔබලාට ස්තූතියි. නමුත් අපිට නම් අද හරිම අසුබ දවසක්. නැකතක් වැටිලා තියෙන්නේ ගස් කපන නැකතක් විතරයි. අනෙක තවම අවුරුදු ආවේ නැහැනේ. සිංහලයෝ විදිහට සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්නේ හෙළ සූර්ය මංගල්‍යය එන බක් මහේදී විතරයි. මොකද තවම සූර්ය මාස ක්‍රමයට අනුව මේ අවුරුද්ද ඉවර නැහැ.

අංගම්පොඩි said...

247ට පිළිතුරු

1. වාහළ ඉලංගම, නැටුම් ඉලංගම, කවිකාර ඉලංගම වැනි රජුගේ රාජ මාලිගය තුළ තිබූ විවිධ කලා හා සටන් අංගයන් ප්‍රදර්ශනය කරන ස්ථාන සතර ඉලංගමට අයත් වේ.

2. ඇස් බැඳගෙන සටන් කිරීමට පුහුණු වීමට පෙර විශේෂ භාවනා අභ්‍යාස හා පූර්ව අභ්‍යාස සමූහයක් සම්පූර්ණ කළ යුතුයි.

3. නැත.

4. වැඩියමක් කිව නොහැකියි. මනා පුහුණු වූ ඉංගම් සටන් කරුවෙකුට ලොව ඕනෑම අයෙක් සමඟ සටන් කොට ජය ගත හැකියි. නින්ජා හා ඉලංගංකරුවන් අතර වෙනස තමයි නින්ජා කරුවන් දන්නේ ඔවුන්ගේ සටන් ශාස්ත්‍රය වීම හා ඉලංගම් කරුවන් දන්නේ මර්මස්ථාන විද්‍යාව වෙනත් ගුප්ත විද්‍යා මූලික කරගත් අංගම් ශාස්ත්‍රය වීමයි.

5. මෙය යක්ෂ ගෝත්‍රික ඍෂිවරුන් විසින් නිර්මිත වූවක් බව ශාස්ත්‍රය පුහුණු වීමේදී ඇති නමස්කාර විධි, පුන්‍යානුමෝදනා කවි හා යක්ෂ ගෝත්‍රික රණ ගී දෙස බැලීමේදී මනාව තහවුරු වේ. ශිව යනු ඉන්දියානු ඇදහීමක් ලෙස පෙනුනද සිව යනුවෙන් ලංකාවේ රාවණා යුගයේදී ඍෂිවරයෙක් සිටි බවත් ඔහු රාවණාගේ මුත්තෙකු බවත් කියවේ. සිව තාන්ඩව ස්තෝත්‍රය යනු රාවණා විසින් සිව වන්දනා කිරීමට නිර්මිත ස්තෝත්‍රයකි. එය අවසන් වන්නේ ‘ඉති ශ්‍රී රාවණ කෘතම් ශිව තාන්ඩව ස්තෝත්‍රම් සම්පූර්ණම්‘ යනුවෙනි. (අද අපට හමුවන්නේ මෙහි සංස්කෘති පරිවර්තනය පමණි. මුල් නිර්මාණය යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් නිර්මිත වූවක් ලෙස පිළිගැනේ.)

Unknown said...

ඉහත 204 දී මා විසින් ඔබට ඉදිරිපත් කළ ගැටලුවට ඔබ දුන් විසඳුම මම කියවීමි.නමුත් මට අපැහැදිලි වූ තවත් කරුණු කිහිපයක් ඇත.රහසිගතභාවය රකිමින් සටන් පුහුණුවීමේදී ඔබලාට විවිධ ගැටලු මතුනොවන්නේද? මන්දයත් රහසිගතව සිටීම යනු වර්තමාන සමාජක්‍රමයට අනුව මා දන්නා තරමින් එතරම් පහසුදෙයක් නම් නොවේ.නීතිමය අවසරයක් නොමැතිව ඔබලා මෙන් අප්‍රසිද්ධව සටන් පුහුණු කරවීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවේද?අද රටේ පවතින පරසුද්දාගේ නීතිය අනුව සටන් පුහුණුකරවීම අතරතුරදී ශිෂ්‍යයෙක් බරපතළ ලෙස තුවාල වුවහොත් හෝ මරණයට පත්වුවහොත් එය බන්ධනාගාරගතවීමට තරම් තත්වයක් ඇතිවිය හැක.වෙදකමෙහි එයට බෙහෙත් ඇතිබව කීම නම් සත්‍යකි.නමුත් වාහල සෙල්ලම්වලින් කෙනෙකු හෝ කිහිපදෙනෙකු මරණයට පත්වුවහොත් එය විශාල පාපකර්මයක් මෙන්ම අපරාධයක් නොවේද? ඔබ ඔය කියනා ඉලන්ගක්කරුවන්ට රහසිගතව විදේශික රජෙකු මරාදැමිය හැකිනම් ප්‍රභාකරන් වැනි දුෂ්ට දෙමළෙකු මරාදැමීම පහසුවෙන් කරන්නට තිබුණා.නමුත් එය සිදුකිරීමේ ගෞරවය හිමිවන්නේ අපගේ වීරෝධාර හමුදා රණවිරුවන්ට.නමුත් සිදුකිරීමට නොහැකිවූ දෙය ගැන පසුතැවීමෙන් ඵලක් නැහැ.ඔබලාට හදවතින්ම සුභපතන්නම්. අවසාන වශයෙන් ඔබගෙන් ඇසිය යුත්තේ මෙම ශිල්පය නැවතත් යුද්දෙට භාවිතා කරන්නේ කෙදිනකද?

