හඳුනාගත් අංගම්හොරු

මෙහි සඳහන් කරනු ලබන පුද්ගලයින් සම්බන්ධව කරනු ලබන ප්‍රකාශ ඉතාමත් වගකීමෙන් සිදුකරනු ලබන අතර ඕනෑම විරෝධතාවකට මෙම බ්ලොග්කරණය සූදානම් බව දන්වනු ලබන අතර මෙම කිසිඳු පුද්ගලයෙකු සමඟ අපහට කිසිඳු ආකාරයක පෞද්ගලික ගැටුමක් නොමැති බව රාවණා දෙවියන්ගේ නාමයෙන් ප්‍රකාශ කරන්නෙමු.  එසේම මෙහි පළවන සියලුම කරුණු දැනට හුදෙක් සාධාරණ සැකයක් පමණක් ඉදිරිපත් නොකරණ අතර අප සතුව ප්‍රමාණවත් සාක්ෂි සතු වන බව කිය යුතු අතර යමෙකුට හෝ ඔහුගේ අනුගාමිකයෙකුට තමා හෝ තම ගුරුවරයා එසේ නොවන බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මෙම බ්ලොගය අවස්ථාව ඇති බව දන්වා සිටිමු. එසේම මෙම හෙලි කිරීම් සිදු කරනු ලබන්නේ අති උතුම් අංගම්පොර ශාස්ත්‍රය අංගම් හොරුන්ගෙන් බේරාගෙන ශාස්ත්‍රීය පාරිශුද්ධිය පසක් කිරීම උදෙසා බව තේරුම් ගන්නා ලෙස මෙම බ්ලොගයේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. මෙයින් යම් අයෙකුට යම් අපහසුතාවක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව අපගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරමු. ඔබට යම් අදහසක් හෝ විවේචනයක් තිබේනම් ඒවා මෙතනින්  ඉදිරිපත් කරන්න

දැනට අප හදුනාගත් අංගම් හොරු ලෙස සැක කරන අය...


  • ජී කරුණාපාල
‍කරුණාපාල යනු ලංකාවේ ප්‍රකට චීනඩි ගුරැවරැන් කිහිප දෙනෙකුගෙන් චීනඩි ශිල්පය හැදෑරැවෙකි. ඒ අතර බැද්දගනාගේ සුගතං, කෝට්ටේ ජුලියස් පෙරේරා, ප්‍රධාන වේ.  අපගේ පර්යේෂණයට අනුව කිසිඳු දේශීය සටන් පෙළපතකට සම්බන්ධකම් නොමැත්තෙකි. මොහු අංගම්පොර නමින් භාවිතා කරනුයේ පැරණි චීනඩි ශිල්පයයි. කෝට්ටේ ජුලියස් පෙරේරා නම් චීනඩි ගුරුවරයා සුගතං සිංඥෝ නමින්ද හැඳින්වූ බව අපගේ පර්යේෂණ‍යකින් පසුව හෙලි විය.

  • සුමේධ ලාල් දොඩම්ගොඩ
‍‍අනුරාධපුර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වුෂූ ගුරුවරයෙකි. ඉන්දියාවට ගොස් ඉන්දියාවේ වඩගාර් ප්‍රදේශයේ කලරි පයාට්ටු නම් දෙමළ සටන් ශාස්ත්‍රය හැදෑරුකි. අදටද ඉන්දියාවට නිතර යන එන අතර ඒ යනුයේ සටන් පුහුණු වීම් සඳහා ය. චීන සටන් ක්‍රම සහ ඉන්දියානු සටන් ක්‍රම මිශ්‍ර කරගත් සටන් ශාස්ත්‍රයක් අංගම් පොර නමින් හඳුන්වයි.

