අංගම් හොරු

අංගම් හොරු යනු...
Angampora

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නොවීය. එය රට, ජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ‍‍ගරු ගාම්භිර වූ පූජිත සම්ප්‍රදායකි. මෙය අද්‍යතනය වන තෙක්ම ඉතාමත් රහසිගතව පරදේශක්කාර‍යින්ගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට භාජනය වෙමින් පාරම්පරිකව ආරක්ෂා කර ගෙන පැමිණි අතර ඉතාමත් රහසිගත මට්ටමේ පැවතුනකි. මෑත කාලීන දඬුබස්නාමානය (අංගම්පොර සටන් ශිල්පය ගැන කියවෙන්නක් වුවද අංගම්පොර සටන් ශිල්පය භාවිතා නොවෙන ටෙලි නාට්‍යයකි) වැනි ටෙලි නිර්මාණ නිසා මේ රටේ අංගම්පොර ශිල්පය පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ය. නමුත් එයින් සැබෑ අංගම්පොර ශිල්පයට හෝ ශිල්පීන්ට වූ සුගතියක් නැත. එයින් සැබෑවටම සිදුවන්නේ මුදල් වෙනුවෙන් තම මාපියන් වුවද විකුණන, දකුණු ඉන්දියානු දෙමළ සටන් ශිල්ප හදාරන ලද්දවුන් කිහිපදෙනෙක් ඔවුන් අංගම්පොර ශිල්පීන් ලෙස ඉදිරිපත්වී, රූපවාහිණී හා වෙනත් මාධ්‍ය දඩයමක් සිදුකරමින් තම බඩවියත රැක ගැනීමට පටන් ගැනීම පමණි.


අංගම් හොරු හඳුනාගන්නේ කෙසේද?

අද සමාජයට තිබෙන බරපතල ගැටළුවක් වන්නේ මෙම අංගම්පොර ශිල්පීන් යයි කියා ගන්නා පුද්ගලයන් අතුරෙන් සැබෑ අංගම්පොර ශිල්පියා හදුනා ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා පහත සඳහන් කරුණු ලක්ෂණ මතින් සමාජයට තීරණය කළ හැකි යයි අප විශ්වාස කරමු.


සැ.යු.
මෙම කරුණු වලට අමතරව වෙනත් කරුණු තිබේනම් ඒවා අප වෙත ඉදිරිපත් කිරීමට මෙම ක්ෂේත්‍රය සම්බන්ධව විදග්ධ පරීක්ෂණයන් කළ අයට හෝ සාම්ප්‍රධායික ශිල්පීන්ට අප අවස්ථාව ලබා දෙන්නෙමු. විරෝධතා ද ඉවසනු ලැබේ.

  • සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වර, නම්බුනාම, හා ඉතිහාස කෘතිවලින් (මහාවංශය, රාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි නොමැති වීම
  • සිංහල බෙෘද්ධයින් හැර වෙනත් අයට මෙම ශාස්ත්‍රය ඉගැන්වීම හා වේලාපත්කඩ පරීක්ෂණයක් සිදු නොකිරීම
  • සමාජ සම්මත පහත් කුලවලින් පැවත එන පරම්පරාවක් වීම (එවන් පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)
  • වෙනත් සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ කිර තිබීම
  • ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානය නොමැතිවීම, පැරණි පොත පත අධ්‍යනය නොකිරීම, සිංහල භාෂා ඥානය නොමැතිවීම, පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අනවබෝධය ආදි ලක්ෂණ
  • පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු නොවීම
  • අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම
  • රට, ජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් නොපැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීමට බිය වීම හෝ එසේ කිරීමේ ආකල්පමය දැක්මක් නොමැතිවීම
  • හෙළ (යක්ෂ, දේව, නාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම නොවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන  නමුත් මනා පෙෘර්ෂයක් නොමැතිවීම, සෘජුව කතා කිරීම නොකිරීම (දැඩි අවස්ථාවාදී වීම), මනා හික්මීමක් නොතිබීම, හරක්මස් අනුභව කිරීම, පන්සිල් ආරක්ෂා නොකිරීම, තේජාන්විත ලීලාවක් සතු නොවීම වැනි ලක්ෂණ
    සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ
  • මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස සැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස නොසැලකීම
  • පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා දීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් වීම
  • මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම
  • වෙනත් සාම්ප්‍රදායික (ඉන්දීය, ද්‍රවිඩ, චීන) ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ආයිත්තම්, සංගීත භාණ්ඩ, ආයුධ ආදිය භාවිතා කිරීම