අංගම්පොඩි said...

ඔබ නිවැරදියි. රහසිගතව සිටීම මේ සමාජ ක්‍රමය තුළ වඩාත්ම අපහසුයි. නමුත් අද මොනවා වුණත් රට පාලනය කරන්නේ දේශීය නායකයන්. විදේශීය අධිරාජ්‍යවාදීන් පාලනය කළ සමයේදී පවා අපි රහසිගතව හිටියා. ඒකාලේ සුද්දෝ තහනම් කරපු එක අදටත් වලංගුයි. ඒක ඉවත් කරන්න අපට තවම රජෙක් නැහැ. ඒත් අපි ඉන්නවා. සෙල්ලම්වලදී පුහුණුකරුවන්ගේ මරණය බොහෝ කලාතුරකින් සිද්ධ වන්නක්. මොකද නිල පරවල්වලට බෙහෙත් පරවල් නොදන්න කෙනෙකුට උගන්වන්න අවසරයක් නැති නිසා පහරක් වැදුනොත් බෙහෙත් පහරක් ගහන්න ගුරුවරයාට පුළුවන්. අතපයවලට කැඩීම් බිඳීම් තුවාල සිදුවීම ආදිය නම් සාමාන්‍යයි. රජයක් අපව විශ්වාස නොකිරීම තුළ අපට රජයකට උදව් කරන්නත් බැහැ දැනට තිබෙන්නේ අපේ රජකමක් නොවන බවටයි අපේ විශ්වාසය. ඒ නිසා රහසිගතව කළ හැකි දේ පමණක් අපි කරනවා සහ කළා. පහුගිය යුද්ධයේදී අපේ රණවිරුවන් අතර සිටිය යුතු අය සිටියා. ඒවා ගැන දන්න කිහිපදෙනෙක් පමණක් දන්නවා. හෙට සිදුවන දේ මේ ශාස්ත්‍රය බලාකියා ගන්නා දෙවතාවුන්ටයි නෑ යක්කුන්ටයි භාර කරනවා මිස ඔවුන්ගේ අණින් පිට අපි වැඩ කරන්නේ නැහැ. ඔබට තෙරුවන් සරණයි.

Anonymous said...

සුබ දිනයක් !

හැකි ඉක්මනින්ම මාගේ පහත ප්‍රශ්න කිහිපයට පිළිතුරු දෙන්න බලන්න.

1.සිවු වේද,අෂ්ට විද්‍යා,සූසැට කලා ආදියට අන්ගම් ශිල්පය අයත් වේද? එමෙන්ම මට දැනගතයුත්තේ අන්ගම් ශිල්පය ඒවට වඩා ප්‍රබල එකක්ද?
2.කාලි මෑණියන් යනු හෙළ අන්ගක්කරුවන් අදහන දෙවගනක්ද? එසේත් නැතිනම් හින්දු දේවතාවෙක්ද? ගුරුකම් කිරීම ආදියට ඇය යොදාගන්නා බවද මා පුවත්පත්වල දැක ඇත.
3.කුඹුර හා ඒ ආශ්‍රිතව පුහුණු කරන සටන් අභ්‍යාසයන් නියම අන්ගම් ශිල්පයක පවතීද?
4.මාය අන්ගම් මගින් සතුරාට කොපමණ දුරකට හානියක් කළ හැකිද? මායා අන්ගම් සටන් සදහා යෝදාගැනීමට අන්ගම් ශිල්පීන්ට විවිධ නීතිරීති පවතිනවද?
5.අන්ගම් ශිල්පය ආත්මාරක්ෂාව සදහා යොදාගත හැක්කේ කුමන අවස්ථාවලද? නැතිනම් විදේශ ආක්‍රමණවලදී පමණක්ද?

හරිදු සේනාරත්න

අංගම්පොඩි said...

1. සිව්වේද, අෂ්ට විද්‍යා ආදිය ඉන්දියානු නිර්ණායකයන් මිස හෙළයන්ගේ ඒවා නොවේ. සිව්සැට කලා ආදියට සටන් ශාස්ත්‍රයක් ඇතුලත් වුවද ඒ අංගම් ශාස්ත්‍රය නොවේ.

2. කාලි මෑණියන් යනු රාවණා රජුගේ කාන්තා බලකායේ නායිකාව ලෙසයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඇය යක්ස ගෝත්‍රික දෙවඟනකි. කාලි මෑණියන් අදහමින් කරනු ලබන සටන් ශාස්ත්‍රීය කොටස් තිබෙනවා.

3. කුඹුර හා ඒ ආශ්‍රිතව කරනු ලබන සටන් අභ්‍යාස ශාස්ත්‍රීයව නැහැ. නමුත් තහනම් යුගයේදී එක් එක් පරම්පරාවිසින් එවන් දේ කලා. උදාහරණයක් ලෙස වියගස කරතබාගෙන සී සෑම (ගවයන් භාවිතා නොකර) ආදිය ගත හැකියි. නමුත් මේවා ශාස්ත්‍රීය ව්‍යායාම නොවේ.