  • අජන්ත පෙරේරා
තරුණයෙකි. අංගම් වැනි පුළුල් ශාස්ත්‍රයක් හැදෑරීමට ප්‍රමාණවත් වයසක් නොමැත්තෙකි. මහන්තාරච්චි නැමති වාසගම්  ඇති මොහු කොරතොටආරච්චි නම් පැරණි අංගම්පොර පරම්පරාවෙන් පැවත එන්නෙකු ලෙස තමාව හදුන්වන්නෙකි.
(මෙම ගුරුවරයා සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් සිටිමු. මොහුට කර ඇති චෝදනා සම්බන්ධව විරෝධතා තිබේ නම් ඒවා fakeangampora@gmail.com යන ඊමේල් ලිපිනයට ඊමේල් කරන ලෙස ඉල්ලා සිටිමු. ඔහුගේ අනුගාමිකයෙක් ඉදිරිපත් වන්නේ නම් මැනවි. රාජාවලියේ සඳහන් කොරතොටආරච්චිවරුන්ගෙන් පැවත එන්නෙක් දැයි ඔප්පු කිරීමට හැකි නම් මොහුගේ පෞද්ගලික විස්තර ඉදිරිපත් කරන්න. චෝදනා තිබේනම් ඒවා ප්‍රබුද්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඉදිරිපත් කරන චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය. පදනම් විරහිත මඩ ප්‍රහාර නොසලකා හරිනු ලැබේ. එසේම චෝදනාව ඉදිරිපත් කරන්නේ කවරෙකුද යන්න හැකි අයුරින් ප්‍රකාශ කරන්න.
අජන්ත පෙරේරා සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න  
  • ග්‍රෙෂන් ප්‍රනාන්දු
ඉන්දියාවෙන් පැමිණි කුමාරස්වාමී නම් පූජකයාගෙන් තම පියා උගත් කලරි සටන් හැදෑරුවෙකි. පසුකාලීනව ඊට චීනඩි සටන් ක්‍රමය ද ඉගෙන මේ සියල්ලේ එකතුව අංගම්පොර නමින් හඳුන්වන්නෙකි.
  • රාජා වික්‍රමආරච්චි
රත්නපුර ප්‍රදේශයේ වතු පාලක සුදු ජාතිකයෙකුගේ ශරීර ආරක්ෂකයෙකු ලෙස සේවය කළ අයෙකි. බොක්ෂිං ක්‍රීඩාව හා ද්‍රවිඩ සටන් ක්‍රමයක් (මලයාලම්) හැදෑරුවෙකි. සබරගමු නර්තන ශිල්පියෙක් වන මොහු මලයාලම් සටන් ක්‍රමය හා නර්තනය මුසු කොට නිර්මාණය කර ගත් සටන් ක්‍රමය අංගම් පොර ලෙස හඳුන්වයි.
  • ඉන්ද්‍රලාල් පෙරේරා
ජී.ඒ.ඩී. ලිවේරා නම් ප්‍රකට ෂෝටෝකාන් කරාතේ ගුරුවරයාගේ ගෝලයෙකි. පසුකාලීනව විවිධ කරාටේ ශෛලීන් හැදෑරුවෙකි. විවිධ කරාටේ ශෛලයන්වලින් නිර්මාණය කරගත් ජිට් කුන් කෙන් ඩෝ නමින් ඔහු නිර්මාණය කර ගත් සටන් කලාව අංගම්පොර නමින් හඳුන්වයි.
ඉන්ද්‍රලාල් පෙරේරා සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න  
  • චීනඩි ගුණදාස
බොහෝ කාලයක සිට බත්තරමුල්ල ප්‍රෙද්ශයේ ප්‍රසිද්ධ චීනඩි කරුවෙකි. ඉන්දියාවෙන් මලයාලම් සටන්ද ලංකාවේ චීනඩි ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් චීනඩිද අගෙන ඒවා මිශ්‍ර කොටගෙන උගැන්වූ ඔහුගෙන් වූෂූ ගුරුවරයෙකු වන ප්‍රසන්න ජයවීර පවා චීනඩි ඉගෙන ගෙන තිබේ. අද ඔහු චීනඩි හෝ මලයාලම් නොදන්නා අංගම්පොර ගුරුවරයෙකු බවට පත්වී ඇත.
  • වගීෂ බණ්ඩාර
ජාතික තරුණ සේවා සභාවේ ටයිකුන්ඩෝ , වූෂූ සහ පසුව චීනඩි සටන් ක්‍රමය සහ ඉන්දියාවට ගොස් ඉන්දීය යෝගා ශාස්ත්‍රය ද හැදෑරුවෙකි. මේ සියල්ල මිශ්‍ර කරගත් සටන් කළාව අංගම් පොර ලෙස හඳුන්වයි.
  • සේනක විජේසිංහ
සීවලී වික්‍රමආරච්චිගේ ගෝලයෙකි. වූෂු සහ ජිට් කුන් ‍ඩූ හැදෑරුවෙකි. මේ වන විටත් ජිට් කුන් ඩූ ගුරුවරයෙකි. අංගම් ශාස්ත්‍රය ගැන කිසිවක් නොදත්තතෙකි. දඩුමස්නාමානයේ අංගම් සටන් ලෙස නිර්මාණාත්මක සටනක් රඟපෑම සිදු කළ කෙ‍නෙකි.
සේනක විජේසිංහ සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න  
  • ඔලිවර් හර්මන් (Oliver Herman)
ජර්මන් ජාතිකයෙකි. ඉහත කරුණාපාල නැමැත්තාගෙන උගත්තෙකි. අද ජර්මනියේ ව්‍යාජ අංගම්පොර ගුරුවරයෙකි.
ඔලිවර් හර්මන් (Oliver Herman) සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න  
  • දයා සමරසේකර
ෂෝටෝකාන් කරාටේ ගුරුවරයෙකි. පියාගෙන් චීනඩි ශිල්පය හැදෑරුවෙකි. මෙම සටන් ක්‍රම දෙක අංගම්පොර නමින් මිශ්‍ර කර ගත් අයෙකි.
දයා සමරසේකර සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න  
  • ප්‍රේමසිරි
ඉහත කරුණාපාලගේ කණ්ඩායමේ සාමාජිකයෙකි. අර්ධ වශයෙන් චීනඩි ශාස්ත්‍රය හැදෑරුවෙකි.
ප්‍රේමසිරි සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න  
  • ජයන්ත මාස්ටර්
චීනඩි සහ වූෂු හැදෑරුවෙකි. මෙහි මිශ්‍රණය අංගම්පොර නමින් උගන්වන්නෙකි.
ජයන්ත මාස්ටර් සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න 
  • රන්ජිත් අතලේ
වූෂු ගුරුවරයෙකි. වූෂු හා චීන සටන් පිළිබඳව නොවටිනා පොත් බොහෝමයක් ලියා ඇත්තෙකි. හිටිඅඩියේ ප්‍රසිද්ධිය තකා, දැරණියගල මහතාගේ "ත්‍රාස්‍ය ජන ක්‍රීඩා" පොතට පින්සිදුවන්නට අංගම්පොර කරුවෙකු බවට පත් වූවෙකි.