4. අංගම් ශාස්ත්‍රයේ බොහෝ සටන් උපක්‍රම භාවිතා කරන විට ඒවාට නීති රීති ඇත. ඇතැම් ගුරුවරුන් විසින් ගෝලයාට පනවන නීතිද ඇත. මායා අංගම්වලින් පුද්ගලයෙකු අඩපණ කිරීමේ සිට මරණය දක්වා හානි කළ හැකිය.

5. අංගම් ශාස්ත්‍රය ආත්මාරක්ෂාව සඳහා යොදා ගැනීමට අවසර ඇත්තේ එයින් තමන්ගේ රටට, ජාතියට හා ආගමට මෙන්ම ශාස්ත්‍රයටද හානියක් නොවන්නේ නම් පමණි. නමුත් පුද්ගලානුබන්ධ සටනක් ඇරඹීමට සාමාන්‍යයෙන් අවසර නැත.

Anonymous said...

රිදී කස්තානය,නයිපෙන කඩුව යනු එතුණු කඩුවමද?

අංගම්පොඩි said...

නැත. එතුණු කඩුව යනු තල 32ක් දක්වා ඇති මිනිස් උසට වඩා වැඩි දිගකින් යුතු නම්‍යශීලී තල සහිත සමූලඝාතක ආයුධයකි. රිදී කස්තානය යනු නුවර යුගයේදී රජයේ ඉහළ තනතුරු හෙබවූ නිලමේවරු, මොහොට්ටාලවරු, මුදියන්සේලා ආදීන් උත්සව අවස්ථාවලට තම ඇඳුමට ආයිත්තමක් ලෙස භාවිතා කළ යුද්ධයට භාවිතා කළ නොහැකි රිදියෙන් සෑදූ නිල කඩු විශේෂයකි. නයිපෙන කඩුව යනු පහළ ස්ථරයේ සෙබලුන් යුද්ධයට භාවිතා කළ සාමාන්‍ය කඩුවකි.

Anonymous said...

ඕනෑම සටන් ශාස්ත්‍රයක ආයුධ වර්ගීකරණ කාණ්ඩ තිබිය හැක. කුන්තායුධය යනු කුමක්ද? 'ඕම් කාරය' සිතට නැගීමෙන් පසු තමාගේ නිද්‍රෝපගත කුණ්ඩාලිනී ශක්තිය අවධි කළ හැකියි.එය ඉන්දීය යෝග ශාස්ත්‍රයට පමණක් සීමාවූවක් නොවේ.මාගේ දැනුමට අනුව ඌරා වළෙහි කරනු ලබන සටන් බොහෝවිට අවසන් වන්නේ එක් අයෙකු මරණයට පත්වීම/ අඩපණවීම/ පරාජය භාරගැනීම/ මාරක ගැටයක් මඟින් එකෙකු ග්‍රහණය කරගැනීම යන කරුණුවලට අනුව වේ. ඊරි කොලස යනු තමන් උගත් පසු තවත් එක් අයෙකුට පමණක් ඉගැන්විය හැකි අතිමාරාන්තික නිල ශාස්ත්‍රයකි.එමඟින් ලේ වමනය කරවීමට පවා පහරදිය හැක.විදුලි වේගයෙන් රිටි කරකැවීම,ගින්දර සමඟ සටන් කිරීම ආදිය නරඹන්නට පවා විශ්මයජනකය.මෙවන් වූ සටන් කලාවක් අපට ඉගෙනීමට නොලැබීම අප සතු අභාග්‍යකි.

Anonymous said...

දැනට නුවර දළදා මාළිගාවේ වෙසෙන නිලමේවරුන්,මොහොට්ටාලලා,හේවිසි වයන්නන්,දවුල් තම්මැට්ටම් කරුවන්,වෙස් නැට්ටුවන් අතරද නිවැරදි අ~ගම් ශාස්ත්‍රය තවමත් නිරුපද්‍රිතව පවතින බව අපට සිතිය හැකියි.එමෙන්ම මේ ලක්බිමෙහි පොළොන්නරුව,කුරුණෑගල,මහනුවර ආදී ප්‍රදේශවල නිවැරදි අ~ගම් ශිල්පීන් අප්‍රකටව සහ රහසිගතව වෙසෙන බවට තොරතුරු පවතිවා.ඔවුන්ගේ රහසිගතභාවය ආරක්ෂාකිරීමට සිදුවී ඇති බැවින් වැඩියමක් නම් මට පවසන්න බැහැ,සමාවෙන්න.නමුත් ඔවුන් සමාජයේ ජීවතුන් අතර සිටින සාමාන්‍ය පරිදි තමතමන්ගේ ජීවන කටයුතු කටගෙන යන පිරිසක් බවනම් මට කිවහැක.ඔබට තෙරුවන් සරණයි!

Anonymous said...

කොරතොට ගමෙහිද විවිධ පරම්පරාවන් අතරද මේ ශාස්ත්‍රය තවමත් නොනැසී පවතින බව අපට විශ්වාස කළ හැකියි.

Anonymous said...

සරණපාල මාස්ටර් අංගම්පොර ගුරුතුමකු නොවේද?



sameera

අංගම්පොඩි said...

සරණපාල යනුද කරුණාපාලලාගේම කාලයේ තවත් චීනඩි කාරයෙකි. ඊයේ පෙරේදා අංගම්පොර වී දැන් දැන් බණ්ඩාර හා කරුණාපාලගේ පරණ ගෝලයන් සමඟ වැඩ කරන චීනඩි අංගම්පොරවලට හරවාගත් තවත් එක් අංගම් චෞරයෙකි.

Anonymous said...

ආයුබෝවන් ඔබතුමාට !

පසුගිය සති කිහිපය තුල ඔබෙන් යමක් දැනගැනීමට නොහැකිවූ නිසා මේ මොහොතේදී මට හදිසියේ පැනනැගුණ ප්‍රශ්න කිහිපයක් ඔබ වෙතට ඉදිරිපත් කිරීමට කැමතියි.
1.ගින්දර සමඟ සටන් කිරීමට පුරුදුපුහුණුවීම මෙම ශාස්ත්‍රය තුල දක්නට ලැබෙන මූලික කොටසක්ද?
2.ඉලුක්කොළ කඩු හරඹය යනු කුමක්දැයි පහදාදෙන්න.
3.අන්ගම් ශාස්ත්‍රයේ දක්නට ලැබෙන කුණ්ඩාලිනී යෝග අභ්‍යාසයන් ඉන්දීය යෝග ශාස්ත්‍රයේ ඇති චක්‍ර භාවනා,ප්‍රාණයාම ආදියට කිසියම් සමීප බවක් දක්වයිද?

(මෙයට ඉක්මනින් පිලිතුරක් ලබාදෙන්න )

ඔබට ජයවේවා !

තෙරුවන් සරණයි !

හරිඳු සේනාරත්න

අංගම්පොඩි said...

1. ගින්දර තුළින් ගමන් කිරීමට මන්ත්‍ර භාවිතය ආදිය තිබේ. නමුත් එය ගින්දර සමඟ සටන්කිරීමක් නොව ගිනි ආශ්‍රිත ස්ථානයක සටන් කිරීමේදී සටන් උපක්‍රම පුහුණුවීම ලෙස සැලකිය හැකිය. නමුත් මේවා මූලිකාංග නොවේ.

2. ඉලුක්කොලේ කඩුව භාවිතයෙන් කරන හරඹයක් එලෙස හැඳින්විය හැකිය.

3. ඉන්දියානු යෝගා හා අංගම් ශාස්ත්‍රය තුළ භාවිතා වන යෝගාවල යම් යම් සමානකම් තිබෙනවා. එයට හේතුව වන්නේ යෝගා ශාස්ත්‍රය බිහිකරනුයේ යක්ෂ ගෝත්‍රිකයන් වීමයි. නමුත් දැනට ඉන්දියානු යෝගා හා අප සටන් ශාස්ත්‍රය තුළ ඇති යෝගා ක්‍රමය අතර පැහැදිලිව පෙන්වාදියහැකි වෙනස්කම් පවතී.

Anonymous said...

අ~ගම්පොර ගැට සහ චීනඩි ගැටක්‍රම අතර යම්යම් සමානකම් පැවතිය හැක.අද අ~ගම්පොර යැයි කියාගන්නා බොහෝදෙනෙක් අ~ගම්පොරවලට සමීපයෙන් යන චීනඩි කොටස් කිහිපයක් උගන්වා තම බඩවියත රැකගැනීමට හුරුවී සිටිති.අ~ගම් ශිල්පීන් යනු කිසියම් යක්ෂ ගෝත්‍රික සම්භවයක් ඇති පිරිසක් නොවේද? එමෙනම් එය හඳුනාගැනීමට සාමාන්‍ය මිනිසුන්ට නොහැක්කේ මන්ද?

අංගම්පොඩි said...

ඔබගේ අදහස නිවැරදියි. අංගම් ශාස්ත්‍රය තුළ ඇති මූලික ගැට කිහිපයක් ඉන්දියා කලරි පයාට්ටු, චීනඩි, මලයාලම් සටන් ක්‍රම, මූයි තායි, බොක්ටාර් වැනි සටන් ක්‍රම තුළ බැලූ බැල්මට සමානකම් ඇත. නමුත් ගැට ක්‍රම තුල ඇති නිල ඇල්ලීම සමාන නැත. එම නිසාවෙන්ම මලයාලම් හා චීනඩි මෙන්ම කලරි යම් ප්‍රමාණයකට උගත් අය අද ලංකාවේ අංගම්පොර ශිල්පීන් ලෙස පෙනී සිටියි. අංගම් ශාස්ත්‍රය යක්ෂ ගෝත්‍රිකයන් අතර නිර්මිත වූවක් වන අතර එය අදටත් යක්ෂ ගෝත්‍රිකයන් රහසිගතව පවත්වාගෙන එයි. යක්ෂ ගෝත්‍රික පරම්පරාවලට උරුමකම් කියන අය දේහලක්ෂණවලින් හඳුනාගත හැකිය. එයට දේහධර්ම විද්‍යාව හොඳින් ප්‍රගුණ කර තිබිය යුතුය.

Anonymous said...

ආයුබෝවේවා !

පහත ප්‍රශ්නවලටද පිළිතුරු සපයන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

1.පිණුම් පහරවල් ලෙස හැඳින්වෙනුයේ කුමක්ද?
2.මර්ම අඩි යනු අන්ගම් ශාස්ත්‍රයෙහි ඉගැන්වෙන නිල තෙරපුම් විශේෂයක්ද?
3.එක්වර කිහිපදෙනා ග්‍රහණය කර යොදන ගැටක්‍රම අන්ගම් ශාස්ත්‍රයේ පවතීද?
4.ඕනෑම දුර්වල කෙනෙකු ශක්තිවන්තයෙකු කිරීමට අන්ගම්පොරවලට හැකිබව මා අසා ඇත.නමුන් දුර්වල කෙනෙකුට තම ශරීර ශක්තිය භාවිතයෙන් ශක්තිවන්තයෙකු සමඟ සටන් කිරීමට අදාළ උපක්‍රම ආදිය අන්ගම් ශාස්ත්‍රයෙහි ඉගැන්වේද?
5.වර්තමාන මල්ලවපොර සටන්ක්‍රමය හා අන්ගම් ගුස්ති ශාස්ත්‍රය යනු එකක්ද නැත්නම් දෙකක්ද?
6.ඉලන්ගක්කරුවන්ට සමුරාසිවරුන් සමඟ සටනක් කොට ජයගත හැකිද? ඉලන්ගක්කරුවන් යනු සුවිශේෂී මන්ත්‍ර භාවිතයෙන් තම සතුරා මර්දනය කරගන්නා පිරිසක්ද?

හරිඳු සේනාරත්න

Anonymous said...

අන්ගම් ශාස්ත්‍රයේ භාවිතා වන රිටි,මුගුරු ආදිය සෑදීමට ගනු ලබන ද්‍රව්‍ය පිළිබඳව යමක් දැනගැනීමට කැමතියි.

Anonymous said...

පොලු අට කැඩීම යනු කුමක්ද?

අංගම්පොඩි said...

265 ට පිළිතුර

1. පිණුම් පහරවල් යනු පිණුමක් භාවිතයෙන් කරනු ලබන පහර දීම්ය.

2. මර්ම නිල යනුවෙන් යමක් පමණක් අංගම් ශාස්ත්‍රයේ ඇත. මර්ම අඩි යනු මාගේ දැනුම නිවැරදි නම් ඉන්දියානු සටන් ක්‍රමවේදයකි.

3. එකවර කිහිපදෙනෙකුට යොදන ගැට පවතිනවා. නමුත් ඒ බොහෝමයක් සටන් උපක්‍රමය. මූලික ගැටතුළ මේවා නැත. දියුණු ගැටක්‍රමතුළ පමණක් ඇත.

4. ශරීරය දුර්වල අයෙකු ශක්තිමත් අයෙකු කිරීමට උපක්‍රම හෙළ වෙදකම ආශ්‍රයෙන් සිදු කෙරෙනවා. නමුත් ශරීරයෙන් දුර්වල කෙනෙකුට සටන් ශාස්ත්‍රය උගන්වීම කරන්නේ නැහැ. ඔවුව ශක්තිමත් අයෙකු කිරීම සිදුකිරීම අනිවාර්යයි. එය එසේ වුවද තම ශරීරය දුර්ව වූ අවස්ථාවක නිල සටන් උපක්‍රම භාවිතයෙන් ශක්තිවන්තයෙකු වුවද දමනය කළ හැකි උපක්‍රය සටන් ශාස්ත්‍රය තුළ පවතී.

5. වර්තමාන මල්ලවපොර යනු අප සටන් ශාස්ත්‍රයේ පොරහරඹ නම් කොටස අපේ එක් ගුරුවරයෙකුව ඉතාලියට ගෙන ගොස් ඔහුගෙන් ගත් සටන් කොටස් ගෙන සෑදු එකකි. එමනිසාවෙන්ම අප පොරහරඹ උපක්‍රම වර්තමාන මල්ලවපොරවල පවතී. නමුත් සියල්ලක්ම නැත. මූලික කොටස් කිහිපයක් පමණි.

6. ඉලංගක්කාරයින් යනු අවම තරමින් සටන් ශාස්ත්‍රයේ 1/3ක් වත් උගත් අය ගෙන විශේෂ ඉලංගක්කාර පුහුණුව දී සාදා ගන්නා පිරිසකි. ඔවුන්ට ලොව ඕනෑම සටන් ක්‍රමයක් හැදෑරූ අයෙකු සමඟ සටන් කොට ජයගත හැකිය. ඔවුන් සතුව මන්ත්‍රද තිබුණද එවන් මායා අංගම් කොටස් භාවිතා කරන්නේ බැරිම අවස්ථාවකදී පමණි.

අංගම්පොඩි said...

266 ට පිළිතුර

රිටි මුගුරු ආදිය සකසන මූලද්‍රව්‍ය පැවසීම ශාස්ත්‍රීය දිවුරුම් කඩ කිරීමකි. එමනිසා එවන් තොරතුරු මෙම වෙබ් අඩවියෙන් බලාපොරොත්තු නොවන්න.

267 ට පිළිතුර

පොලු අට කැඩීම යනු කිතුල් පොලු අටක් එකට තබා බැඳ පයින් ගසා කැඩීමයි. මෙය සටන් හැකියාව උරගා බැලීමට වාහල ඉලංගම් හරඹ ලෙස භාවිතා වූ ඒවාය.

Anonymous said...

පිලිතුරට බොහෝම ස්තූතියි!

රණශූර ඉලන්ගක්කාරයන් හට සටන් ශාස්ත්‍රයේ 1/3ක් හෙවත් අඩවි 7ක් ඉගෙනගත් පමණින් ලොව ඕනෑම කෙනෙකු සමඟ සටන්කොට ජයගත හැකිනම් ඔවුන් කෙතරම් විස්මයජනකද? මෙම ජීවිත කාලයේ කෙදිනක හෝ එම විස්මිත සටන්කරුවන් දැකගැනීමේ අවස්ථාවක් මට ලැබෙම්වා යැයි පතමි.

මේ මොහොතේදී විමසිය යුතු තවත් ගැටලු කිහිපයක්ද ඇත.

1.ගරිල්ලා සටන්කරුවන් පුහුණුවන ස්ථාන කවර නමකින් හැඳින්වේද?
2.වනගතව හා ඒ ආශ්‍රිතව පුහුණුකරවන සටන් අභ්‍යාසයන් අන්ගම් ශාස්ත්‍රයේ පවතින බව එක් පොතක තිබිණි.එය සම්බන්ධව ඔබතුමාගේ මතය කුමක්දැයි දැනගැනීමට කැමතියි.
3.ඉලන්ගක්කාරයින්ටත් වඩා ප්‍රබල සටන්ශිල්පීන් පිරිසක් ලෙස මායා අන්ගම් ශිල්පීන් හඳුනාගැනීම නිවැරදිද?
4.අන්ගම් ශිල්පීන් හට වූෂු,කුන්ෆු,ජූඩෝ,නින්ජා,කලරිපයාට්ටු වැනි සටන් ක්‍රම සමඟ ගැටිය හැකිද? එසේ සටන් කර ජයගත් බවට වර්තමාන සාක්ෂි තිබේද?
5.කාර්මික විප්ලවය,ගෝලීයකරණය,තාක්ෂණීකරණය වැනි හේතූන් මත අද ලෝකය වේගයෙන් දියුණුවන බව මා උගෙන ඇත.එම නිසා අන්ගම් ශාස්ත්‍රයද තව තව දියුණු තත්වයකට පත්කිරීමට හා එයට නව දියුණු සටන්ක්‍රමයන් එක්කිරීම ඔබලාට කළ නොහැකිද?
6.2014 දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගීවූ අන්ගම් ශිල්පීන් ගැන ඔබට යමක් කිවහැකිද?

හරිඳු සේනාරත්න

ඔබට ජය !

අංගම්පොඩි said...

1. ගරිල්ලා සටන් පුහුණු වීමටද මූලික හරඹ සඳහා අංගම් මඩුවම භාවිතා වුවද වැඩිදුර කොටස් සඳහා ගිරිශිඛරයක් වැනි ස්ථානයක් යොදා ගනියි. ඒ මිසක විශේෂිත ගරිල්ලා සටන් පුහුණු කරන ස්ථානයක් කියා යමක් නැත.

2. අංගම් ශාස්ත්‍රය වනගතව පුහුණු වන්නක් නොවේ. එය අංගම් මඩුවක් තුළ කෙරෙන පුහුණුවකි. වනගතව පුහුණුවීම් තිබුණද ඒවා ශාස්ත්‍රයේ එක් එක් අවස්ථාවන්හිදී කරනු බලන සටන් හැකියා උරගා බැලීම් ආදියට සීමා වෙයි. වනගතව පුහුණුවන සටන් ක්‍රමයක් ලෙස අංගම්පොර හඳුන්වනුයේ රිටිගල සුමේධ නම් කලාරි සටන් හා වූෂූ මිශ්‍රකරගෙන උගන්වන අංගම් චෞරයාය. ඒවා කතාන්දර පමණක් බව සැලකිය යුතුයි.

3. ඉලංගක්කාරයින් හා මායා අංගක්කරුවන් කියා දෙකොටසක් නැත. අංගක්කරායින්ගෙන් තොර ඉලංගක්කාරයින්ද නොමැත. ඉලංගක්කාරයින් යනු අංගම්, ඉලංගම් හා මායා අංගං යන ක්‍රමවේද තුනම දන්නා අංගක්කරුවන්මය.

4. අප සටන් ශිල්පීන් වෙනත් සටන් ශිල්පීන් හා සටන් කොට ජයගත් අවස්ථා ඉතිහාසගත සාක්ෂි අපමණ ඇත. වර්තමාන සාධක නැත. එයට හේතුව වන්නේ වර්තමානයේ මෙම සටන් කලාව රහසිගතව පැවතීමයි. නමුත් වෙනත් සටන් ශිල්පීන් සමඟ සටන් කළ ජයගත හැකිය යන්න අංගම් ශාස්ත්‍රයට ඉතාමත් කුඩා දෙයකි.

5. අංගම් ශාස්ත්‍රය තවදුරටත් දියුණු කළ හැකි යයි යමෙකු සිතන්නේ අංගම් ශාස්ත්‍රය ගැන ඇති අනවබෝධය නිසාය. බුදු දහම තුන් කාලයටම අදාල වන්නා සේම අංගම් ශාස්ත්‍රයද තුන්කාලයටම ගැලපෙයි. එයට හේතුව වන්නේ මෙම ශාස්ත්‍ර දෙකම දියුණු ශාස්ත්‍රයන් නිසාය. දියුණු ශාස්ත්‍රයක් තවදුරටත් දියුණු කිරීමට අවශ්‍ය නැත. නොදියුණු ශාස්ත්‍රයන් පමණක් එසේ කළ යුතු බව දැනගත යුතුය. කාර්මික විප්ලවය, ගෝලීයකරණය, තාක්ෂණීකරණය ආදිය හුදු වචන පමණකි. හරයෙන් ඕවා තුළ කිසිවක් නැත.

6. දැයට කිරුළ වැන දේශපාලන ප්‍රවාහයන්ට යන අය ගැන නම් අප දන්නේ නැත. දැයට කිරුළට ගිය පිරිස කවුදැයි අප නොදනිමු.

Anonymous said...

විවිධ කුණ්ඩාලිනී ධ්‍යානයන්ට සමවැදී සිදුකරන සටන් අංගංපොර ශිල්පයේ පවතීද?

Anonymous said...

අංගංපොර ඉතිහාසය විකෘතිකරන තවත් එක් ආකාරයක චෞරයෙක් ලෙස පිළියන්දල සුසන්ත නැමැත්තා සඳහන් කළ හැක.හැකිනම් ඔහුගේ නමත් මෙම ලැයිස්තුවට එකතු කරන්න.

Anonymous said...

ආයුබෝවන් අන්ගම්පොඩි තුමනි !

පසුගිය දින කිහිපය තුල පාසල් විභාග කටයුතු ආදිය තිබුණ බැවින් ඔබගෙන් යමක් විමසීමට නොහැකි විය.මේ මොහොතේදී විශේෂයෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක්ම ඇත.දිගින් දිගටම ප්‍රශ්න පමණක් ඇසීම ගැන තරහනොවන ලෙස ඉල්ලාසිටිමි.

1.සටන් ශාස්ත්‍රයේ තිබෙන අනිවාර්ය කොටහක් ලෙස කුල ක්‍රමය බොහෝ පොත්වල හඳුන්වා තිබිණි.කුල 18 ක් පැවති බවද හොඳින් දනිමි.කුල ක්‍රමයේ ආරම්භය කුමක්ද? එය මිහිඳු මහරහත් තෙරුන් විසින් හඳුන්වාදෙන ලද්දක් නොවේද?
2.එකවර ප්‍රතිවාදීන් කිහිපදෙනෙකු සමඟ සිදුකරන සටන් අන්ගම් ශිල්පයේ පවතීද?
3.දේශීය යෝගක්‍රමයේ ආරම්භය ගැන යම් දෙයක් දැනගන්න කැමතියිමි.
4.මායා අන්ගම් සහ මන්ත්‍ර ශාස්ත්‍රය යනු දෙකක්ද නැතහොත් ඒ දෙකම එක සමානද? තාලම්,පිල්ලි වැනි දෑ අතීතයේ ක්‍රම 32ක් තිබූ බව පුවත්පතක තිබිණි.
5.අන්ගම් ශිල්පියෙකු හට ගිනි අවි භාවිතය දිවුරුම් දීම් මඟින් තහනම් කොට තිබේද?
6.පෙර පුහුණුවීම් සිදුකර පවත්වන සන්දර්ශන අන්ගම් හටනේ සන්දර්ශන ලෙස පිළිගත හැකිද? ශාස්ත්‍රයේ රහසිගතභාවය මෙම සන්දර්ශන තුලින් නැතිවෙනවා නේද?
7.දඹානේ සිටින වැදි ජනයා සහ යක්ෂ ගෝත්‍රිකයින් අතර සබඳතාවයක් ඇත්ද?
8.රාම-රාවණා යුදයේදී පරාජය වුණ රාවණා රජුගේ සිරුර අදටත් මහකුඩුගල ගිරිශිඛරයේ තිබේද?
9.කඩු හතරේ හරඹය යනුවෙන් හැඳින්වෙන යමක් අන්ගම් ශිල්පයේ භාවිතා වේද?

ඔබගේ කටයුතුවලට බාධාවක් නොවේ නම් හැකි ඉක්මනින් පිළිතුරු දෙන්න.

හරිඳු සේනාරත්න

Anonymous said...

මහත්තයෝ,
එතකොට මට දැනගන්ට පුලුවන්ද රණ රාවණා රජතුමා සැබැවින්ම ශ්‍රී ලාකිකයෙක්ද කියලා,ජනප්‍රවාදවල තියෙන්නේ ඉන්දියාවේ උපන්නයි කියලනෙ.විශ්‍රවාස කියන්නේත්
අංගංපොර දන්න කෙනෙක්ද එතකොට.

Anonymous said...

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අන්ගම්පොඩිතුමාට !!!

මම ඔබට කලින් ඉදිරිපත් කළ ප්‍රශ්න 9 ට පිළිතුරු ලබාදෙන මෙන් කාරුණිකවම සහ ආයාචනාත්මකව ඉල්ලාසිටිමි.අවුරුදු කාලේ නිසා අන්ගම්පොර සන්දර්ශනයක් දැකබලාගැනීමට මටද ආසාවක් ඇත.ඒ ආසාව කෙසේ හෝ ඉටුකරගත යුතුය.

ලැබුවාවූ නව වසර සාමයෙන්,සතුටින්,සෞභාග්‍යයෙන් පිරී ඉතිරී යත්වා !

හරිඳු සේනාරත්න

Anonymous said...

කලරි කියන්නෙ අංගංපොර ඉන්දියාවට ගිය කොටසක්ද? එම සටන් ක්‍රම දෙකෙහි වෙනස පහදාදෙන්න.

Anonymous said...

ඉලන්ගක්කාර සටන්ක්‍රම යනු යුද්ධයට පමණක් භාවිතා වුණ සරල ඉතා කෙටි කලකින් පහසුවෙන් ප්‍රගුණ කළ හැකි සටන්ක්‍රම කොටසක් නොවේද?

Anonymous said...

අංගම් පිඹීම යනු කුමක්ද?

Anonymous said...

මෙම සටන්ක්‍රමය තුල මරු නිල 108 ක් තිබේ නම් එය අතිශයින් විස්මයජනකය.එසේනම් දක්ෂ අංගම් සටන්කරුවෙකුට මරුනිල භාවිතයෙන් අලියෙකු වුවද මරාදැමිය හැකි බව පුදුමසහගත නොවේ.කලාරි සටන් කලාවෙත් මෙවැනි නිල ශාස්ත්‍රයක් ඇත.ගල් කැටයක් මතුරා එයින් සතුරාගේ නිලස්ථානයකට පහරදීමෙන් සතුරා සිහිසුන්ව බිමඇදවැටීමට සැලැස්වීමට ඔවුනට හැකිය. එය එතරම් පුදුමසහගත නම් අංගම් සටන් කලාවේ ඉගැන්වෙන නිල ශාස්ත්‍රය කෙතරම් ප්‍රබල ඇත්ද? ඇයි ඒ උදවිය ප්‍රසිද්ධියට නො එන්නේ? කරුණාකර මට ගැටලුව විසඳාදෙන්න.

Anonymous said...

අරමුණ අපැහැදිලි බ්ලොග් පිටුවක්.
-මිගිදුරුපුබා-

Anonymous said...

සිංහල ජාතිය බුද්ධාගම විනාස කරන්නට සැලසුම් කරන දැනටත් ක්‍රියාත්මක වන ක්‍රිස්තියනි හ මුස්ලිම් කන්ඩායම් රට පුරා විසිරී ඉන්නවා සහ ඒවා ඔප්පු වී තිබෙනවා

ඔබලා ඒ ගැන දන්නව කියා සිතනවා ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවායයි සිතමි
රට ජතිය ආගම ආරක්ශා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

බුදුසරනයි........

Anonymous said...

මම නම් අංගම්පොර ගැන කිසිදෙයක් දන්නේ නෑ ඒත් මම ඉන්න ගමේ නම අංගම්පිටිය (පාදුක්ක ආසන්නයේ පිහිටා ඇත). මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි, අපේ සිංහලයෝ කළු සුද්දෝ වෙලා ඉවරයි නැවත රජවරු බිහිවෙන්නේ නැහැ. ඒත් අපේ ඉතිහාසයට ගරු කරන සිංහලයෝ තාම ඉන්නවා ඒත් ඒ අය මේවා දන්නෙ නෑ. කොහොම හරි මේ ශ්‍රාස්ත්‍රය ශුද්ධ කරගෙන නැවත මේ රට තුල ව්‍යාප්ත වෙන්න ඕනෙ. මේවා පරම්පරාවෙන් පරම්පරාවට අතීතයේ ඉඳන් මේ වෙනකොට ආවත් දැන් මේක ඕනේ සිංහල කමට බෞද්ධ කමට ගරු කරන අවංක සිංහලයන්ට. තමන්ගේ පරම්පරාවට පමණක් තියාගන්නෙ නැතුව අලුත් පරම්පරා වලටත් මේක ව්‍යාප්ත කරන්න එතකොට අංගම්පොර කලාවත් ආරක්ෂා වේවි, සිංහලයත් ආරක්ෂා වේවි, බුදු දහමත් ආරක්ෂා වේවි. දැන් ලංකාවේ සිංහල බෞද්ධයෝ ඉන්නේ 69% ඒ ඉන්න ටිකවත් ආරක්ෂා කරගන්න සියළු අංගම් ගුරුවරුන්ට ප්‍රඥාව පහල වේවා......

එකමුතු කම නැති හින්දයි සිංහලා නැසෙන්නේ,
මානය අඩු කර ගත්තොත් එකමුතු කම සැදෙන්නේ,
තවමත් සිංහල අප හට මේ හෙළබිම තිබෙන්නේ,
පමා නොවී රකිනු පුතේ මෙයයි අපට තියෙන්නේ.

බුදු සරණයි....

«Oldest ‹Older   201 – 283 of 283   Newer› Newest»